ඉලීනාට වැළදී තිබූ මානසික රෝගය හැදින්වෙන්නේ බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් යනුවෙනි.
තමා අවලස්සන බැව් සිතා ඒ පිළිබදව පීඩා විදීම මේ රෝගයේ මූලිකම ලක්ෂණය ලෙස හැදින්වෙයි. මෙම රෝගය වැළදුණ අයගෙන් සමහරු නිරන්තරයෙන්ම කණ්ණාඩිය අසළම ගැවසෙන අතර සමහරු කණ්ණාඩිය දෙස බලන්නට බිය වෙති. ගැටවර වියේ සිටම ඉලීනා මෙයින් පීඩා වින්දාය. ප්රතිකාරවලින් පසුව ඇයට ඒ තත්වයෙන් මිදෙන්නට හැකි විය.
‘‘ජනප්රිය කෙනෙක් වුණාම හැමෝගෙම අවධානය යොමු වෙනවා වැඩියි... ඒ හින්දා ලස්සනට අදින්න පළදින්න ඕන තමයි.. ඒත් කෙනෙකුට සතුටු කරන්න බෑ කියලා මම දැන් තේරුම් අරගෙන ඉන්නෙ.. අපි කොච්චර හොදට ඇන්දත් මිනිස්සු වරදක් හොයනවාමයි..’’ ඇය කියන්නීය.
හැමෝම මේ දිනවල ඉලීනා දකින්නට ලැබෙන්නේ රේඞ් චිත්රපටියේය.