Skip to main content

ඇන්ටිගේ පැටලිලි නිසා නිලන්ති එක්ක දුම්මල වරම ට ගිය රජිතට වෙච්ච දේ

 රජිත මතකද නිලන්තිගේයි ඔයාගේයි මේ යාළුකම ඇති වෙන්න මුලින්ම මුණගැහුණු කාලය එහෙම…?
ඔව්… ඔව්… හොඳට මතකයි. මම මේ ෆීල්ඩ් එකට එන්න කලින්ම තමයි නිලන්ති ෆීල්ඩ් එකට ඇවිත් තිබුණා. ඒ නිසා මම රෑපවාහිණියෙන් එහෙම නිලන්තිව දැකලා තිබුණා.

හැබැයි එතකොට නම් මගේ හොඳම මිතුරිය නිලන්ති වෙයි කියලා හිතුවේ නැහැ. මගේ මංගල චිත්‍රපටය වුණු “දවල් මිගෙල් රූ දනියෙල්” චිත්‍රපටයේ මුහුරත් උළෙලේ හොටෙල් සෆයාර් එකට සහභාගි වුණා.
එතකොට මම අලුත්ම අලුත් නළුවෙක්. තට්ටුගෙවල්වල කොටස් හතරක් පහක් රඟපාලා තිබුණා. නළු නිළියෝ අතර මම බොහෝම ආධුනිකයෙක්. ඒ වෙනකොට එතනදී මාව කවුරැත් එහෙම ලොකුවට එතන ගණන් ගත්තේ නැහැ. මම ඒ කාලේ අලුත් එකෙක්නේ. ඉතින්… මට ඒ නොගැලපෙනවා වගේ හිතුණු තැනේ කෙළවර මේසයක තනියම වාඩිවෙලා හිටියා.
ඔය වෙලාවේදී නිලන්ති එයාගේ අම්මත් එක්ක ඇවිත් මාව දැකලා “ආ… කොහොම ද අපි ඔයාව ටී.වී. එකේ දැකලා තියනවා…” කියලා මාත් එක්ක කතා කරලා එයාලා වාඩි වුණු මේසෙට මටත් කතා කළා. ඊට පස්සේ මට හිතට පොඩි හයියක් ආවා.
කෙහොම හරි මුහුරත් උළෙලේ පහන පත්තු කරද්දී මට නිලන්ති එක්ක තමයි පහන පත්තු කරන්න ආරාධනා කළේ. ජීවිතේ මුහුරත් උළෙලක මුල්ම වතාවට පහන පත්තු කරන්න ආරාධනා ලැබුණෙත් නිලන්ති එක්කම තමයි. එදා ඉඳන් නිලන්ති මගේ හොඳම යෙහෙළිය වුණා.

නිලන්ති මිතුරියක් විදිහට කොයිවගේ කෙනෙක්ද…?
මට හොඳ හිතවත් රංගන ශිල්පිනියන් ගොඩාක් ඉන්නවා. ඒ අතරින් නිලන්ති මට හොඳ යෙහෙළියක්. නිලන්ති කවදාවත් අනුන්ගේ කිසිම දෙයක් හොයලා නැහැ. අනිත් අයව කපාගෙන තමන් ඉස්මතු වෙන්න ඕනේ කියන සිතුවිල්ල නිලන්තිගේ හිතේ කොනකවත් නැහැ.
නිලන්ති තමන්ගේ පාඩුවේ තමන්ට වැඩක් ලැබුණොත් ඒ දේ හරියට කරන කෙනෙක්. කැපීපෙනීමේ ආසාව නිලන්තිට නැහැ. නිලන්ති කවදාවත් අවස්ථාවාදී කෙනෙක් නෙවෙයි.
නිලන්ති හැමවෙලේම සිනාමුසු මුහුණෙන් ඉන්න කෙනෙක්නේ…?
ඔව්… එයා හැමවෙලේම හරිම සතුටින් ඉන්න කැමති කෙනෙක්. මගෙත් හිටපු ගමන් මගේ මිතුරැ මිතුරියන් ජිල්මාට්වලට අහුවෙනවනේ. හැබැයි මම හිතන විදිහට මගේ ජිල්මාට්වලට අහුවුණු නැති එකම කෙනාත් නිලන්තිම තමයි.
හිනාවෙලා හිටියට නිලන්ති සැබෑ ජීවිතේ දී හරි බැරෑරැම් චරිතයක්. අපි කතා කළොත් කතා කරන්නේ වැඩක් ගැන හරි ප්‍රශ්නයක් ගැන හරිනේ. එතකොට එයා තමයි උපදෙස් දෙන්නේ. ඉතින් කොහොමද එයාව බයිට් කරන්නේ. තාමත් නිලන්තිට ජල්තරයක් දීගන්න බැරිවුණා.
ඔය කාලේදී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති නේද…?
ඔව්… ඔව්… එහෙම වෙලා තියෙනවා. ඒ කාලේ අපි “දුම්මල වරම” කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒකේදී නිලන්තියි මමයි දෙන්නම රඟපෑවා. ඉස්සර නිලන්තිගේ අම්මා තමයි හැමදේම හොයලා බලලා කරන්නේ. ඉතින් ඇන්ටිට පැටලිලා “දුම්මල වරම” වේදිකා නාට්‍යය මහරගම වේදිකා ගත කරන දවසේම මොරටුවේ ඩාන්සින් ෂෝ එකකුත් බාර අරගෙන තිබුණා. දැන් දෙකෙන් එකකටවත් පොලු තියන්න බැහැනේ.
ඉතින් දැන් ඇන්ටි බය වෙලා. “අනේ පුතේ… ඔයත් කියන්න මේ ෂෝ එකේ ඔයත් ඉන්නවා කියලා කියන්න.” කිව්වා. ඉතින් දැන් මම නිලන්තිව බේරගන්න ඕන නිසා වේදිකා නාට්‍යය තුනහමාරට රඟපාලා දුවලා ගිහින් නිලන්තිගේ තාත්තාගේ වාහනයට නැග්ගා. අපි වාහනය ඇතුළේ තමයි ඇඳුම් මාරැ කළේ. කොහොම හරි ඉක්මනටම මොරටුවට ගිහින් අපේ නැටුම අපි නටලා ආයේ අනිත් අතට “දුම්මල වරම” හයයි තිහේ වේදිකා නාට්‍යයට මහරගමට ආවා. ඔන්න ඔහොම තමයි නිලන්තිගේ පැටලිලිවලට මම හවුල් වුණේ. තව පොඩ්ඩෙන් වැඩ දෙකම හබක්.
නිලන්තිට කේන්ති යනවද…?
නිලන්තිට ඉඳලා හිටලා කේන්ති යනවා. හැබැයි කවදාවක් කේන්ති ගියාට ඒ කේන්තිය පිටකරන්නේ නැහැ. මාත් එක්කල නම් නිලන්තිට කේන්ති ගිහින්ම නෑ… නිලන්ති කේන්ති ගියාම නිලන්තිගේ ඇස්වලින් හඳුනාගන්න පුළුවන්. ඒ වෙලාවට ඇස්වල පොඩි තෙත ගතියක් වගේ තියෙනවා. එතකොට එයාට කේන්ති ගිහින් හරි මොකක් හරි ප්‍රශ්නයක හරි කියලා දැනගන්න පුළුවන්.
රජිත ඇත්ත කියන්න නිලන්ති එක්ක යාළුවෙක් විදිහට තරහ වෙලාම නැද්ද…?
අනේ නැහැ. එහෙම නම් තරහා වෙලා නැහැ. මොකද නිලන්ති කියන්නේ කිසිම තරහක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවේ. අනික අපි මොකට කියලා තරහා වෙන්නද… නිලන්ති රංගන ශිල්පිනියක් වුණාට හොඳ නර්තන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට නිලන්ති එන්නෙත් නර්තන ශිල්පිනියක් වීමෙන්.
හැබැයි කිසිම දවසක නිලන්ති ඒ නර්තන ශිල්පිනිය නිසා ඔළුව උදුම්මවා ගත්තේ නැහැ. අපි එක්තරා නර්තන තරගාවලියකටත් සහභාගී වුණා. ඒ වෙලාවේ වුණත් නිලන්ති එයා ඉස්මතු වෙන්න දැගලුවේ නැහැ. ප්‍රසංගයකදී වුණත් “මට තව අයිටම් එකක් ඕනේ” කියලා කවදාවත් කියලා නැහැ.
කණ්ඩායමක් විදිහට අපි ඒ දේවල් තීරණය කරද්දී නිලන්ති පැත්තකට වෙලා බලාගෙන ඉඳලා “දැන් මම මොනවද කරන්නෝනේ” කියලා අහලා. ඒ දේ කළාට කවදාවත් “මට ඔය වැඩේ හොඳට පුළුවන් මම කරන්නම්.” කියලා කියන්නේ නම් නැහැ.
රජිත එක්ක සහභාගීවෙන වැඩහටහන්වලදී නිලන්තිට කතා කරන්න දෙන්නේ නැත්තේ ඇයි…?
මම…? කවුද කිව්වේ නිලන්ති ද… අනේ එහෙම මම කතා නොකර ඉන්න කිසිම දෙයක් නම් කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය වැඩසටහන්වලට ගියාම මගේ කටට නම් ඉතින් බ්‍රේක් නැති වෙනවනම් තමයි. ඒවගේ වෙලාවට ඔහේ කටට එන හැමදේම කිව්වට පස්සේ නම් ඉතින් කට්ටියම බඩ අල්ලගෙන හිනාවෙනවා නම් තමයි. නිලන්ති ඉතින් හිනාවෙන්න දන්නෙම නැහැ.
හැබැයි ඉතින් ඒවගේ වෙලාවට නිලන්ති නම් කියන්නේ “ඔය කට පොඩ්ඩක් වහගන්නකෝ…” කියලා නේද…?
ඔව්නේ… මොකද ඉතින්… ඒක එයාලා කියන්නේ මට හොඳට නෙමෙයි. හිනාවෙලා… හිනාවෙලා… එයාලගේ හුස්ම හිරවෙයි කියන බයට තමයි මට “කට වහ ගන්නකෝ” කියලා කියන්නේ. හැබැයි සමහර වෙලාවට මට කේන්ති ගිහින් පොඩ්ඩක් මොකක් හරි දේකට කෑ ගැහුවොත් ඔන්න නිලන්ති යාළුවෙක් විදිහට ළඟට ඇවිත් “පොඩ්ඩක් කටවහගෙන ඉන්න” කියලා කියන වෙලාවලුත් තියෙනවා.
නිලන්ති වගේ යාළුවෙක් ජීවිතේට මුණගැසීම ගැන මොකද හිතෙන්නේ…?
නිලන්ති වගේ යාළුවෙක් මගේ ජීවිතයට මුණගැසීම ඇත්තටම ආඩම්බරයක්. මම වගේම තමයි. පවුලක ඉන්න හොඳ නැවියෙක් තමයි නිලන්ති කියන්නේ. එයාගේ පවුල කියන නැව පදවගෙන ගියපු හොඳ නැවියා තමයි නිලන්ති.
මල්ලිලා රස්සාවල් කරන්න කලින් නිලන්ති තමයි එයාගේ පවුල වෙනුවෙන් ගොඩාක්ම වැඩ කළේ. පවුලේ දේවල් වෙනුවෙන් ලොකු බරක්, කාලයක්, නිලන්ති කැප කළා. නිලන්ති එයාලගේ පවුල ඇතුළේ හොඳ කැප්ටන් කෙනෙක්. ඇත්තටම නිලන්ති මට හොඳ මිතුරියක්.
රජිත ගැන නිලන්තිගෙනුත් ඇහුවේ නැත්නම් ඒක ලොකු අඩුවක්නේ. ඒ නිසාම අපි නිලන්තිටත් කතා කළා.
නිලන්ති… ඇත්ත කියන්න… යාළුවෙක් විදිහට රජිත මොන වගේ කෙනෙක් ද?
යාළුවෙක් විදිහට රජිත හරිම හොඳයි. ඕනෑම දෙයක් එක්ක කියන්න පුළුවන්. තේරැම් ගන්නවා. වැඩවලදී වුණත් පුදුම විදිහේ සහයෝගයක් රජිතගෙන් ලැබෙන්නේ. රජිතයි මායි චිත්‍රපට දහයකට වැඩි ප්‍රමාණයක එකට රඟපාලා තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට අපි මුණගැහිලා තියෙනවා.
චිත්‍රපට දහයකටත් වැඩිය දෙන්නා එකට රගපෑවනේ… අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇද්ද…?

අනේ… මෙහෙමයි මට හිතන්නේ රජිතයි මායි චිත්‍රපට පහළොවක විතර එකට රඟපාලා තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ මේ වෙලාවේ ඒ වගේ එකපාරටම මතක් වෙන අමතක නොවන සිදුවීමක් මතක් වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්නම ඕනේ මේ හැම චිත්‍රපටයකම රජිත නිසා හිනාවෙලා හුස්ම හිරවෙන්න ගියපු අවස්ථා නම් ඕන තරම් තියෙනවා.
රජිත කියපු විදිහට කලා ක්ෂේත්‍ර්යේදී ඔහුව ළඟින්ම ඇසුරැ කරපු හොඳම යෙහෙළිය වුණේ නිලන්තියි. රජිතව යාළුවෙක් කරගන්නට තරම් ඔහු ළඟ තිබුණු සුවිශේෂීකම මොකක්ද…?
රජිතව මම මුලින්ම දැක්කේ “තට්ටු ගෙවල්” නාට්‍යයේ පිංපොං විදිහට. එතකොට රජිත හරි පොඩි කෙට්ටු කොල්ලෙක්. “මම තට්ටු ගෙවල්” නාට්‍යය බලලා තිබුණා. කොහොම හරි මගේ දෙවනි චිත්‍රපටය වුණු “දවල් මිගෙල් රූ දනියෙල්” චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී තමයි රජිතව මට මුලින්ම මුණගැහුණේ.
ඊට පස්සේ අපි එදා කතා කළා. ඒ චිත්‍රපටය කළා. ඊට පස්සේ චිත්‍රපට බොහෝමයක අපි රඟපෑවා. රජිත කියන්නේ ගොඩාක් හොඳ යාළුවෙක්. විනෝදයට බර චරිතයක් වුණාට මනුස්සකම් දන්න අපූරැ යාළුවෙක්. මගේ පවුලේ අය එක්ක උනත් රජිත හරි එකතුයි. රජිතගේ බිරිඳ වුණත් හරිම හොඳයි. අපේ ගෙදර උත්සවයකදී වුණත් රජිතලා එනවා. එයාලගේ ගෙදර උත්සවයට වුණත් අපි යනවා.
රජිත හැමවෙලේම ඉන්නේ හිනා වෙලානේ. ඒ වුණාට රජිත කියන්නේ නම් තාමත් නිලන්තිට ලණුවක් දෙන්න බැරිවුණා කියලයි…?
ඔව්… ඔව්… අම්මෝ තාමනම් එහෙම ලණුවක් කෑවේ නැහැ. මම හිතන විදිහට රජිත මට ලණු දෙන්නේ නැහැ. එයා කාටත් බය නැහැ. කියන තියෙන දේ රජිත මුණටම කියනවා. මම රජිත හැමවෙලේම කියන දෙයක් තමයි. “ පොඩ්ඩක් ඔය කට වහගෙන ඉන්නකෝ.” කියලයි. සමහර දවස්වලට මටම බයයි රජිත බයක් නැතිව කතා කරන දේවල් දිහා දැක්කම. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙනවට මම කැමති නැහැ.
රජිතත් එක්ක වැඩසටහනකට ගියත් එදා දවසේ එයාගේ කතා අහලා අපිට හිනාවෙන්න තමයි පටන් ගත්ත වෙලාවේ ඉඳන් කරන්න තියෙන්නේ. අපිට කතා කරන්න ලැබෙන්නේ නැහැ. එයා කියන කතා ටික ඔක්කොම අහගෙන ඉඳලා අපි හිනාවෙලා එනවා.
ළඟකදී නම් විදෙස් සංචාරයකට මම සහභාගී වුණේ නම් නැහැ. ඉස්සර නම් නිතරම ගියා. ඒ ගියාම වේදිකාවේදීත් රජිත හරිම විනෝද චරිතයක්. එයා පිටරට ප්‍රසංගවලට එනවට පවා ඒ රටවල්වල මිනිස්සු හරි කැමතියි.
රජිත රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට එක්වුණත් අද වෙද්දී නර්තනයට, ගායනයට, නිවේදනයට පවා එකතු වෙලා… මේ ගැන මොකද නිලන්ති හිතන්නේ…?
අනිවාර්යයෙන්ම රජිත කියන්නේ හිත හොඳ මනුස්සයෙක් වගේම දක්ෂයෙක්. මොන ක්ෂේත්‍රයේ නියැලුණත් ආකර්ෂණය එයා වෙතට හරවගන්න රජිත දන්නවා. ඇත්තටම රජිත කියන්නේ හරිම දක්ෂ කෙනෙක්.
ඒවගේ යාළුවෙක් ජීවිතයට ළංවුණු එක ගැන ඇත්තටම සතුටුයි. ජීවිතේට සතුටේදීත්, දුකේදීත් යාළුවෙක් කියන කෙනා අවශ්‍යයිනේ.

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල