Skip to main content

සිග්නීස් සම්මාන උළෙලේ සම්මාන බෙදුනේ මෙහෙමයි

41 වැනි සිග්නීස් සම්මාන උළෙල අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටුවා. එහිදී චිත්‍රපට අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය ලබාගත්තේ ධර්මයුද්ධය චිත්‍රපටයේ හරිශ්චන්ද්‍රගේ චරිතය රඟපෑ ජැක්සැන් ඇන්තනීයි. හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ භූමිකාව රඟපෑ සමනලී ෆොන්සේකායි. හොඳම සහය නළුවා ලෙස කුමාර තිරිමාදුර සම්මාන ලැබුවේ ධර්මයුද්ධය චිත්‍රපටයේ විමල්ගේ භූමිකාව උදෙස් කළ රංගනය වෙනුවෙන් වන අතර හොඳම සහය නිළිය ලෙසින් සම්මාන ලැබුවේ ප්‍රේමය නම් චිත්‍රපටයේ ඉනෝකාගේ චරිතය රඟපෑ සුරංගා රණවකයි.
ටෙලි නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස නදී කම්මැල්ලවීර සම්මාන දිනාගත් අතර හොඳම සහය නිළිය ලෙසින් චාන්දනී සෙනෙවිරත්න සම්මානයෙන් පිදුම් ලැබුවා. ටෙලි නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරා සම්මානය දිනාගත් අතර හොඳම සහය නළුවා සම්මානය දිනාගත්තේ ආනන්ද කුමාරඋන්නැහේ විසිනුයි. 
2018-08-27-signis-12018-08-27-signis-22018-08-27-signis-32018-08-27-signis-42018-08-27-signis-52018-08-27-signis-72018-08-27-signis-82018-08-27-signis-92018-08-27-signis-102018-08-27-signis-112018-08-27-signis-122018-08-27-signis-132018-08-27-signis-142018-08-27-signis-15
ඡායාරූප - Ghinthaka Arambewala

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.