Skip to main content

වෙඩින් එකක ඩාන්ස් එකක් නිසා ජනප්‍රිය වෙච්ච තරුණ කොල්ලා



2018-11-27-ent-55
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා තරුණයෙකු වෙඩින් එකකදී ඩාන්ස් කරන වීඩියෝවක් සැරිසරනවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉන්න කෙනාව අපිට හමු වුණා. ඒ තමයි දර්ශන දේවනාරායන. ඉතින් ඔහු අපිට මේ ජනප්‍රියත්වය ගැන කිව්වේ මේ විදිහට.

දර්ශන ගැන විස්තර කිව්වොත්?2018-11-27-ent-56
මගේ නම දර්ශන දේවනාරායන. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. මේ දිනවල මම රැකියාවෙන් ඉවත් වෙලා විදේශගතවීමට සූදානමින් ඉන්නේ.

දර්ශන ගැන සමාජ මාධ්‍ය තුළ කතාවෙන්න පටන් ගත්තේ ඇයි?
වෙඩින් එකකට ගිහිල්ලා කරපු ඩාන්ස් එකක වීඩියෝ එකක් නිසානේ.

කොහොමද ඒ වීඩියෝ එක සෝෂල් මීඩියා එකේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ?
මගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙකුගේ වෙඩින් එකකට ගිහිල්ලා තමයි මේක වුණේ. අපි යාළුවෝ එක්ක එකතු වෙලා ෆන් එකක් අරගෙන ඩාන්ස් කරලා ඉවර වෙලා කෑම කන්න යද්දි තමයි ඔය සිංදුව ප්ලේ කළේ. එතකොට තමයි මම ඔය ඩාන්ස් එක කළේ. නමුත් මම ඔහොම ඩාන්ස් එකක් කළා කියලා මතකයක් තිබුණේ නැහැ. දවස් දෙකකට විතර පස්සේ ඔය වීඩියෝ එක අපේ ගෘප් එකකට දාලා තිබුණේ. එතකොට තමයි මටත් මතක් වුණේ මම මෙහෙම දෙයක් කළා කියලා. ඉතින් මේක මුලින්ම මගේ tik tok පේජ් එකට අප්ලෝඩ් කරා. ජනප්‍රියත්වක් ගන්න නෙවෙයි කළේ. ජොලියට වගේ. ඒකෙන් අරගෙන තමයි ෆේස්බුක් පේජ්වලින් අරගෙන දාලා තිබුණේ. ඊට පස්සේ තමයි වීඩියෝ එක ශෙයා වෙන්න ගත්තේ. මම වීඩියෝ එකින් භාගයයි දාලා තිබුණේ. ඊට පස්සේ මැසේජ් ආවා ෆුල් වීඩියෝ එක දාන්න කියලා.

මේ විදිහට ෂෙයා වෙලා ජනප්‍රිය වෙයි කියලා හිතුවද?
මෙහෙම ජනප්‍රිය වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒත් ෂෙයාර් වෙයි කියලා හිතුවා. මොකද මේක බලන්න බලන්න මටත් ආසා හිතෙනවා.

මේ ජනප්‍රියත්වය නිසා කලා ක්ෂේත්‍රයෙන් හෝ නිරූපණයට වගේ දේවල්වලට ආරාධනා ලැබුණේ නැද්ද?
දැනට මට ටී.වී. කොමර්ෂල් දෙකකට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කියලා ආරාධනා ලැබුණා. ටී. වී. ප්‍රෝග්‍රෑම් එකකටත් ආරාධනා ලැබුණා. ටී. වී. එකකට ප්‍රසන්ටින් කරන්නත් ආරාධනා ලැබුණා. ඒවාට සහභාගී වෙන්නත් අදහසක් තියෙනවා. ඊට අමතරව මම සෝෂල් මීඩියා එක පැත්තෙන් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා.

මේ ජනප්‍රියත්වයත් සමග තවත් වැඩ කරලා ජනප්‍රියත්වය රඳවා ගන්නද උත්සාහ කරන්නේ?
ඇත්තටම කිව්වොත් මේ ඩාන්ස් එක ප්‍රචාරය වෙලා තියෙන්නේ බීලා නටන එකක් විදිහටනේ. ඉතින් ඒක වෙනස් කරන විදිහේ වැඩ ටිකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ.

මේ වීඩියෝ එක නිසා ගැහැනු ළමයන්ගෙන් ආදර යෝජනා ආවේ නැද්ද?
ගොඩාක් ඇවිත් තිබුණා. ගැහැනු ළමයි කෙලින්ම අහනවා. එහෙම අහන අයට මම හිනා මූණක් යවනවා. මටම පුදුමයි ඒ විදිහට අහන්න තරම් මම ජනප්‍රිය වුණු එක ගැන.

කැළුම් දේවින්ද

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල