Skip to main content

මමත් මට පුළුවන් උපරිම විදිහට මහන්සි වෙනවා රූපය රැකගන්න

නම රූපය කටහඩ කෙනෙකුට මතක තියෙනවා කියන්නේ ඔහු හෝ ඇය ජනප්‍රියයි කියන එකයි. වත්සලා දියලගොඩ ගේ නම ඇහුවත් රූපය දැක්කත් මේ දෙකම නොකියා නොදැක කටහඩ ඇහුනු ගමන් ඒ කවුද කියලා කෙනෙකුට මතක් වෙනවා. ඒ ඇය රංගන ජීවිතය තුල හදාගත් ප්‍රතිරූපයයි. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.


කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතින් කවදත් වගේ කාර්යබහුලයි. පෞද්ගලික ජීවිතෙත්, කලා ජීවිතෙත් එක වගේම කාර්යබහුලව ගත වෙන්නේ.

මොනවද ඒ තරමටම කාර්යබහුල වෙන්න තරම් තියෙන වැඩ?
දැන් අපේ දුවට අවුරුදු හතරයි මාස තුනයි. ඉතින් ඒ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට පෞද්ගලික ජීවිතේ උපරිම කාර්යබහුලයි. මොකද එයා දැන් නර්සරි යනවා. ඉතින් නිතරම එයා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන. තවම නොතේරෙන වයස නිසා. ඒ වගේම  විකාශය වන ටෙලි නාට්‍යයක  රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම තවත් නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. තව ඉතින් ලැබෙන ආරාධනා අනුව කලා කටයුතුවලට සහභාගි වෙනවා.

වැඩි ඉඩක් දීලා තියෙන්නේ පෞද්ගලික ජීවිතේටද? කලා ජීවිතේටද?
අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතේට. මොකද මට මගේ ජීවිතේ මේ ගෙවෙන හැම අවස්ථාවක්ම ගොඩක් වටිනවා. ඒ දේවල් මගහැරගෙන කලාවට විතරක් වැඩි ඉඩක් දෙන්න මට පුළුවන්කමක් නැහැ.

රියැලිටි ෂෝවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා ලැබෙනවා. නමුත් ඒක ලොකු වගකීමක් වගේම සෑහෙන මහන්සියෙන් කරන්න ඕන දෙයක්. රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්න වෙනවා. ඉතින් එහෙම බලනකොට රියැලිටි ෂෝවලට සහභාගි වෙන එක මට ටිකක් අමාරු කාර්යයක්.

දෝණිගේ තනියට තවත් කෙනෙක්ව පවුලට එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද?
තවම ඒ ගැන නම් අදහසක් නෑ.

දූ කියන්නේ නැද්ද එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඕන කියලා?
එයා නම් ඉතින් කියනවා. පාළුයි මට නංගි කෙනෙක් ඕන, මල්ලි කෙනෙක් ඕන කියලා.

රූපය ගැන නම් විශේෂයෙන්ම හිතනවා වගේ?
ඔව්. කවුරුත් ඉතින් කැමතියිනේ ලස්සනට ඉන්න. මමත් මට පුළුවන් උපරිම විදිහට මහන්සි වෙනවා රූපය රැකගන්න. විශේෂයෙන්ම බර අඩුකර ගන්න තමයි මහන්සි වෙන්නේ. කෑම පාලනය කරනවා, ව්‍යායාම කරනවා. පුළුවන් තරම් පරිස්සමින් මේ රූපය රැකගන්න උපරිම උත්සාහ කරනවා.

සිනමාව ඔබට මගහැරුණේ ඇයි?
සිනමාවට ආරාධනා නොලැබෙන්න හේතුව නම් මම දන්නේ නැහැ. මීට අවුරුදු තුනකට හතරකට කලින් ආරාධනාවක් ලැබුණා. නමුත් බබා නිසා ඒ අවස්ථාව මගහැරුණා. බලමු ඉතින් තවම කාලය තියෙනවා. ඉදිරියේදි අවස්ථාව ලැබෙයි.

අක්කටයි, නංගිටයි එකට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නැද්ද?
තවම එහෙම ආරාධනාවක් අපිට ලැබිලා නැහැ. හැබැයි කවුරු හරි එහෙම අවස්ථාවක් ලබාදෙයි කියලා බලා‍පොරොත්තුවක් තියෙනවා. එහෙම ආරාධනාවක් ලැබුණොත් ගොඩක් ආසාවෙන් ඉන්නේ නංගිත් එක්ක එකට රඟපාන්න.

දෝණිට ආරාධනා ලැබිලා නැද්ද රඟපාන්න?
එයාව නම් චූටි දවස්වලමයි ඉල්ලන්නේ. ගොඩක්ම වෙළෙඳ දැන්වීම්වලට තමයි දූව ඉල්ලන්නේ. නමුත් මම කැමති නෑ දැන්ම එයා මේ දේවල්වලට යොමුකරවන්න.

දූටත් අම්මා වගේ වෙන්න ඕන කීවොත් දවසක?
මම හිතන්නේ හැම දේකටම කලින් තමන් තෘප්තිමත් වෙන්න අවශ්‍යයි. දවසක දූත් එයා ගැන හොඳටම තෘප්තිමත් වෙන තැනට ඇවිත් එයාට ගැළපෙනවා කියන හිතන වෘත්තිය තෝරා ගනීවි. එතකොට අනිත් අයව සතුටු කරනවා වගේම එයාටත් එයාගේ වෘත්තිය විඳින්න පුළුවන් වේවි. ඒ නිසා කිසිම බලපෑමක් නොකර එයාට ශක්තියක් වෙන එකයි මම කරන්නේ.

ව්‍යාපාර ක්ෂේත්‍රයට එහෙම යොමුවෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?
ව්‍යාපාරයක් කරගෙන යන්න ආසයි. හැබැයි ඒ අද හෙටම නොවෙයි. නමුත් කවදාහරි දවසක මගෙයි නංගිගෙයි එකතුවෙන් ව්‍යාපාරයක් ආරම්භ වේවි.

හැමදාම වත්සලා කියන රංගන ශිල්පිනියව දකින්න ලැබෙයි නේද ඔබේ රසිකයන්ට?
ඔව්. මම රංගනයෙන් නම් ඈත් වෙන්නේ නැහැ. මොකද මම කලාවට ගොඩක් ආදරෙයි. සමහර අවස්ථා එනවා කාර්යබහුලත්වය වැඩි වුණාම පුංචි පුංචි ප්‍රශ්න එන. ඒත් කලාව නම් මට මගහැරෙන එකක් නැහැ.

අනාගත සැලසුම් මොනවාද?
ආරාධනා ලැබෙන විදියට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා. පෞද්ගලික ජීවිතෙත් මේ වගේම සතුටින් ගත කරන්නයි හැමදාම බලා‍පොරොත්තු වෙන්නේ. ලොකු ලොකු හීන නම් නෑ. මම හිතනවා මට හැමදේම ලැබිලා තියෙනවා කියලා. ඉතින් ජීවිතේ ගැන මම තෘප්තිමත් වගේම සෑහීමකට පත්වෙනවා.

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :