Skip to main content

සැබෑ ලස්සන තියෙන්න ඕනෑ මුහුණේ නෙවෙයි හදවතේ

2018-06-25-ent-47
‘‘නටාෂා හප්පාවන’’ ගැන වැඩි දෙනෙක් මුලින්ම කතා කරන්න පටන් ගත්තේ 2004 දී විවාහක රූ රැුජින කිරුළ දිනූ නිසායි. ඉන්පසුව ලෝක රූ රැුජින (විවාහක) ඇමරිකාවේ පැවැති තරඟයේදී ඇය දෙවැනි ස්ථානය දිනාගත් අතර තවත් උප ජයග‍්‍රහණ ද්විත්වයක් ලබා ගත්තාය. ඉතික්බිතිව ස්වර්ණවාහිනියේ හිරුපොකුර හරහා නිවේදනයට එක්වූ ඇය රූපවාහිනියේ වැඩසටහනක් වෙනුවෙන්ද නිවේදනයෙන් එක්වූවාය. ඊට අමතරව නිරූපිකාවක ලෙසද කටයුතු කළ නටාෂා වත්මනහි වැඩි වශයෙන්ම දායක වන්නේ රූ රැුජින තරඟ විනිශ්චය සඳහාය. ඒත් එක්කම නැවතත් ඇය කලාවට පැමිණ අලූත් වැඩක් කරන්නට යන බව සඳහන් කරන්නීය. මොකක්ද මේ අලූත් වැඩය. ‘නටාෂා’ සැදැල්ලට ඒ ගැන කීවේ මෙලෙසිනි.

නටාෂා පසුගිය කාලයේදී මොනවද කළෙ?2018-06-25-ent-49
අවුරුදු 7 ක්ම වගේ සියලූ කලා කටයුතු වලින් ඈත්වෙලා හිටියා.

දැන් ඒ විරාමයට සමුදුන්නාද?
ඔව්, දැන් නැවතත් ක්ෂේත‍්‍රයට ආ යුතුය කියලා හිතුවා. මේ දිනවල වැඩිපුරම දායක වන්නේ රූ රැුජින විනිශ්චය වෙනුවෙනුයි.

ඊට අමතරව.
මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. වෙඩින් සහ උත්සව සැළසුම්කරන ආයතනයක්.

රඟපෑමට ආරාධනා නැද්ද?
ඒ කාලයේ ඉඳලාම නිතර ආරාධනා ලැබුණා. අදත් එහෙමයි.

ඉතින් ඒවාට නොයන්නෙ?
දැන් දැන් ඒ ගැන හිතන්න පටන් ගෙන. පිටපත් දෙකක්ම ලැබී තිබෙනවා. ප‍්‍රවීණ අධ්‍යක්ෂකවරයකු වන සුදත් දේවප‍්‍රියගේ නිර්මාණයකට බොහෝදුරට එක්වේවි.

නිරූපන කටයුතුවලට දැන් දායක වන්නේ නැද්ද?
ඉස්සර දැන්වීම් වලට පෙනී සිටියා. හැබැයි තෝරා බේරාගෙන තමයි පෙනී හිටියේ. හොඳට හොයලා බලලා මට ගැලපෙන දෙයක් නම් ඊට සම්බන්ධ වෙනවා. රඟපෑමට වුණත් මට කාලය වැය කරන්න වෙන්නෙ අගෝස්තු නිවාඩුවෙදියි. ඉතින් මම ඒ ගැන සොයලා බලලා තමයි කටයුතු කරන්නෙ. දැන් තමයි බොහෝ දෙනා දන්නෙ. මම ආයෙත් ක්ෂේත‍්‍රයට ඇවිල්ලා කියලා. ඉතින් දැන් තමයි කලා කටයුතුවලට ආරාධනා ගොඩාක් ලැබෙන්නෙ.

‘නටාෂා’ එදාටත් වඩා ලස්සනයි කියලා කිව්වොත්.
මට හිතන්නෙ මම එදාට වඩා පෙනුමින් වයසට ගිහිල්ලා.

ලස්සන වෙන්න මොනවද කරන්නෙ.
දිනපතා ව්‍යායාම වගේම, ආහාර පාලනයක් ඇතිව ගන්නවා.

ලස්සන යනු?
සැබෑ ලස්සන මුහුණීන් පෙනෙන්නට නම් හදවතේ සහ තමා කරන ක‍්‍රියාවන් ලස්සන වෙන්නට ඕනෑ. සැබෑ ලස්සන මතු වෙන්නෙ එවිටයි. ක‍්‍රියාවෙන් ලස්සන පෙන්වීම තමයි වඩා හොඳ.

ආගමට දහමට ලැදිද?
මම බෞද්ධ. බෞද්ධ දර්ශනයට බෙහෙවින් ගරුකරනවා. මම හොඳම හොඳ බෞද්ධයෙක්. හැබැයි සෑම ආගමක්ම විශ්වාස කරන කෙනෙක්.

හොඳමට හොඳ බෞද්ධයෙක් ලෙස මොනවාද කරන්නේ.
පින් දහම් කරනවා. දන් දෙන්න මම හරිම කැමැතියි. මගේ ඇස් දෙක පවා දන් දීමට ලියා දීලා ඉවරයි. පොසොන් පෝයට වගේම අනෙකුත් පෝය දිනවලදී කැළණි විහාරයට ගිහින්. ඒ අවට සිටින දුගී යාචකයින්ට දන්දීම කරනවා. ඒක මගේ පුරුද්දක් වෙලා. අඟහරුවාදා වගේ දිනවලට කොච්චිකඬේ ශාන්ත අන්තෝනි පල්ලිය අසලට ගොස් ඒ අවට සිටින යාචකයින්ට ආහාරපාන ලබා දීම කරනවා. එයින් මම ලබන සතුට අපමණයි.

නටාෂාට ජීවිතය දැනෙන්නෙ කොහොමද?
වෙලාවකට නොහිතපු විදියට දේ සිදුවන පුදුමකරවන මහා පුදුම දෙයක්. හරි පුදුම දෙයක් කිව්වොත් හරි. ජීවිතය යනු ඇත්තටම පුදුමයක්.

‘නටාෂා’ මොන විදියේ කෙනෙක්ද?
හරි ඉක්මනට මිනිසුන්ට විශ්වාස කරන හරිම සංවේදී චරිතයක්. නමුත් මිනිස්සු විශ්වාසය කඩ කළාම බොහෝම දුක්වන කෙනෙක්. එතකොට මට හිත හදා ගන්න අමාරුයි. ඉක්මනට හිත උණුවන චරිතයක්. ඒ හිත නැවත දැඩිකර ගන්න නම් හරිම අමාරුයි.

‘සිල්’ අරගෙන තියෙනවාද?
පාසල් කාලයේදී සිල් ගත්තා. දැන් මගේ ලොකු ආසාවක් ආරාමයකට ගිහින් සිල් ගන්න. ඒ වගේම භාවනා කරන්න.

හැඩ ගැන්වීම් - නුවන් විජේතුංග
විලාසිතා නිර්මාණය - කණිෂ්ක සඟබෝ ඩයස්
සටහන / ඡායාරූප-සඳුන් ගමගේ

 2018-06-25-ent-48

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :