පසුගියදා නිමාවට පත්වූ ‘ඉන්දීය ප්රීමියර් ලීඝ්’ තරගාවලියේදී ප්රිති සින්ටාගේ හිමිකාරීත්වය ඇති ‘කිංග්ස් ඉලෙවන් පන්ජාබ්’ කණ්ඩායම අවසන් තරග සඳහා එක්වීමට පෙර තරගාවලියෙන් ඉවත් විය. මෙම තරගාවලිය ආරම්භ වූදා පටන් ප්රිතිගේ කණ්ඩායමට අවසන් තරග සඳහා එක්වීමට නොහැකි වූ අතර, ප්රිති පවසන්නේ මෙවර ඒ අවස්ථාව සපුරා ගන්නට බොහෝ ඉඩකඩ තිබු බවය.
‘මම මගේ කණ්ඩායම ගැන ගොඩක් සතුටු වෙනවා. අශ්වින් ඇතුළු ක්රීඩකයන් මේ තරගවලියේදී හොඳිම්න ක්රීඩා කළා. විශේෂයෙන්ම කොදෙව් සුපිරි පිතිකරු ක්රිස් ගේල් වගේම ආරම්භක පිතිකරු ලොකේස් රාහුල්. නමුත්, අපි අවාසනාවන්ත වුණේ අවසන් තරග කිහිපය ජයගන්න නොහැකි වීම හරහා අවසන් තරග සඳහා එකතු වන්න තිබුණ අවස්ථාව මඟ හැරුණ එක ගැනයි.’