Skip to main content

මම කාලෙට අදාලව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා

2018-11-28-ent-18
‘ආයෙත් වරක්’, ‘පූජා කරන්නම්’ වැනි ගීත ඔස්සේ විශාල රසික ආදරයක් දිනා ගත් සඳුන් පෙරේරාගේ නවතම ගීතය වන ‘ආදරය ආගමකි’ නම් ගීතය පසුගියදා එළිදැක්විය. ප්‍රසංග වේදිකාව තුළ නිරන්තයෙන් දක්නට ලැබෙන ඔහුට රසික ආදරය නොමද ලබන බව නොරහසකි. අලුත්ම ගීතය ඔස්සේ වෙනස් යමක් තම රසිකයන්ට දායාද කිරීමට සූදානම් වන ඔහුගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ අප සමගින් මෙලෙස එක්විය.

අලුත්ම ගීතය ගැන මුලින්ම ගීතය කිව්වොත්?
මාස 06 ක් 07ක් විතර නිහඬව ඉඳලා අලුතින්ම එළිදැක්වූ ගීතය තමයි ‘ආදරය ආගමකි’ මේ වෙද්දී ඒ ගීතය අහන්න පුළුවන් කම තියෙනවා. “ආදරය ආගමකි අදහන්න පුළුවන් - ආයුධය කර එයම මරවන්න පුළුවන්” කියන මේ පේලි දෙකයි, මම මේ ගීතයේ විශේෂතම පේලි දෙක විදිහට දකින්නේ. කලාකරුවා තෘප්තිමත් වෙන විදිහට හදලා දුන්නා. ලසිත ජයනෙත්තිආරච්චි තමයි ගීතය රචනා කලේ. ඩිල්ෂාන් එල් සිල්වා තමයි සංගීතවත් කලේ. මම හිතුවටත් වඩා හොඳ නිර්මාණයක් මට කරලා දුන්නාට ස්තූති වන්ත වෙනවා. විශේෂයෙන්ම ලහිරු මුදලිගේ, ප්‍රිහාන් මඩප්පුලි ඇතුලු හරි ක්‍රියේෂන් ටීම් එකට ස්තූති වන්ත වෙනවා. එයාලා නිසා තමයි මම මෙතන ඉන්නේ. එයාලා මගේ පිටිපස්සේ හැමදාම ඉන්න එක මට ලොකු හයියක්.

අනෙක් ගීත එක්ක බලද්දී මොකක්ද මේ ගීතය තියෙන වෙනස?2018-11-28-ent-19
ලංකාවේ මොකක් හරි ගීතයක් හිට් වුණොත්, ඒ වගේ ගීතයක් අපිත් හදලා බලමු කියන තැන තමයි ගොඩක් අය ඉන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. ඒහෙම වුණාම වෙන්නේ එකම වගේ ගීත රැල්ලක් හැඳෙන එක. එකම තාලයක්, වචන සෙට් එකක්, ළගින් යන මෙලඩියක් ඇවිල්ලා අවසානයේ මල ගෙදර ගියා කියලා දැනෙන තත්ත්වයකටම සිද්ධ වෙනවා. මොකද එකම වචන වලින් යම් කිසි හානියක් සිද්ධ වෙනවා. නමුත් මල් සිංදු කිව්වත්, බස් සිංදු කිව්වත් , බූට් සිංදු කිව්වත් මම දන්න දෙයක් තමයි, ඒ මිනිස්සු හරි ආදරය කරනවා ඒ ගීත වලට. මොකද මම ලංකාවේ, විදෙස් රට වල ප්‍රසංග වලට සහභාගී වෙලා ඒ අත්දැකීම මට තියෙන නිසා. ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. පහල මට්ටමේ ගීතම නෙමෙයි. අපි එයාලට දුන්න යම් කිසි හරයක් තියෙන, සරලකමක් තියෙන, එක පාර සිංදුවක් අහපු ගමන් කටට මිමිනෙන ගීත තමයි ඔවුන් අදටත් බලාපොරොත්තු වෙන්නේ. නමුත්, මියුසික් පැත්තෙන් කොලු ස්ටෑනඩර්ට් එකක් තියාගෙන, ප්‍රසංග වේදිකාවට සුදුසු වෙන විදිහට, මිනිස්සුන්ට යම් කිසි රිදම් එකක් තියාගෙන ඉන්න පුළුවන් ‍විදිහේ ගීතයක් නිර්මාණ කලා. ඒ තමයි මේ ගීතයේ වෙනස විදිහට පැහැදිලි කරලා දෙන්නේ. එක දිගට හැඳුනු රැල්ලේ ගීත වලට වඩා බීට් එක අතින්, මියුසික් පැත්තෙන් වෙනදට වඩා වෙනසක් කරලා තියෙනවා. “ආදරය ආගමකි අදහන්න පුළුවන් - ආයුධය කර එයම මරවන්න පුළුවන්” යම් කිසි වදනක් මිනිස්සුන්ගේ හිත් වලට දෙන්න උත්සහ කලා.

