Skip to main content

මට කරන්න බැරි දෙයක් කරන්නේ නැහැ

ටනාෂා වැඩිපුර කැමැති සිනමාවටද පුංචි තිරයටද?

මම හිතාගෙන හිටියේ චිත්‍රපට විතරක් කරන්න. ඒත් නීල පබළු හරි ලස්සන කතාවක්. ඒ වගේම මේ නාට්‍ය ගොඩක් අය බලන වෙලාවක විකාශය වීම කියන කාරණා එක්ක නීල පබළු ටෙලි නාට්‍ය කරනවා කියලා හිතුවා.

ටෙලි තිරයේ පෙනෙන මුහුණු සිනමා නිර්මාණවලට ගන්න සමහර අධ්‍යක්ෂවරු කැමැති නැහැ. එතකොට ටනාෂාගේ අගයත් සිනමා අධ්‍යක්ෂවරුන්ට අඩු වෙයිද?

මම තෝරා බේරා ගැනීමක් එක්ක වැඩ කරන්නේ. නීල පබළු ටෙලි නාට්‍ය කරන ගමන් වෙනත් ටෙලි නාට්‍ය කරන්නත් මගේ අදහසක් නැහැ.

මේ දවස්වල ටෙලි තිරයේ පේන්න ඉන්න ටනාෂා අහිංසක චරිතයක්. හැබැයි කුරුළුට වඩා සැබෑ ජීවිතයේ ටනාෂා වෙනස් ඇති නේද?

මමත් වෙලාවකට කුරුළු වගේ අහිංසකයි. කුරුළු කවුරු හරි බැන්නත් අහගෙන ඉන්නවා. ඕන බැනුමක් අහගෙන ඉන්නවා. සැබෑ ජීවිතයේ මම කුරුළු තරම් අහිංසක නැහැ. ඒ වගේම සැබෑ ජීවිතයේ මම නිරූපිකාවක්. ඉතිං මම කුරුළු වගේ නෙවෙයි. මම ෆැෂන් කරනවා.

සිනමාවේ අලුත් වැඩවලටත් ටනාෂා සම්බන්ධ වුණාද?

වාසිත සමරනායකගේ 'රජ දහන' චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. තවත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියේදී තිරගත වෙයි.

හැමදාම ටනාෂා පෙම්වතියගේ චරිතයට සීමා වෙයිද?

දැනට නම් මම කළ හැම චරිතයක්ම පෙම්වතියගේ චරිතය. නමුත් 'රජ දහන' චිත්‍රපටය ආට් ෆිල්ම් එකක්. ඒ චිත්‍රපටයේදී මම කරන පෙම්වතියගේ චරිතය අනෙක් චිත්‍රපටවල කළ පෙම්වතියගේ චරිතයට වඩා වෙනස්. ඉදිරියටත් ඒ වගේ වෙනස් වෙනස් චරිත කරන්න ආසාව තිබෙනවා.

කලාත්මක චිත්‍රපටයක් වෙනුවෙන් වුණත් ඕනම චරිතයකට කැප කිරීමක් කරන්න ටනාෂාට පුළුවන්ද?

මම මට ගැළපෙන මට කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන චරිත විතරයි කරන්නේ. මම ලැබෙන ආරාධනා තෝරාගෙන තමයි භාර ගන්නේ. මට කරන්න බැරි දෙයක් මම කරන්නේ නැහැ.

පුංචි තිරයේ ටනාෂාගේ පෙම්වතා සුමිරාන්. කොහොමද පුංචි තිරයේ ආදර කතාවට සුමිරාන්ගෙන් ලැබුණු සහාය?

සුමීරාන්ගෙන් ලොකු සහායක් මට ලැබෙනවා. මට වැඩිපුරම ෂූටිං තියෙන්නේ එයා එක්ක. සුමිරාන් මීට කලින් ටෙලි නාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා. මට එයා තරම් ලොකුවට අත්දැකීම් නැහැ. රඟපාද්දි වුණත් 'මෙහෙම කරමු නේද' කියලා එයා මගෙන් අහනවා. සඳුන් රාජකරුණා මහත්මයා තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ අදහස් සහ මඟපෙන්වීම මේ ආදර කතාව ලස්සන කරන්න ලොකු පිටිවහලක් වුණා.

පුංචි තිරයේදී සුමිරාන් ටනාෂාට හොඳ පෙම්වතෙක් වුණාද?

ඔව්. පුංචි තිරයේදී එයා හොඳ පෙම්වතෙක්.

සැබෑ ජීවිතෙත් ටනාෂා පෙම්වතියක් වෙන්න ඇති?

සැබෑ ජීවිතේ තාම එහෙම විශේෂ කෙනෙක් ලැබුණේ නැහැ.

ටනාෂා ක්ෂේත්‍රයේ කෙනෙක්ව සහකාරයා කරගන්න කැමැතිද?

දැනට නම් එහෙම තීරණයක් නැහැ. මොන ක්ෂේත්‍රයේ වුණත් මාව තේරුම් ගන්න පුළුවන් මම ඉන්න ක්ෂේත්‍රය එක්ක මාව විශ්වාස කරන්න පුළුවන්. මගේ පවුලේ අයටත් ආදරය කරන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් ඒ ගැන හිතනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.