Skip to main content

මියුසික් විඩියෝවල නම් දැන් භාරගන්නේ දෙපාරක් හිතලා

2018-11-27-ent-98
මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ දකින පියුමි ශ්‍රී නායක වෘත්තියෙන් නිරූපිකාවකි. පසුගිය කාලයේ ආන්දෝලාත්මක ගීත රූප රචනා කිහිපයකින්ම දුටු ඇය මේ වනවිට රංගන ශිල්පිනියක ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගනිමින් සිටියි. අද ‘සාරවිට’ තරු කතාබහ දිගහැරෙන්නේ ඇය සමගයි.

රංගන ශිල්පිනියක් ලෙස පියුමි දැන් ජනප්‍රියයි නේද?2018-11-27-ent-103
ඔව්, මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. සිරස රූපවාහිනියේ ‘නීල පබළු’, ස්වර්ණවාහිනියේ ‘වෙස්’ වගේම නොවැම්බර් 25 වැනිදා සිට දෙරණ රූපවාහිනියේ දිග හැරෙන දැවැන්ත ටෙලි නාට්‍යයක් වන ‘රාවණා’හි මාව දකින්න පුළුවන්.

නිරූපණ වෘත්තිය දැන් අත්හැරලාද?
එහෙමත් වෙලාවකට හිතෙනවා. මොකද, රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ ගොඩක් කාර්ය බහුල වුණා. ඒ නිසා නිරූපණය පැත්තෙන් ආපු වැඩ ගොඩක් මට මගහැරුණා. නමුත්, දන්න අයගේ වැඩ කිහිපයක් කළා. නිරූපණය අත්හැරලාම නැහැ. තෝරාගත් වැඩ භාරගෙන කරනවා. ඊට අමතරව ඉඩ ලැබෙන පරිදි මියුසික් වීඩියෝ වගේ දේවල්වලටත් දායක වෙනවා.

ඔබ දායක වුණ රූප රචනා කිහිපයක් පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වුණා?
ඒ මියුසික් වීඩියෝවල රඟපෑවට පස්සේ මට බොහෝ දේවල් අහිමි වුණා කිව්වොත් හරි. ඒ මියුසික් වීඩියෝ ලංකාවේ සංස්කෘතියට ගැළපෙන ඒවා නෙමෙයි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයවලටත් මාව සම්බන්ධ කරගත්තේ මගේ දක්ෂතාවය නිසා. සමහර රූපවාහිනි නාළිකා ටෙලි නාට්‍යයවලට මාව සම්බන්ධ කරගන්න එපා කියලා දැනුම්දීලා තිබුණා. ඒකට හේතුව මම කතාබහට ලක්වුණ මියුසික් වීඩියෝවලට දායක වුණ නිසා. ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු නාළිකා ප්‍රධානින් එක්ක කතා කරලා මගේ රංගනය හැකියාව පිළිබඳව ඒ අයට පහදලා දීලා, අවස්ථාවක් දීලා බලමු කියලා එකඟතාවයකට ඇවිල්ලා තමයි මාව ටෙලි නාට්‍යයවලට සම්බන්ධ කරගත්තේ.

ඉදිරියටත් මේ වගේ නිර්මාණය වන ගීත රූප රචනාවලට දායක වෙනවාද?
ආයෙත් නම් මම ඒ වගේ මෝඩකම් කරන්නේ නැහැ කියලා හිතාගත්තා. ඉදිරියට මේ වගේ දේවල්වලට සම්බන්ධ වෙන පිරිසටත් කියන්නේ යම් දේකට දායක වෙනවා නම්, ඒක තෝරා බේරාගෙන ලංකාවෙ සංස්කෘතියට ගැළපෙන විදිහට නිර්මාණවලට දායක වෙන්න කියලා. මොකද, අපි ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ ජීවත් වෙන අය නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඉතින් ලාංකීකයන්ට ගැළපෙන දේවල් පමණක් කරන්න.

ඉදිරියට නිරූපණයද? රංගනයද ඔබ තෝර ගන්නේ?
රංගනයට දැන්නම් ගොඩක් ආසයි. ඉදිරියටත් ඒ පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න ආසාවක් තියෙනවා. තවමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි. ඉතින් ඉදිරියට යන්න නම් ඒ පිළිබඳව හැදෑරීමක් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒ නිසාම මේ දිනවල ඒ සම්බන්ධව හැදෑරීම් කරගෙනත් යනවා.

කරපු ටෙලි නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?
කවදාවත් මම තෘප්තිමත් වෙන්නේ නැහැ මගේ රඟපෑම ගැන. දැන් විකාශය වෙන කොටසක් නැරඹුවත් මට හිතෙන්නේ මේක මීට වඩා තව මට හොඳට කරන්න තිබුණා කියන හැඟීම. කවදාවත් මට හිතිලා නැහැ මම රඟපාපු එක හොඳයි කියලා. කොහොම වුණත් රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැතිව මට ලැබෙනවා. ගොඩක් අය කියන්නේ මම රඟපානවා හොඳයි කියලා.

  2018-11-27-ent-1022018-11-27-ent-1012018-11-27-ent-1002018-11-27-ent-99

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.