Skip to main content

බාහිර පෙනුම හරහා තමයි නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ



2018-11-27-ent-66 
වෙළෙඳ දැන්වීම් ඔස්සේ ක්‍ෂේත්‍රය පැමිණි ඇය මේ වන විට රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නීය. රංගන ශිල්පිනියක ලෙස දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වන විට කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේ පැවැති ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ඇය මෙවර ‘සාරවිට’ තරු කතාබහට මෙලෙස සම්බන්ධ වූවාය.

මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල ‘නීල පබළු’ රූගත කිරීම සිදු වෙනවා. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ රූගත කිරීම් කටයුතුත් මේ දිනවල සිදු වෙනවා.2018-11-27-ent-68

‘මන්දිරා’ නිසා බොහෝ දෙනෙක් ඔබට ආදරය කරන්න ගත්තා, ඉතින් ‘මන්දිරා’ ගැන කියමු බලන්න?
‘මන්දිරා’ කියන්නේ උපන් දා සිට තාත්තාගේ සෙනහස නැති දරුවෙක්. ඉතිං එයා එයාගේ තාත්තාව හොයාගෙන එද්දී, ඒ තාත්තා වෙන දරුවෙකුට ආදරය කරනවා. දරුවෙකුගේ දුක, තාත්තාගේ අයිතිය ප්‍රකාශ කරන චරිතයක් තමයි ‘මන්දිරා’ කියන්නේ. මන්දිරාගේ චරිතය මගේ ජීවිතයට යම් ආකාරයකට සම්බන්ධයි. මන්දිරා කියන චරිතය ඇතුළෙ ජීවත් වෙනවා කියලා මම හිතනවා.

‘මන්දිරා’ට අවස්ථාව ලැබෙන්නේ?
මට මේ ටෙලිනාට්‍යයට ආරාධනා කළේ ලලිත් සර්. අනුරාධ එදිරිසිංහ අක්කා හරහා තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණේ.

කලාවට මග පෑදෙන්නේ කොහොමද?
මම දැන් අවුරුද්දක පමණ කාලයක ඉඳන් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට දායක වෙනවා. ඊට පස්සේ මේ අවුරුද්දේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට මම ඉදිරිපත් වුණා. ඒකට සම්බන්ධ වෙලා දෙවැනි ස්ථානය ලබාගන්න හැකි වුණා. ඒකෙන් තමයි මට කලාවට පාර හැදුණේ. ඊට පස්සේ හිරු නාළිකාවෙන් මාව ‘අහස් මාලිගා’ කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ කළා. ඒක තමයි මගේ ප්‍රථම ටෙලිනාට්‍යය. ඒක හරහා තමයි මට ටෙලිනාට්‍යය ජීවිතයට එන්න අවස්ථාව ලැබුණේ.

දායක වුණු වෙළෙඳ දැන්වීම ගැන කිව්වොත්?
නම් වශයෙන් නම් කියන්න අමාරුයි. මොකද මම වෙළෙඳ දැන්වීම බොහෝ ප්‍රමාණයක් සඳහා දායක වෙලා තියෙනවා. මට අමතක වෙන්නේ නැහැ මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම. ඒක අධ්‍යක්‍ෂණය කළේ ඇන්ඩෘ පුල්ලේ. ‘එක්ස්ටෙන්ඩ්’ ආයතනයෙන් තමයි කළේ. මාධව විජේසිංහ අයියයි, මමයි ඉන්න මැලිබන් බිස්කට් ඇඩ් එක. මෑතකදී මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකට සම්බන්ධ වුණා. ඒ අතරින්, ඩයලොග්, බෝඩින්කාරයෝ (ටෝකියෝ සිමෙන්ති) වෙළෙඳ දැන්වීම් වගේ දේවල් ගොඩක් කළා.

නවකයෙකු විදිහට දැනෙන දේ?
මම තාම අලුත් කෙනෙක්. කලාවට සම්බන්ධ වෙන හැමෝම හුඟක් දක්ෂ අය. ඉතිං මගේ අභියෝගය තියෙන්නේ ප්‍රවීණ අයත් එක්කයි. මට ඕන ප්‍රවීණයන් අතරට යන්න. මගේ දැක්ම තියෙන්නේ ප්‍රවීණයො. මගේ පළමු‍‍‍ ටෙලිනාට්‍යය හරහාම කමල් දේශප්‍රිය වගේ දැවැන්තයොත් එක්ක වැඩ කරන්න ලැබුණා. මම හිතනවා මගේ ආරම්භ සාර්ථකයි කියලා. ඒ හරහා ලොකු ගමනක් යන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
‘නීල පබළු’ ටෙලිනාට්‍යය ගත්තොත් සඳුන් රාජකරුණා මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතිං ඒ වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මම තාම අලුත් කෙනෙක් නිසා මට ගොඩක් වරදිනවා. හැම දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමෝගේම ආදරය මැද්දේ මම වැඩකටයුතු කරගෙන යනවා.

කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?
මම අධ්‍යාපන කටයුතු ඉවර කරලා නැහැ. අධ්‍යාපනය කියන්නේ කලාවට ආභරණයක්. මම කලාවේ වෘත්තීමය වශයෙන් නියැළෙන්න බලාපොරොත්තු වෙනවා.

පවුලේ විස්තර කිව්වොත්?
මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. ඒ වුණාට මම හැදුණේ වැඩුණේ මගේ පුංචි අම්මා ගාව. මගේ අම්මා, තාත්තා වගේම මාව බලාගත්තේ මගේ පුංචියි, බාප්පයි, සහෝදරියෝ දෙන්නයි. ඒ අයගේ නොමද ආදරය මැද්දේ තමයි තාමත් මම ඉන්නේ.

පවුලෙන් කොහොමද ලැබෙන සහයෝගය?
මගේ පුංචියි, බාප්පයි තමයි මාව අවුරුදු කුමරිය තරගයට එක්කන් ගිහිල්ලා සෙවණැල්ල වගේ මාව බලාගත්තෙ. අදටත් එහෙමයි. ඒ දෙන්නා තමයි මගේ පස්සෙන්ම ඉන්නේ. ඉතිං ඒ අයගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ.

පවුලේ අයගේ හීනයක්ද රංගන ශිල්පිනියක වෙන එක?
මගේ අම්මා නම් මුලින්ම කැමැති වුණේ නැහැ. අවුරුදු කුමරිය තරගයට යනවටත් කැමැති වුණේ නැහැ. මම පාසලේදී රංගන කටයුතු කරනවාට, වේදිකාවේ ඉන්නවාට වැඩිය කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මම ඒ දේ තෝරා ගත්තාට පස්සේ හැමෝගේම සහයෝගය ලැබුණා.

කවුද කිව්වේ රඟපාන්න පුළුවන් කියලා?
මම පොඩි කාලයේ ඉඳන්ම රඟපානවා. රඟපාන්න මම හරි ආසයි. විෂයක් විදිහට හදාරලා නැහැ. රඟපාන්න ලොකු ඇල්මක් තිබුණා. ඒ නිසා තමයි අදටත් ඒ දේ ආදරෙන් ආසාවෙන් කරන්නේ.

රංගනය සඳහා ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
සාමාන්‍යයෙන් අපේ ගෙදර කට්ටිය ටෙලිනාට්‍යය බලනවා අඩුයි. ඉතිං ගෙදරින් නම් ප්‍රතිචාර හොඳයි.

අඩුපාඩු කියන්නේ කවුද?
වැඩේ කියන්නේ, මම ඉන්න හින්දාද මන්දා කට්ටිය නාට්‍ය බලන්නෙත් නැහැ. එහෙම නැහැ. ගෙදර අය අඩුපාඩු කියලා දෙනවා.

හදාරන්න බලාපොරොත්තුවක් නැද්ද?
මට ලැබුණු අවස්ථා එක්ක ලැබුණු මේ දේවල් ගොඩක් වටිනවා. නමුත් කලාවේ ඉදිරියට රැඳී ඉන්න නම් මීට වඩා ලොකු හැදෑරීමක් කරන්න අවශ්‍යයි. ඉතිං ඒ සඳහා කටයුතු ඉදිරියේදී අනිවාර්යයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.

කෙටි කාලයක් තුළදී බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න ලැබුණේ වාසනාව නිසාද?
හැකියාවට ලැබුණු වාසනාවක්. හුඟක් අය එනවා, යනවා. නමුත් මට ආවත් එක්කම විශාල වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වගේම එක දිගට ඒවා කරගෙන යනවා. තවතවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. ඉතිං මම හිතනවා ඒක මම ලබපු විශාල ජයග්‍රහණයක් කියලා.

ලස්සන නිසාද මේ හැම දෙයක්ම ලැබෙන්නේ?
බාහිර පෙනුම හරහා තමයි කෙනෙකුට කලා නිර්මාණ සඳහා අවස්ථාව ලැබෙන්නෙ. ලස්සනම වෙන්න ඕන නැහැ. කිසියම් දෙයකට දක්ෂතාව තියෙන්න ඕන. ඉතිං ඒ හරහා තමයි කෙනෙකුට රඟපාන්න වරම් ලැබෙන්නෙ. ලස්සන තියෙන අය එනවා. හැකියාව අඩු නම් කැපෙනවා.

ඔබට අවස්ථාව ලැබෙන්නේ කුමක් නිසාද?
ලස්සන, හැකියාව සහ උනන්දුව නිසා කියලයි මම හිතන්නෙ.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
ඉදිරියේදී රංගනයෙන් ලොකු ගමනක් යන්න බලාපොරාත්තු වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුත් ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

අතහිත දුන් අය ගැන කිව්වොත්?
නම් වශයෙන් මතක් කරන්න ගියොත් සීමාවක් නැහැ. මගේ පවුලේ අයට, ඒ වගේම හිරු ආයතනයට ස්තුතිවන්ත වෙනවා, මගේ ජීවිතයට අලුත් අඩිතාලමක් දැම්මාට. ‘නිල්වලා’ ආයතනයට ස්තුතිවන්ත වෙනවා මාව ‘නීල පබළු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ කර ගත්තාට. ඉතිං මාත් එක්ක සෙට් එකේ වැඩ කරන හැමෝටම, මට වචනයකින් සහයෝගය දෙන හැමෝටම, මාත් එක්ක දුකේදී සැපේදීත් ඉන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත/ ඡායාරූප - කවීත් මිලින්ද

2018-11-27-ent-67

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල