Skip to main content

දිපීකාගේ ඉටිරුවක් ලන්ඩනයට

2018-07-25-ent-150
ලොව ජනප්‍රියතම පුද්ගලයන්ගේ ඉටි නිර්මාණ තැන්පත් කෙරෙන ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයට බොලිවුඩ් සුපිරි නිළී දිපීකා පදුකෝන්ගේ ඉටි රුවක් එක් කිරීමට ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාර බලධාරින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය ඇති ඉටිරුව අතරට බොලිවුඩ් සිනමා නිළියක් තවමත් එක්නොමැති අතර, දිපීකා එහි පළමුවැන්නීය වීම විශේෂත්වයක් වන්නීය. හොලිවුඩ් සිනමා නිළියන් අතලොස්සක ප්‍රමාණයක් මෙහි සිටින අතර, ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලොව බලවත් පුද්ගලයන්ගේ ඉටිරුව නිර්මාණය බව සඳහන් වෙයි.
දිපීකා ජනවාරියේදී තිරගත වූ ‘පද්මාවත්’ චිත්‍රපටයෙන් පසුව මේ වසරේ සිය රසික පිරිස් මුණ ගැසෙන එකම චිත්‍රපටය වන්නේ ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘සිරෝ’ චිත්‍රපටයේය. එහි ඇය ආරාධිත රංගනයක නිරත වෙයි.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.