Skip to main content

මම විඳවනවා -හොඳටම මට්‌ටුවෙලා ආදරය එපා කියන තැන තමයි ඉන්නේ

වස්‌සානයේ සඳ හරහා සිනමාවට පෑයූ පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහට ලක්‌වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන් එකකුත් පටන්ගන්නවාලු. සැලෝන් එක ගැන වගේම වස්‌සානයේ සඳ ගැන අහන්න ගත්තහම පියුමි අපිත් එක්‌ක හතර වටේට දොස්‌ කියන්න ගත්තා.


පියුමි හංසමාලිට වස්‌සානයේ සඳ පායලා වගෙයි ?

ඇත්තටම වස්‌සානයේ සඳ චිත්‍රපටය හින්දා ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොහේ ගියත් චිත්‍රපටය හින්දා මිනිස්‌සු මං ගැන කතාබහ වෙනවා.

උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන මොකද හිතන්නේ ?

ඒක මම ලබපු වාසනාවක්‌. මම හිතනවා මම හරි ලකී කියලා.

වස්‌සානයේ සඳ චිත්‍රපටයේ නම් පියුම් හරි අහිංසකයි ?

මම හිතන විදිහට අහිංසක චරිතත් රඟපාන්න පුළුවන්. මිනිස්‌සු මට නෙමෙයි ආදරය කළේ මිහිරිට.

සැබෑ ජීවිතයේ පියුමි මිහිරි වගේ නෙමෙයිද?

චුට්‌ටක්‌ දඟකාරයි. ලොකු ෙච්න්ඡ් එකක්‌ නැහැ.

පියුමිට සැබෑවටත් මිහිරි වගේ ඉන්න බැරිද?

එහෙම අහිංසක වෙන්න ඕනෑ නැහැ. මේ මම ඉන්න විදිහ හොඳටම හොඳයි. සැබෑ ජීවිතයෙත් මම ඇත්තටම අහිංසකයි. මිනිස්‌සු මාව මනින්නේ අඳින පළඳින විදිහටනේ. අනික මම අහිංසකද නැතිද කියලා මිනිස්‌සුන්ට පෙන්වන්න වුවමනාවක්‌ නැහැ.

චන්දිමාල්ගේ පාටියේ ඇඳපු ඇඳුම හින්දත් පියුමි හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා?

පසුගිය කාලේ මිනිස්‌සු චන්දිමාල්ගේ රෝයල් පාටියට ඇඳපු ඇඳුම ගැන කතා කරනවා. ඇයි පියුමි හංසමාලි රඟපාන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ගැන කතා කරන්නේ නැත්තේ.

පියුමිට ඒ ඇඳුම ගැලපෙන්නේ නැහැ කියලා හිතුණේ නැතිද?

ඒ කියන්නේ මිනිස්‌සු ඒ තරමටම පහත් තත්ත්වයට වැටිලා. වස්‌සානයේ සඳ වැනි හොඳ නිර්මාණයක්‌ ගැන කතා නොකර මේ ඇඳුමක්‌ දිහා එල්ලි එල්ලි නටන්නේ චීත්ත අඳින නිවේදකයෝ. හරිම ලැඡ්ජයි. ගැහැණියකගේ ඇඳුමක්‌ අල්ලාගෙන දඟලනවා.

පියුමි හංසමාලිට චිත්‍රපට රැසකට ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?

චිත්‍රපට ගොඩකට ආරාධනා ලැබුණා. මම ඒ එකක්‌වත් භාර ගත්තේ නැහැ.

ඇයි ඒ ?

මම ගොඩක්‌ කාර්යබහුලයි. චිත්‍රපට භාරගෙන කරන්න වෙලාවක්‌ නැහැ. හොඳයි කියලා හිතුණොත් විතරක්‌ මම රඟපානවා.

පියුමි ව්‍යාපාරිකාවක්‌ කියලද කියන්නේ ?

තවම නැහැ. එහෙම වෙන්න තමයි සූදානම් වෙන්නේ.

ළඟදීම සැලෝන් එක පටන්ගන්නවාද?

දැන්ම ඒ ගැන වැඩි විස්‌තර වුවමනා නැහැ. වෙලාව ආවහම හැමදේම කියන්නම්.

පියුමි හංසමාලි පෙම්වතියක්‌ කියලත් කතා පැතිරයනවා?

අනේ සැබෑ ජීවිතයේ ඔය වගේ ආරංචි පැතිරුණාට මම පෙම්වතියක්‌ නෙමෙයි. තවම තනිකඩයි. කෙනෙකුට හිතින් ආදරය කරනවා.

පියුමි දැන් ආදරය විඳින්නේ නැහැ ?

නැහැ. මම විඳවනවා.

ඇයි එහෙම කියන්නේ ?

ජීවිතයේ විඳීම් විඳවීම් කියන දෙකම තියෙනවානේ. කාලයත් හොඳටම ආදරය වින්දා. දැන් ඒකෙන් හොඳටම මට්‌ටුවෙලා ආදරය එපා කියන තැන තමයි ඉන්නේ. පෙම්වතියක්‌ නෙමෙයි. ඒක ලොකුවටම දාන්න.

ආයෙමත් විවාහයක්‌ ගැන හිතන්නේ නැහැ ?

තව අවුරුද්දකින් දෙකකින් විතර ඒ ගැන කතා කරමු නේද?

සැලෝන් එකක්‌ පටන් ගත්තේ වෘත්තීය නිළියක්‌ වෙන්න කැමැති නැතිද?

නැහැ. මම ආසා නැහැ.

එහෙනම් රඟපෑමට ආවේ ඇයි ?

මගේ වෘත්තිය මෝස්‌තර නිරූපණය. රඟපාන්න, ජනප්‍රිය වෙන්න මගේ හිතේ තිබුණ ආසාවන් නෙමෙයි. උදයකාන්ත අයියා චිත්‍රපටයට කතා කළා. ආසාවෙන් භාරගත්තා මිසක්‌ මම වෘත්තීය නිළියක්‌ කියන තැන නැහැ.

නිරූපණයෙනුත් ඈත්වෙලාද?

මම නිරූපණයෙනුත් ඈත්වුණා. බොහොම සයිලන්ස්‌ එකේ පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්නවා.

ඇයි මේ සයිලන්ස්‌ වෙලා ?

මොඩ්ලින්වලින් මම ජාත්‍යන්තරයට ගියා. ඉතිsං මට ඇති. මොඩ්ලින්වල වගේ නෙමෙයි චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ටිකක්‌ අමාරුයි. අපිව වැඩකට ගන්න ගියොත් එක එක නිළියෝ අධ්‍යක්‍ෂවරුන්ට කියනවා අනේ ඒ නිළිය ගන්න එපා කියලා. කලකිරිලා තියෙන්නේ. අධ්‍යක්‍ෂකට ඕනෑනම් පියුමි හංසමාලිව දාලා චිත්‍රපටයක්‌ කරන්න ඒ අධ්‍යක්‍ෂවරයා මාව ගනීවි. නැතිව මේ සමහර මුට්‌ටි අල්ලන නිළියෝ එක්‌ක නම් රඟපාන්න හරිම අමාරුයි.

පියුමිට නිළියන්ගෙන් කැපිලි තියෙන පාටයි ?

අපොයි ගොඩක්‌ කැපිලි කෙටිලි තියෙනවා. ඕනෑ කෙනෙකුට තරහකාරයෝ ඉන්නවා. මට තරහකාරයෝ වැඩියි.

ඇයි මේ තරහකාරයෝ වැඩි ?

මම දන්නේ නැහැ. හැබැයි මම වැඩිය රඟපාන්නෙත් නෑ. මම හරි ජනප්‍රියයි. ගොඩක්‌ කට්‌ටිය මං ගැන හොයනවා.

පියුමි රඟපාන්න ආවාට ගොඩක්‌ නිළියෝ කැමැති නැහැ. එහෙමද?

කැමැති නැහැ. මොකද මේ චිත්‍රපටයටත් මට ගොඩක්‌ කැපිලි තිබුණා.

ඒක හින්දාද මේ දේවල් පැත්තකට දාලා සැලෝන් එකක්‌ පටන් ගන්න හිතුවේ ?

එහෙම නැහැ. මම අකැමැති කට්‌ටිය ගැන කොහෙත්ම අදාලත්වයක්‌ නැහැ. මම පියුමි හංසමාලිනේ. රඟපාන කට්‌ටිය රඟපාලා ජීවත්වෙච්චාවේ. මට ඒක කොහෙත්ම අදාලත්වයක්‌ නැහැ. මට කලකිරෙන්නේ මිනිස්‌සු ගැන.

මේ ඔක්‌කොම ප්‍රශ්න ඔයාගේ කටහින්දා කියලත් කියනවා?

ඒ මගේ විදිහ.

හැසිරෙන විදිහ වෙනස්‌ කළානම් හොඳයි නේද?

කොහෙත්ම නැහැ. මගෙත් එක්‌ක හරියට කතා කළොත් මම ඒ මනුස්‌සයා එක්‌ක හරියට කතා කරනවා. බොරු දේවල් අනවශ්‍ය ප්‍රශ්න අහන්න ගත්තොත් මට කේන්ති යනවා. මාව ආශ්‍රය කරන අය දන්නවා පියුමි හංසමාලි කියන්නේ කවුද කියලා. ලෝකයාට පෙන්වන්න වුවමනා නැහැ මම කවුද කියලා.

දිනේෂ් විතාන

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :