Skip to main content

16 වැනි ‘ඩයලොග් රිදී රැයක්’ 31 දා දෙරණින්



2018-12-28-ent-107
ශ්‍රී ලාංකීය සිනමා අඹරේ බැබලෙන තරු පිරිවරාගත් ඩයලොග් රිදී රැයක් ප‍්‍රසංගය මෙවර පැවැත්වෙන්නේ 16 වැනි වතාවටයි. දෙසැම්බර් 31 වැනිදා රාති‍්‍රයේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන රිදී රැුයක්, සිනෙස්ටාර් පදනමේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි. ජයන්ත ධර්මදාසගේ සංකල්පයකට අනුව එදා දියත් වූ මේ වින්දනාත්මක ප‍්‍රසංගය මැවීමට මූලික වූයේ ප‍්‍රවීණ නර්තනවේදී චන්න විජේවර්ධන, ප‍්‍රවීන රංග තරු වන සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම සහ ෂෙරීන් කුමාරතුංග ඇතුළු අතළොස්සකගේ සහභාගිත්වයෙනි. ඉනික්බිතිව තිලක් හේවාකපුගේ මෙන්ම කලා ලොවේ තවත් ප‍්‍රවීණයින්ගේ අප‍්‍රතිහත කැපවීම මත අඛණ්ඩව වසර 16ක් මුළුල්ලේ පැවැත්වෙන රිදී රැුයක් මෙවර හැඩතල මැවෙන්නේ කෙළෙසද කියා අපි බලමු. රිදී රැුයක් පෙර වතාවන්වලදී මෙන්ම මෙවරද පූරක ලෙස කටයුතු කරන්නේ ප‍්‍රවීන සන්නිවේදක කැලූම් ශ්‍රීමාල්ය.

දන්නවද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම චිත‍්‍රපටය කුමක්ද කියලා?
ඔහු ප‍්‍රශ්නයක් ඇසුවේය.2018-12-28-ent-106
ඒ තමයි ‘‘රාජකීය වික‍්‍රමය’’. ඒකෙ රඟපෑවේ ආචාර්ය එන්.එම්. පෙරේරා. 1925 නිර්මාණය වූ මෙය දෙබස් නොමැති චිත‍්‍රපටයක්. එනම් නිහඬ චලන චිත‍්‍රපටයක්. හැබැයි එය ලංකාවේ පෙන්වන්න බැරිවුණා. ලංකාවේ පෙන්වීමට පෙර දළ සේයාපට ගින්නකට හසුවී විනාශ වෙලා. ඉන්දියාවේ හා සිංගප්පූරුවේදී එය ප‍්‍රදර්ශනය කර තිබුණා.
කැළුම් කතාව කියාගෙන ගියේය. ‘‘දන්නවද මෙහි රඟපෑ එන්.එම්. පෙරේරා මහතාට එදා මිනිස්සු විහිළුවට කියලා. තියෙන්නෙ. ‘නෝxමනි’ කියලයි. භගඵග කියන අකුරු දෙකට එහෙම කියූ භගඵග පසු කලෙක මුදල් ඇමති වීමත් දෛවෝපගත සිදුවීමක්.
ඒ විදියට මෙවර රිදී රැයක් පූරක ලෙස මතකය අවදි කළ කැලූම් ප‍්‍රථම කතානාද චිත‍්‍රපටය ගැන විස්තර කළේය. ‘‘ඒ අප කවුරුත් දන්නා කඩවුණ පොරොන්දුව ගැනය.
‘‘ ඒ කියන්නේ දෙබස් හෙවත් ඩයලොග් සමග නිර්මාණය වූ සිනමාව ගැනය.
‘කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි දෙබස් අද අපට නැතුවම බැරි දෙයක් වෙලා. ඒක හරියට රිදී රැුයක් එකට අනුග‍්‍රහය දක්වන ‘‘ඩයලොග් ’’ වගේ.
කැලූම් හරි අපූරුවට ඩයලොග් ගළපාලූවේ එලෙසිනි.
මෙවර රිදී රැුයක් ආරම්භ වන්නේ චන්නගේ සිසු පිරිසේ හරි අපූරු නර්තන අංගයක් සමග 2018 නිර්මාණය කරමිනි. ඉනික්බිතිව ප‍්‍රවීණ රංගවේදිනී ශි‍්‍රයානි අමරසේන වේදිකාවට අවතීර්ණ වන්නීය.

‘‘දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආදර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැළේ’’

එදා 1971 දී තිරගත වූ ‘‘සීයේ නෝට්ටුව’’ (කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ) චිත‍්‍රපටයට ඇතුළත් මේ ගීතය ගයා ඇත්තේ විශාරද නන්දා මාලිනිය විසිනි. පේ‍්‍රමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතයට නිර්මාණය වූ එම ගීත ජවනිකාවට එදා ශි‍්‍රයානි පෙනී සිටියේ ජෝ අබේවික‍්‍රමයන් සමගය. මෙවර ඇය රිදී රැුයක් වෙනුවෙන් චන්නගේ සිසු පිරිස සමග මැවූ නර්තන අංගය සැබැවින්ම හරි අපූරුය.
ඉන්පසු සුරාජ් මාපා, ජනිත් වික‍්‍රමගේ සහ රුවන් වික‍්‍රමසිංහ වේදිකාවට පැමිණෙන්නේ.

‘‘ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නොතැවීලා’’
හද සැණකෙළියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනූ රහයි ජීවිතේ’’

සුරාජ් මෙසේ පවසන්නේ සචිනි අයේන්ද්‍රා හටය. එදා ජෝතිපාලයන්ගේ ආදරණීය හඬට මෙදා ජනිත්, සුරාජ් සහ රුවන් සචිනි හට ආදරණීය රංගනයක් සමග මේ ගීතය ඉදිරිපත් කරන රිද්මය වඩාත් සිත්ගන්නාසුළුය.
‘යශෝධා සහ රොෂාන්’ නැවතත් යුවළක් වී යුග ගීතයකට ප‍්‍රවේශ වීම ඊළඟට සිදුවේ.
වික්ටර් රත්නායක, ලතා වල්පොල ගැයූ මිහිරිතම ගීතයක් වන

‘‘ගහ කොල මල් කඳු වැටි
නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළිසඳරේ
රස වෑහෙන සියුම් ගීතිකා රහසේ
දෑස්වලින් කතා කරමු... රහසේ...’’

මෙවර යශෝධා - රොෂාන් දෑස්වලින් රහසේ කියූ ඒ කතාවට රංගනය එක් කළ මොහොත රස වෑහෙන මොහොතක්මය.
ඊළඟ ගීතය වන්නේ ඕනෑම මංගල උත්සවයකදී අද අහන්න පුළුවන් එදා මිනෝන් රත්නම් ගායනා කල ගීතයකි.
‘කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ’ අද ඊට රඟන්නේ, පි‍්‍රයසාද් පවුලේ සුරුපී අක්කාxනගාලා. ඒ තමයි දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි. ශනුද්‍රි මනාලියක ලෙස හැඩවී අක්කලා දෙන්නාගේ උරහිස් මත මුහුණ හොවා කරනු ලබන රංගනය සැබැවින්ම හරිම හැඟුම්බරය.
ජීවන් කුමාරතුංග සිනමාවට ආ මුල්ම අවදිය ඔබට මතකද? සත්තකින්ම නැවතත් මෙවර ඔබට ඔහු එලෙසින්ම කඩවසම් - කි‍්‍රයාශීලි පෙනුමින් දකින්නට ලැබීම පුදුමයක් වේවි.
වසන්ත කුමාරවිල, සුරාජ් මාපා, ජනිත් වික‍්‍රමගේ සමග මේ කඩවසම් ජීවන් ‘‘හිතුමතේ ජීවිතේ’’ ගයමින් රඟන අපූරුව ඔහු සතු නොනිමි ජවය නැවත විදහාපෑමක් වන්නේය.
‘‘ජල දහරාවේ’’, ගීතය ඔබට හොඳින් මතකනෙ. මෙවර මෙම ගීතයට චන්නගේ පිරිවර සමග නර්තනයට උපන් හපන් අනුෂා දමයන්ති සහ නිලන්ති ඩයස් මවන රංගන නර්තනයට ඔබ වශීකෘත වේවි.
‘‘මධුර යාමේ’’ මිහිරිතම ගීතයට ප‍්‍රවීන යුවළ ක්ලීටස් මෙන්ඩිස් සහ වීණා ජයකොඩි මවන මාධුර්යය ගැන කීමට වචන නැති තරම්ය. ඊළඟට කරළියට අවතීර්ණ වන්නේ රවින්ද්‍ර රන්දෙණියයි. තනිවම නොවේ, නව පරපුරේ සුරූපී තාරුකා වන්නිආරච්චි සමගයි.

ඝන අන්ධකාරයෙන් මිදී
ලොව දකින්නෙමී දෙනෙත් තුළින්
මා තැනූ රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්..

මෙම ආදරණීය ජවනිකාව අවසන කැළුම් රවීගෙන් ප‍්‍රශ්න වැළැක් ඇසුවේය. දැන් චිත‍්‍රපට කීයක විතර රඟපාලා තියෙනවද?
‘‘සීයක විතර’’
රවී කීවේය.
මෙම චිත‍්‍රපට අතරින් ඔබගෙ පෙම්වතියගේ චරිතය රඟපෑ ශිල්පිනියන් අතරින් ඔබගේ පි‍්‍රයතම ශිල්පිනිය කවුද? කැලූම් රවීව නැවතත් අමාරුවේ දැම්මේය.
‘‘මට ගෙදර යන්නත් ඕනෙ නේද?’’
රවී ප‍්‍රශ්නය මගහරින්නට හැදුවේය. ‘‘ආ කමක් නෑ පී‍්‍රති අක්කා මොනවත් කියන එකක් නැහැ. එයා ඔය ඉස්සරහම ඉන්නෙ’’ කියා කැලූම් කීවේය.‘‘හරි, රවි අයියා එහෙම නම් මෙහෙම කියන්න බලන්න. ඔබ එක්ක රඟපෑ ශිල්පිනියන් අතරින් කැමතිම කා එක්ක රඟපාන්නද?’’
කැලූම් යළිත් රවීගෙන් ඇසුවේය. ‘‘අයියෝ ඕක හරි සිම්පල් පිළිතුරක්. මම කැමතිම දෙනවක හාමිනේට’’
එලෙස කියූ රවි රිදී රැුයක් වේදිකාවෙන් නික්ම ගියේ පේ‍්‍රක්‍ෂකාගාරයේ නොනවතින අත්පොළොසන් හඬ වින්දනය කරමිනි.
මේ දිනවල ප‍්‍රවීණ රංග ශිල්පිනී සංගීතා වීරරත්න දෙස ඔබ බැලූවොත්, මොහොතකට විශ්මයට පත්වේවි. ඇය හිටියායින් බාගයක් වී සිටින්නීය. එතරම්ම ඇය සිරුර කෙසඟ කරගනු ලැබුවේ මේ රිදී රැුයක් නිසාමය. ඇය මෙවර භාතිය සන්තුෂ්ට මැදිව, ‘‘මීදුම උතුරන සඳපානේ
මීවිත හිස් වෙයි මධු බඳුනේ’’
ගීතයට ලබාදෙන නර්තන ජීවය අතිශය අලංකාරය.
ශි‍්‍රයන්ත මෙන්ඩිස් මෙවර තමාගේ බිරිඳ කුසුම් රේණු එක්ක ‘‘මෙන්ඩිස් ස්පෙෂල්’’ රංගනයක් ඉදිරිපත් කරයි.

කසිලි - බිසිලි නෑ
ඇගේ පච්ච නෑ
බජාර් එකේ හොඳ කකුලක් මං
ඇදිලි - පැදිලි නෑ
හිතේ බයක් නෑ
ඉදිරියටම යන කොල්ලෙක් මං
ගෙවිලා ගිහින් රාහුගෙ අපලේ
දැන් නම් මගේ සිකුරා නළලේ’’

කියමින් හරි අපූරු රංගනයක් කළේ ආදරණීයබිරිඳට හාදු දෙමිනි.
ඉහත කී තරු රෑනට අමතරව නිළි රැජිණි මාලිනිය, රංගධර ජැක්සන් ඇන්තනී, දිල්හානි, උපේක්‍ෂා, විනූ, සාරංග, මහේන්ද්‍ර, ගිරිරාජ්, සරත් කොතලාවල, බන්ධු සමරසිංහ, පුබුදු චතුරංග, ගයාන්, චිලි සමග උදාරි පෙරේරා, අසේකා, මංජුලා කුමාරි, චුලක්‍ෂි, ශලනි, චතුරිකා සමග මෙවර රිදී රැයක් රසගැන්වී තිබේ.

සඳුන් ගමගේ

2018-12-28-ent-1012018-12-28-ent-1022018-12-28-ent-1032018-12-28-ent-1042018-12-28-ent-105  2018-12-28-ent-108

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල