දකුණු ඉන්දීය සිනමාවේ ජනප්රියතම සිනමා තරුවක් වන ධනුෂ්ගේ ‘මාරි’ දෙවැනි චිත්රපටය එළැඹෙන දෙසැම්බර් 21 වැනිදා ප්රදර්ශනය වීමට නියමිතය. 2015 වසරේ තිරගත වූ ‘මාරි’ චිත්රපටයේ දෙවැනි කොටස රැගත් චිත්රපටය වන මෙය මේ වසරේ ධනුෂ් රංගනයෙන් දායක වන දෙවැනි දමිල චිත්රපටයද වේ.
ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වනු ඇති චිත්රපටයක් ලෙස බොහෝ දෙනෙකු හැඳින්වුවද ‘මාරි’ දෙවැනි චිත්රපටය ප්රදර්ශනය වන දිනයේදීම සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්රපටයද එදිනම ප්රදර්ශනය වීමට නියමිතව ඇත. එම චිත්රපටයද දමිල බසින් හඬකවා දකුණු ඉන්දියාවේ සිනමා ශාලා රැසක ප්රදර්ශනය කිරීමටද සැලසුම් කොට තිබෙන බව සඳහන් වේ.