Skip to main content

මම ලියපු පළවෙනි ගීතයම රසිකයන් ආදරයෙන් වැලදගත්තා

2018-07-25-ent-86
ශලිනි තාරකා කියන්නේ රංගන ක්ෂේත‍්‍රයේ ඔබ බොහෝ ආදරය කරන තාරකාවක්. විවිධ වූ චරිතයන් හරහා නිරතුරුවම පේ‍්‍රක්ෂක ඔබට සමීප වුණු ඇය පසුගිය කාලය නිහඬව ගත කළා. ඔන්න ශලිනි වෙනස් ආරයේ චරිත ත‍්‍රිත්තවයක් හරහා මේ දිනවල පේ‍්‍රක්ෂක ඔබට දැක ගන්න පුළුවන්. පසුගිය කාලය පුරාවටම මාධ්‍යයෙන් සහ කලාවෙන් නිහඬව ඉඳපු ශලිනිව කාලෙකට පස්සේ කතා බහකට එකතු කර ගන්න හිතුවා.

කාලෙකට පස්සේ කතා බහ කරන්න ලැබුණේ කොහොමද ජීවිතේ?
වරදක් නැහැ. හොඳින් ජීවිතය ගෙවිලා යනවා.

නිහඬව ඉඳපු ශලිනි එක පාරටම කරළියට ආවේ චරිත කිහිපයකින්?2018-07-25-ent-88
ඇත්තටම නිහඬව ඉඳපු කාලේ නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් කිහිපයක්මත් ප‍්‍රතික්ෂේප කළා. මොකද මම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන්න හරිම අකමැතියි. ඒත් ඒ කාලේදි හොඳ නිර්මාණ කිහිපයක්ම මම භාර ගත්තා. ඒවා තමයි මේ දවස්වල කරගෙන යන්නේ.

දායක වෙලා ඉන්න නිර්මාණයන් ගැනත් කියමු.
මිතූ, ඒක් දිග කතාවක්, කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ මේ දවස්වල අලූත් චරිතයකින් දායක වෙනවා. ඊට අමතරව තවත් නොබෝ දිනකින් හරස් පාර කියන ටෙලි නාට්‍යයත් පේ‍්‍රක්ෂකයින්ට දැක ගන්න ලැබේවි. තව ටෙලි නාට්‍ය තුනක පමණ වැඩ භාර අරගෙන තියෙනවා. ඉදිරියේදී ඒවයේ වැඩ පටන් ගන්න නියමිත වෙලා තියෙනවා.

මේ චරිතවලට කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?
නාට්‍ය තුනේම මම කරන්නේ එකිනෙකට වෙනස් චරිත තුනක්. හොඳ ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මිතු කියන්නේ කෙලිලොල් චරිතයක්. මම වැඩිපුරම කැමති ඒක දිග කතාවක් ටෙලි නාට්‍යයේ මලිතිට. මොකද මලිති කියන්නේ කාටවත් බය නැති කට කාර චරිතයක්. තව දෙයක් ඒ චරිතයේ විවිධ අවධීන්වලට චරිතේ යනවා. මගේ මුහුකුරා ගිය වයසත් මේ චරිතයෙන් ඉදිරියට දැක ගන්න පුළුවන්.

රංගනයෙන් නිහඬවෙලා හිටපු කාලේ නිවේදනය පැත්තට හැරුණේ ඇයි?
කලාවෙන් ඈත්වෙලා හිටපු කාලේ මම කාර්ය බහුල වුණේ නැහැ. ඒ නිසා මට හිතුණා නිවේදනයට ලොකු කාලයක් වෙන් කරන්න. එක්තරා රියැලිටි වැඩසටහනක ඒ වෙනකොට මම නිවේදන කටයුතු කරමින් හිටපු නිසා ඒ කාලය මාව නිවේදනය පැත්තට යොමු කළා. දන්නෙම නැතුව ඒ වැඩත් එක්ක කාලය ගෙවිලා ගියා. රංගනය අමතක වෙලා ගියා. ඊට පස්සේ මම නැවත දිර්ඝ ටෙලි නාට්‍යයකට කියලා මුලින්ම දායක වුණේ මිතූ ටෙලි නාට්‍යයට. ඉදිරියට රංගන පැත්තට ලොකු කාලයක් වෙන් කරන්න හිතාගෙන ඉන්නවා.

ශලිනි එකපාරටම ගීත රචනා පැත්තටත් හැරුණා කියලා ආරංචියි.
මගේ පළමුවෙනි ගීතය ‘‘යළි හමුවෙමු’’ හිතුවටත් වඩා ලොකු ප‍්‍රතිචාරයක් ඒ ගීතයට ලැබුණා. නිරෝෂා අක්කාගේ හඬ ඒ ගීතයට නියම සාධාරණයක් කළා කියලා මම හිතනවා. ගොඩක් අය මට ලියන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නැහැ. මේ ගීතය සමහර ඔඪ නාළිකාවල ගී එකතුවල අංක එකට තේරුණ සති තිබුණා. ඒත් පේ‍්‍රක්ෂකයන් ගීතය ඇහුවාට මේ ගීතය ලිව්වේ මම කියලා ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ.
මම වයස දොළහේ ඉඳලා ලියන කෙනෙක් ලියන ඒවා ප‍්‍රසිද්ධ කරන්න මම එච්චර උත්සාහ ගත්තෙත් නැහැ.

ඔබේ දෙවැනි ගීතයත් මේ වෙනකොට නිර්මාණය කරලා අවසන්.
ඔව්. ‘‘මා ඔබ හමුවන දිනේ’’ කියලා තමයි ඒ ගීතය ලිව්වේ. පසන් ලියනගේ තමයි ගීතය සංගීතවත් කළේ ඉක්මණින්ම මේ ගීතයත් රසික රසිකාවියන්ට අහන්න දෙනවා. මේ ගීත දෙකම මම නිර්මාණය කළේ ජනප‍්‍රිය වෙන්න ඕන කියලා හිතලා නෙමෙයි. ඒත් හීනෙකින්වත් හිතපු නැති විදිහට පළමු ගීතය වැළඳ ගත්තා. ඒ වගේ දෙවැනි ගීතයත් රසිකයන් වැළඳ ගනීවි කියලා හිතෙනවා.

මේ පේ‍්‍රම ගීතවල, විරහ ගීතවල ශලිනිගේ අද්දැකීම් නැහැ කියන්න බැහැ නේද?
ඔව්. දෙයක් ලියන්න මොකක් හෝ අද්දැකීමක් තියෙන්න ඕන නේ. ගීතයේ සමහර දේවල්වලට මගේ අද්දැකීම් එකතු කරලා තියෙනවා.

රඟපානවා, නටනවා, නිවේදනය කරනවා. සින්දු ලියනවා ශලිනිට ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයිනේ?
ඔයා අහන්න යන්නේ සින්දු කියන්න අදහසක් නැද්ද කියලානේද.... බුදු අම්මෝ... නැහැ. ඇත්තටම මට සින්දු කියන්න බැහැ. ඒ වෘත්තියට දක්ෂ අය ඕන තරම් මේ රටේ ඉන්නවා. මම බැරි වැඩ කරන්න යන්නේ නැහැ.

රංගනයෙන් නිහඬවුණු ශලිනි පුසගිය කාලේ සින්දු ලියන්න පෙළඹුණේ මනස සැහැල්ලූ කර ගන්නද?
ඇත්තටම ඔව්. හිතට දැනුන දුක සතුට හැමදේම මම ලිව්වා. මට ටික කාලෙකට හැම දේකින්ම ඈත්වෙලා ඉන්න ඕන වුණා. රඟපාන්න ඕනේ නැහැ කියලා හිතුනා. ඒ දවස්වල මම කළේ කවි, සින්දු නිසැඳැස් ලියපු එක ඉදිරියට අවුරුද්දකට ගීත දෙකක් විතර මගෙන් අහන්න ලැබේවි.

පසුගිය කාලේ ගෑණු ළමයෙකුට දරා ගන්න බැරි, චෝදනා හිත් රිදවීම්වලට ඔබට මුහුණ දෙන්න වුණා?
ප‍්‍රශ්නයක් ආවම අපිව ශක්තිමත් කරන මිනිස්සුන්ට වඩා ඉන්නේ අපිව වට්ටන මිනිස්සු. පහුගිය කාලේ මිනිස්සුන්ව මම හොඳට අඳුර ගත්තා. ඇත්තට මට කියලා ඉන්නේ කවුද නැත්තේ කවුද කියලා මම දන්නවා. දැන් මට යාළුවෝ අඩුයි ඉන්නේ කීප දෙනයි. ඒ ඉන්න කීප දෙනාට මම පණ වුණත් දෙනවා.
කිසිම දෙයක් ගැන ඇත්ත නොදැන චෝදනා කරන එක හරිම වැරදි. ගෑණු ළමයෙක් විදිහට මම හැමදේම දරාගෙන මනස ශක්තිමත් කර ගත්තා. ඒ දේවල් මම නැවත අවුස්සන්න කැමති නැහැ. මිනිස්සු දන්නේ මේ කතාවෙන් හතරෙන් එකක් විතරයි. මේ කතාව අපි මැරෙනකම් සම්පූර්ණ වෙන කතාවක් නොවෙයි.

බොහෝ අය ඔබ නිහඬව ඉන්න එකෙන්ම ඔබව වැරදිකාරිය කළා. කොහොමද මේ තරම් චෝදනා එද්දි හිත හදා ගත්තේ?
හිත හදා ගත්තේ මිනිස්සු මට ගහපු ගල් වලින්ම තමයි මාව වැටුනොත් මාව ගොඩ ගන්න කවුරුත් නැහැ. මගේ ශක්තිය මමමයි කියලා මේ ප‍්‍රශ්නෙදි මම තේරුම් ගත්තා. මගේ හෘද සාක්ෂියට එකඟව මම දන්නවා වුණේ මොකද්ද කියලා මේ කතාවේ අග මුල හරියට දන්න අයත් ඒක හරියටම දන්නවා. මගේ අතින් වරදක් වෙලා තිබුණ නම් මම ප‍්‍රතිචාර දක්වන්නේ මීට වඩා වෙනස් විදිහකට.
ඇත්තමට ඔය ප‍්‍රශ්නෙදි මට විවිධ චෝදනා කරද්දි මාව නොමරා මරද්දි මට හයියක් වුණු මාව ආරක්ෂා කරපු මේ ක්ෂේත‍්‍රයේ හිටියේ ටික දෙනයි.
දාහක් මට ඇඟිල්ල දික් කරද්දි දහ දෙනෙක් වගේ තමයි මාව ආරක්ෂා කළේ. දිනක්ෂි අසේකා, චන්න අයියා, හේමාල්, කාවිංග, සාරංග අයියා, දමිතා අක්කා හැම වෙලාවේම මාව ඇවිත් බලලා ගියා. කාලයත් එක්ක හිත හදා ගන්න ඒ අය මට උදව් කළා. ඒ අයටත් මම නිසා මඩ ප‍්‍රහාර එන්න පටන් ගත්තා. එකම ක්ෂේත‍්‍රයේ එහෙම යාළුවෝ හරිම අඩුයි. මට ඇඟිල්ල දික් කරපු කා එක්කවත් මගේ තරහක් නැහැ. ඒ කාටවත් මම වැරදියි කියන්නෙත් නැහැ.
මම එදා මේ දේවල්වලට උත්තර නොදුන්නේ ඇත්ත නොදන්න අය එක්ක මෝඩයෝ වගේ කෑ ගහන්න බැරි නිසා.

ඇයි ශලිනි මාධ්‍ය ප‍්‍රතික්ෂේප කළේ?
පත්තර කිහිපයක්ම මට මඩ ගැහුවා එදා මට මාධ්‍යයත් එපා වුණා. ඇත්තට අපට පේ‍්‍රක්ෂකයින් අතරට එන්න උදව් කළේ මාධ්‍යය. මට ඒවා අමතක නැහැ. මම මාධ්‍යයට ගොඩක් ගරු කළා. ඒත් ඒ සිද්ධි එක්ක මාධ්‍ය ගැන මට කළ කිරුණා. මට මඩ ගහන පත්තරවලට මම උත්තර බඳින්නේ මොකටද කියලා මම සියලූම මාධ්‍යයන් ප‍්‍රතික්ෂේප කළා. අදටත් මම කතා කරන්නේ පුවත් පත් කිහිපයකට විතරයි.

නදීශා අතුකෝරළ / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 2018-07-25-ent-87

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල