ඉන්දියාව අපිරිසිදු රටක් ලෙස අනෙක් රටවල් අතර හැඳින්වීම නොරිස්සූ අගමැති නරේන්ද්‍ර මෝඩි එය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ඇරඹුවේය.
බොලිවුඩයේ ඇත්තෝ එම වැඩ සටහනට සහයෝගය දෙනවා පමණක් නොව ඔවුන් අවට අයට බලපෑම් කරන්නට ද පෙළඹී සිටිති.
සුඛෝපභෝගී වාහනයක යන ගමන් පාරට කුණු විසි කර දැමීම එරටත් දකින්නට ලැබෙන සුලබ සිද්ධියකි. අනුෂ්කා ශර්මා සහ විරාත් කෝලි ගමනක් යද්දී ඔවුන්ටත් මෙවන් සිද්ධියක් දකින්නට ලැබිණි. වහාම සිය කාරය නැවැත්වූ අනුෂ්කා පාරට කුණු විසි කළ කාරයේ සිටි අයට තරවටු කළා පමණක් නොව ඔවුන් ගේ වරදත් පහදා දුන්නාය.
‘‘සුඛෝපභෝගී වාහනවලින් ගියාට මොළේ කළඳක් නෑ.. එහෙම තිබ්බා නම් මේ වගේ දේවල් කරයි ද..? තමන්ගෙ රට පිරිසිදුව තියා ගන්න තමන් දැන ගන්න ඕන.. මේ වගේ අකටයුත්තක් දැක්කම කවුරුවත් අහක බලාගෙන යන්න එපා.. වරද කරපු තැනැත්තා අල්ලාගෙන ඔහුට තමන්ගෙ වරද පහදලා දෙන්න..’’
සමාජ වෙබ් අඩවි හරහා විරාත් කෝලි ඉල්ලා තිබිණි.