Skip to main content

ජයලත් මනෝරත්නට දැන් සුවයි

ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න අසනීප වුනු පුවතක් පසුගියදා කලා ලෝකයම කම්පාවට පත්කලා. ඒ පුවතින් කියවුනේ චිත්‍රපට රූගත කිරීමක් අතරතුර මනෝරත්නයන් අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි.
මේ පුවත සමග මනෝරත්නයන්ට ආදරය කරන බොහෝ රසික පිරිසක් කම්පාවට පත්ව මේ ගැන තොරතුරු සොයා බලන්න වුනා. ඔහු වෙනුවෙන් බෝධි පූජා පිංකම් මාලාවක්ද පැවැත්වුණා. 
කෙසේ නමුත් මනෝරත්න, හදිසි අසනීප තත්වය නිසා රෝහල්ගතවී ප්‍රතිකාර ලබා ගත්තා. මේ වනවිට ඔහු සම්පුර්ණයෙන් යථා තත්වයට පත්ව ඇති බවත් සඳහන් වනවා. නමුත් වෛද්‍ය උපදෙස්වී තිබෙන්නේ විවේක ගන්නා ලෙස. ඒ නිසාම ඔහු කිසිදු ඇමතුමකට ප්‍රතිචාර නොදක්වන බවත්, ඔහු හමුවීමට අමුත්තන්ට නොහැකි බවත් පැවසෙනවා. කෙසේ නමුත් මනෝරත්න මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වනවා. ඔහු රංගනයෙන් දායක වීමට එකඟවී තිබු නිර්මාණ කිහිපයක්ම මේ වනවිට රූගතකළ කිරීම් කල්දමා ඇති බවත් සඳහන්.
20181128Jayalath-1

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.