නිර්මාණ කරන ගීත මල් සිංදු, බස් සිංදු, බූට් සිංදු කියලා චෝදනා කරන්නේ රසිකයන් නෙමෙයිද?
ගොඩාක් වෙලාවට ඔය දේවල් කරන්නේ වැඩක් නැතුව සමාජ ජාලා වෙබ් වල ඉන්න කට්ටිය. එයාලට වෙන වැඩක් කියලා දෙයක් නැහැ. විවේචනයක් ඉදිරිපත් කරන්න ඕනේ සමාජය පිළිගත්ත මනුස්සයෙක්. එහෙම වුණොත් තමයි අපි පිළිගන්නේ ඒ දේ විවේචනයක් විදිහට. විචාරය, විවේචනය කියන දේවල් හරි බැරෑරුම් දේවල්. රු. 99 ක් එකතු කරගෙන ඩේටා කාඩ් එකක් දාගෙන ෆේස්බුක් ගිහිල්ලා නිකරුනේ කාලේ නාස්ති කරන මිනිස්සු කියන දේවල් විවේචනය කියලා කියන්න බැහැ. වෙන වැඩක් නැති කමට කරන වැඩක්. ගොඩක් වෙලාවට රසිකයන් තමන්ගේ කැමැත්ත අනුව බෙදිලා ඉන්නේ. උදාහරණයක් ගත්තොත්, ගෘහස්ථ පැත්තේ ගීත කරන, ඒ සඳහා ගීත කියන කලාකරුවන් පිරිසක් හැදිලා ඉන්නවා. හිප්පොප් ගී ලංකාවේ ලොකුවට කරගෙන යනවා. ලංකාවේ ප්‍රසංග වලට, බස් එකේ, රේඩියෝවේ, ත්‍රීවීල් එකක යන සිංදු බෙදාගෙන අහන පිරිසක් වෙනම ඉන්නවා. එක කොට්ඨාශයක් ඉන්න පුළුවන් අපි කියන මේ ගීත ශෛලයට ආසා නැහැ. එයලා ආස වෙන කලාවකට. ඇත්තටම මාස් ක්‍රවුඩ් කියන්නේ අපි මේ කියන ගීත වලට ආදරය කරන කට්ටිය. අපිට හම්බවෙන්නේ ඒ මාස් ක්‍රවුඩ් එක. ඒ අතර අතලොස්සක් දෙනා මේ ගීත වලට අකමැති වෙන්න පුළුවන්. මම ලංකාවේ ජනප්‍රිය වෙලා මිනිස්සු පිළිගන්න කෙනෙක් වෙලා තියෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ‘ආයෙත් වරක්’ කියන ගීතයෙන් මිනිස්සු මාව වැළඳගත්ත නිසා. ඊට පස්සේ, ’පූජා කරන්නම්’ කියන ගීතයෙන් ඊටත් වඩා මිනිස්සු මාව වැළඳගත්ත නිසා. ඒවගේ ගීත වලින්නම් මාව මිනිස්සු වැළඳ ගත්තේ, මගේ කටහඬින් එයාලා අහන්න කැමති ඒ වගේ ගීත නම්, ඇයි මම නැඟපු ඉනිමගට පයින් ගහන්නේ. මම ඒ දේ කරන්න ලෑස්ති නැහැ. මම කොහේ ගියත් මනුස්සයෙක්ගේ කැමැත්ත අහල දැන ගන්න හරි කැමති කෙනෙක්. මම කාලෙට අදාලව වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.

යම් කිසි ගීතය එළිදැක්වීමේදී රසිකයන් එය පිළිගනීද? හෝ ප්‍රතික්ෂේප කරයිද? යන කාරණාව ගැන මොකද හිතෙන්නේ?
මම දැක්කා මෑත කාලේදී මගේම වයසේ සහෝදර ශිල්පීන් වෙනස් කරන්න උත්සහ කරනවා. උදාහරණයක් කිව්වොත්, දිමන්ක අයියා වේග රිද්ම (6-8) ගීත දෙකක් නිර්මාණය කලා. විරාජ් පෙරේරාත් යම් කිසි වෙනසක් කරන්න උත්සහ කරනවා. අශානුත් ඊළඟට වෙනස් විදිහේ ගීතයක් නිර්මාණ කරන්න උත්සහ කරනවා. අපි එක පාර මහා ලොකු වෙනසක් කලොත් ඒ දේ බාර ගන්නේ නැහැ. එයාලා අපිව අඳුන ගත්තේ වෙනම විදිහකට. එතකොට මම ඒ රාමුවෙන් මිඳිලා අමුතු විදිහේ ගීත කලොත් මාව ප්‍රතික්ෂේප කරයි. අනිවාර්යෙන්ම බාර ගන්නේ නැහැ කියලා මම එක හෙලා කියනවා. එකපාරටම මට එහෙම වෙනසක් කරන්න බැහැ. අපේ වයස හෙමිහිට ගත වෙනවාත් එක්කම, යම් කිසි පරිනත බවක් ලබා ගන්න කොට මට පුළුවන් වෙයි වෙනස්කම් කරන්න. මට ගොඩක් දෙනා ආදරය කරනවා, එහෙම කියලා වෙනස් කරලා අත්හදා බලන්න පුළුවන්. නමුත් ඇයි මේ කරන මාර්ගය කඩා ගන්නේ. මං මේ අරගෙන ආපු දේ මැදින් නැති කර ගන්නේ ඇයි. මම විශ්වාස කරනවා මගේ රාමුවෙන් මිදිලා වෙන රාමුවක් වෙතට ගියොත් මිනිස්සු ඉක්මනට අපිව බාර ගන්නේ නැහැ කියලා.

සමාජ මාධ්‍ය හරහා ඔබේ චරිතයට විශාල හානියක් වෙනවා නේද? කළකිරීමක් නැද්ද?
කිසිම කළකිරීමක් නැහැ. මුල්ම පාර ෆේස්බුක් එකෙන් මගේ ප්‍රතිරූපයට ලොකු තර්ජනයක් ආවට පස්සේ මම ගොඩක් බය වුණා. එදා ලැබුණා හොඳ පන්නරයක්. ඌරගස්මං හන්දිය ප්‍රසංගයකදී, ආයෙත් වරක් ගීතයේ මියුසික් වලට පූජා කරන්නම් ගීතය ගායනා කරලා පොඩ්ඩක් පැටලිලා එහෙම දෙයක් වුණා. ඒක මම ෆේස්බුක් එකේ ලයිව් වීඩියෝවක් දාලා, වැඩසටහන් වලට ගිහින් ඇත්ත කිව්වා. ඒක නිසා ආයෙත් වරක් කියන කොල්ලෙක් ඉන්නවා. එයාගේම පූජා කරන්නම් කියලා තව ගීතයකුත් තියෙනවා කියලා දැන ගෙන ඒකත් බලලා අන්තීමට පූජා කරන්නම් ගීතයට යූටියුබ් එකේ මිලියන 6.7ක් සහ මිලියන 5.5 ලොකු නැරඹුම් ප්‍රමාණයකට එක්කන් ගියා. කවුරු කරත් ඒ දේ මං මගේ ගමන යනවා. සමාජ ජාලා වලට ඇබ්බැහි වෙලා ඉන්න මිනිස්සු ඒ දේවල් ගැන දන්නේ නැහැ. ඒ වගේ දෙයකට බොරුවට බයවෙලා තේරුමක් නැහැ. කවුරු හරි ගැන ගොසිප් එකක් හැදෙනවා නම් ඒ කෙනාට එතනින් හොඳ දෙයක් වෙනවාමයි. ෆේක් එකවුන් ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මගේ නමින් නිධන් හොරු පවා බිහිවෙලා තිබ්බා. මට ඒක ලොකු අවුලක් වුණා. කොළඹ අපරාධ කොට්ඨාශයට ඒදේවල් බාර දුන්නා. ඒ දේවල් වලට ආදාලව ඒ අය කටයුතු කරනවා. මගේ පාඩුවේ මගේ ගමන යනවා. සමාජ ජාලා වලින් එන ගැරවිලි වගේ දේවල් වලට ප්‍රතිචාර දෙන්නේ නැහැ. හැබැයි ලොකු හොඳක් වෙනවා කියලා දන්නවා. මගෙන් කප්පම් පවා ගන්න මිනිස්සු පත් වෙලා තිබ්බා. මගේම ක්ෂේත්‍රයේ ඉන්න මගේම සහෝදර කලාකරුවන්ට කෝල් කරලා මගේ බොරු පෞද්ගලික ප්‍රශ්නයක් ගැන කියලා මගේ චරිතය ඝාතනය කරන්න උත්සහ කලා. ඒ කරන ගමන් මට තර්ජනය කරනවා, අරයට කියනවා මෙයාට කියනවා, නැත්නම් සල්ලි දාපං කියලා. වේයන්ගොඩ පැත්තේ පිරිසක් තමයි මේ සිද්ධියට සම්බන්ධ වෙලා හිටියේ. මේ දේ බය නැතුව කියන්නේ පොලීසියට හැම දෙයක්ම බාර දීලා තියෙන නිසයි. ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. ඇත්තටම මම කවුද? ඉස්සර බිහි වෙච්ච චරිත එක්ක බලන කොට, එයාලට වෙච්ච දේවල් බලන කොට මම කවුද? එහෙමත් හිතෙනවා. බොහොම සරලව මේ දේවල් තේරුම් අරං මගේ ගමන යනවා.

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
මේ අවුරුද්දේ විදේශ සංචාර 07කට එකතු වුණා. ඉස්සරහට එන්නේ ප්‍රසංග බොහෝ ප්‍රමාණයක් පැවැත්වෙන දින කිහිපයක්. ඒ වගේම මගේම අලුත්ම ගීතය වන ‘ආදරය ආගමකි’ කියන ගීතය, පූජා කරන්නම් ගීතය වගේ මිනිස්සු මේ දේ වැළඳ ගනියි කියන බලාපොරොත්තුව ඇතුව ඉන්නවා. සුපුරු ප්‍රසංග වලට ලංකාවේ වටේම යන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරියේ ලොකු වෙනසක් වෙයි කියන බලාපොරොත්තුව රසිකයන්ට දෙනවා. මොකද ඒ ලොකු වෙනසක් නිසා.

ඩිලාන් ක්‍රිෂාන්ත

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල