Skip to main content

මම පෙම්වතියක්. මට හිත ගිය කෙනෙක් ඉන්නවා


2018-08-23-ent-26
ස්වරණවාහිනියේ විකාශය වුන හාර කෝටිය ටෙලි නාට්‍යය හරහා රංගනයට පිවිසි සඳනි ප්‍රනාන්දු මේ දිනවල කාගෙත් ආදර දිනාගත් චරිතයක්. වෙළෙඳ දැන්වීම විශාල ප්‍රමාණයක් සඳහා ඇය රංගනයෙන් දායක වන අතර, ඇය සිනමාවට පිවිස තිබෙනවා. ඇයගේ පලමු සිනමා නිර්මාණය සහ ඇගේ කලාකටයුතු දැන ගැනීමට 'අද' තරු කතාබහ මෙලෙස වෙන්විය.

මේ දවස්වල සඳනි හරි ප්‍රසිද්ධයි නේද?2018-08-23-ent-29
ඔව්නේ. මේ දවස් වල සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි තුත්තිරි ටෙලි නාට්‍යයේ චරිතය නිසයි.

"තුත්තිරි" ටෙලි නාට්‍යය ගැන වැඩිවිස්තර කිව්වොත්?
"තුත්තිරි" ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කර ගන්නේ උදාර පල්ලියගුරු අයියා. ඒකේ චරිතය පිටසක්වල ජීවියෙක්ගේ චරිතයක්. ඒක වෙනස් විදිහේ තකාවක්. මටත් ඒක ලොකු වෙනස් අත්දැකීමක්. මොකද පිටසක්වල ජීවියෙක් විදිහට රඟපාන්න මට ලැබුණු පලවෙනි අවස්ථාව. ඒක පබෝධා අක්කා එක්ක තමයි රඟපාන්න තියෙන්නේ. පබෝදා අක්කා මට වඩා ප්‍රවීණයෙක්. එයා ක්ෂේත්‍රය හිටපු කාලයත් එක්ක මට ලොකු උදව්වක් එයාගෙන් ලැබෙනවා. මගේ චරිතේ සාර්ථකව කරගෙන යන්න දායකත්වයක් වෙනවා.

"හාර කෝටිය' නිසා ජීවිතයට ගොඩක් දේවල් ලැබුණා නේද?
'හාර කෝටිය" තමයි මගේ පළවෙනි නාට්‍යය. ඒක මම පටන් ගත්තේ 2017 මුල් කාලයේදීයි. 'හාර කෝටි' එක්ක රශ්මි කියන චරිතයට ගොඩක් දෙනෙක් ආදරය කරන්න ගත්තා. මට ඒ හරහා ගොඩක් නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

සිනමාවට එන්න අවස්ථාවක් ලැබුණා නේද?
ඹව් ඒ අරුණ ජයවර්ධන මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපයක් වන ^1970 ලව් ස්ටොරි^ සම්බන්ද වෙන්න අවස්ථාවක් ලැබුණා. හේමාල් අයියා, මහේන්ද්‍ර අයියා, බිමල් අයියා , වැනි ප්‍රවීණ ශිල්පින් එකක් වැඩ කිරිමට ලැබිම මට හොද අවස්ථාවක්, චිත්‍රපටයේ රූගත කිරිම දැන් ගොඩක් දුරට අවසන්. මගේ පලමුවැනි සිනමා නිර්මාණයි. ඒක හොඳ වැඩක් නිසා මම සම්බන්ධ වුණා.

වෙළෙඳ දැන්වීම ඔස්සේ තමයි ඔබව බොහෝ දෙනා දැන හැඳින ගන්නේ?
මම නිරූපණයට ගොඩක් සහභාගී වෙලා නැහැ. මම ක්ෂේත්‍රයට එන්නේ රංගනයෙන්.

මියුසික් වීඩියෝ සඳහා දායක වෙන්නේ නැද්ද?
මම මියුසික් වීඩියෝ කිහිපයකට සම්බන්ධ වුණා. දැනට දායක වුණු මියුසික් වීඩියෝ 5ක් විතර එළිදක්වලා ඉවරයි. තව දෙකක කරා ඒ දෙක එන්න තියෙනවා. හරිම ලස්සන මියුසික් වීඩියෝ දෙකක්. ඒ දෙක එළිදක්වනකන් තමයි මාත් බලං ඉන්නේ.

වැඩියෙන්ම කැමති සිනමාවටද? ටෙලිනාට්‍යය වලටද?
මම පෞද්ගලිකව වැඩ කරන්න කැමති සිනමාවටයි. නමුත් ටෙලි නාට්‍යය කලාවේදීත් මම වැඩ කරද්දී මම කරන වැඩේ ආසාවෙන් මගේ උපරිමය දීලා මම කරනවා. කොහොම වුණත් මේ ක්ෂේත්‍ර දෙකටම මම ආදරෙයි.

නවකයෙක් විදිහට තරගකාරීත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද?
අපි හැමෝටම තරගයක් තියෙනවා. හැම නාලිකාවක් තුළින්ම නවකයෝ ගොඩක් එලියට දානවානේ. ඒ එළියට එන අයත් නිකං අය නෙමෙයි. හොඳ වැඩසටහන් වලින් බිහිවුණ දක්ෂයන්. ඉතිං තරගයක් තියෙනවා. මම නම් එහෙම ලොකුවට තරග කරන්නේ යන්නේ නැහැ. මට ලැබෙන දේ හරිම සතුටින් බාර අරගෙන තෝරලා අරගෙනයි වැඩ කරන්නේ. මම තෝරගෙන වැඩ කරන දේවල් වලින් මම අවංකව සතුටු වෙනවා. ඉතිං මගේ පාඩුවේ ඒ වැඩකටයුතු කරගෙන ඉන්නවා මිසක් තරග කරන්න යන්නේ නැහැ.

සඳනි සැබෑ ජීවිතයේ කොහොම කෙනෙක්ද?
සැබෑ ජීවිතයේ සඳනි කියන්නේ හරිම නිෂ්ශබ්ද කෙනෙක්. වැඩිය ගොඩක් කතා කරන්නේ නැහැ. ඒක ලොකු කම නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම එහෙමයි. මං හිතනවා මාව රූපවාහිනියෙන් දකින කෙනාට වඩා ඇත්ත කෙනා වෙනස්.

සඳනි හරි ආඩම්බරයි කියන්නේ මේ නිසාද?
ඒ නිසා වෙන්නත් පුළුවන්. මම වැඩිය කතාබහ නොකරන නිසා සමහර අයට හිතෙන්න පුළුවන් මම හරි ආඩම්බරයි කියලා. ඒ වුණාට ඇත්තට මම ආඩම්බර නැහැ. ආඩම්බකමකුත් මන් දන්නේ නැහැ තියෙනවාද කියලා. ගෑණු ළමයෙක් වුණාම පොඩ්ඩක් තියෙනවානේ. ඒක උපතින් එන දෙයක්නේ. ඒවුණාට මාත් එක්ක සුහදව කතාබහ කරන කෙනෙක් එක්ක සුහදව ආදරෙන් කතාකරනවා.

සඳනිට ආදර යෝජනා එහෙම එන්නේ නැද්ද?
ආදර යෝජනවා එනවා. ක්ෂේත්‍රයෙනුත් එනවා පිටතිනුත් එනවා. මම කවදත් එන යෝජනා බාර ගන්න කෙනෙක් නෙමෙයි. මට හිත යන්න ඕනා කෙනෙක්ට. එහෙම එන අයට ලස්සනට, ඒ අයව තරහ කරගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරලා සුහදව ඉන්නවා. සමහර අය ඒවා වැරදියට තේරුම් ගන්න අවස්ථාත් තියෙනවා. හුඟක් වේලාවට කතාබහට යන්නෙත් නැත්තේ අපේ හුඟක් අය වැරදියටනේ තේරුම් ගන්නේ.

ඒ කියන්නේ පෙම්වතියක් නෙමේද?
මම පෙම්වතියක්. මට හිත ගිය කෙනෙක් ඉන්නවා. ඒක වුණේ ක්ෂේත්‍රයට ආවාට පස්සේ. දැනට අවුරුද්දක් විතර වෙනවා.

ක්ෂේත්‍රය කෙනෙක්ද?
එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. රංගන කටයුතු නෙමෙයි හැබැයි කරන්නේ. එයා එයාගේ කලාවක් කරගෙන යන කෙනෙක්.

තරුණියක් විදිහට සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙලාද ඉන්නේ?
මම එහෙම ලොකුවට ඇබ්බැහි වෙලා නැහැ. මම ගොඩක් ලොකුවට ඉන්ස්ටග්‍රෑම් තමයි භාවිතා කරන්නේ. ඒවට යනවානම් යන්නේ මොකක් හරි මගේ අලුත් දෙයක් පෝස්ට් කරන්න තමයි. අලුතින් තියෙන මැසේජ් බලලා රිප්ලයි කරන්න අවශ්‍යනම් රිප්ලයි කරලා එහෙම නැත්නම් පාඩුවේ ඉන්නවා.

​​ඔබ ෆේස්බුක් ෆේක් එකවුන්ට එකක් නිසා මේ දවස්වල ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා නේද ඉන්නේ?
ඇත්තෙන්ම ඔව්. ඒක හරි කරදයක්. කෙනෙක් ඒක අපේ FanPage එකක් විදිහට සතුටින් ආසාවෙන් හදනවානම් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් මේ දවස්වල මගේ ඔරිජිනල් එකවුන්ට් විදිහට කොපි කරලා. මගේ හැමදෙයක්ම ඒ විදිහට දාලා. මං වගේම කරගෙන යන අතර තුර ගොඩක් ගෑණුළමයින්ටයි, පිරිමි ළමයින්ටයි එයාම රික්වෙස්ට් යවලා එයා අයුතු යෝජනා කරලා තියෙනවා. ටෙලි නාට්‍ය වලට සම්බන්ධ කරගන්නවා කියලා බොරු බලාපොරොත්තු දීලා තියෙනවා. ඒවා හරිම පහත් වැඩ කියලයි මම දකින්නේ. ඒ දේවල් ගොඩක් ගෑණු ලමයි විශ්වාස කරලා තියෙනවා. මොකද ගොඩක් අය හිතන්නේ ඒක මගේම එකවුන්ට් එක කියලයි. මං දන්නේ නැහැ ඒක කරන කෙනා මොන අරමුණකින් කරනවාද කියලා මම දන්නේ නැහැ. ඒ දේ මගේ නමටයි හොඳ නැත්තේ. හරිම පහත් ක්‍රියාවක් විදිහටයි මම දකින්නේ. ඉන්ටග්‍රෑම් වලනම් මගේ එකවුන්ට් එක බැලූ බැල්මට කියන්න පුළුවන් ඒක මගේ ඔරිජිනල් එකවුන්ට එක කියලා. අද මේ කාරණාව මට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම කරදරයක් වෙලා ඇති. මං දන්නේ නැහැ ඇයි මේ අය තමන්ගේ එකවුන්ට එකක් හදාගෙන තමුන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව අනිත් අයට මේ විදිහට අපහසුතාවට පත් වෙන මේ වැඩ කරන්නේ කියලා. මේ දේවල් වලටනම් විසදුමක් පේන්න නැහැ කියලයි මට හිතනේනේ.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ඉදිරියේදී තව එක නාට්‍යයක් සඳහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම මගේ එදිනෙදා කටයුතු කරගෙන යනවා.

සඳනිට ආදරය කරන අය ගැන මතක් කලොත්?
මට මෙතෙක් උදව් කරපු සියලු දෙනාටත්, මාව මෙච්චර කාලයක් මං සහභාගී වූ වැඩකටයුතු වලට සම්බන්ධ කර ගත් සියලු දෙනාටත්, මගේ පවුලේ අයටත්, මං ආදරේ කරන කෙනාටත්, ඒවගේම මට ආදරේ කරන හැම දෙනෙක්ටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / කවීත් මිලින්ද

2018-08-23-ent-192018-08-23-ent-20

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල