Skip to main content

ගායිකාවක් ලෙස සුප්‍රසිද්ධියට පත් නිළිය



20181210Jenifer-2
මේ ගෙවී යන්නේ 2018 වසරේ අවසාන දින කිහිපයයි. එසේ වූවත් මේ සීමිත දින ගණනද හොලිවුඩ් සිනමාවට අභියෝගාත්මක දින කිහිපයක් බවට පැවසිය හැකිය. ඒ මේ වනවිටත් එළිදැක්වීමට ඇති චිත්‍රපට නිසාවෙනි.
හොලිවුඩ් සිනමාවේ පමණක් ඉදිරි දින කිහිපය ඇතුළත හොලිවුඩ් චිත්‍රපට 18ක ප්‍රමාණයක් එළිදැක්වීමට නියමිතව තිබේ. අභියෝගාත්මක දින කිහිපය තුළ එම චිත්‍රපට කොතෙකුත් දුරට සාර්ථක වන්නේද යන කාරණාව කාගේත් සිත් තුළ ඇති වන ප්‍රෙහෙලිකාවකි. කෙසේ වූවත් එළිදැක්වීමට නියමිත චිත්‍රපට අතරින් කාගේත් අවධානයට යොමු වූ චිත්‍රපටයක් ලෙස ‘Second Act’ නම් චිත්‍රපටය හැඳින්විය හැකිය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ පොප් ගායිකාවක් ලෙස සුප්‍රසිද්ධ ජෙනිෆර් ලෝපේස් විසිනි. ඇය රංගනය ඔස්සේ එතරම් ජනප්‍රිය තරුවක් නොවූවත් ගායන ලෝකය තුළ තරුවකි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන්නේද ඇයයි. දෙසැම්බර් 21 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට පැවසේ. ගායන ලෝකය තුළ තරුවක් වන ජෙනිෆර් සිනමාව තුළද කැපී පෙනෙන තරුවක් වන බව බොහෝ දෙනාගේ අදහසයි.
1969 වසරේ උපන් ජෙනිෆර් වෘත්තීමය වශයෙන් ගායිකාවක් වීමට ප්‍රථම සිනමා නිළියක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිස තිබේ. ඒ 1986 වසරේදී තිරගත වූ ’MyLittle Girl’නම් චිත්‍රපටය ඔස්සේය. ඉන්පසු ඇය නැවත 1993 වසරේදී තිරගත වූ ‘Lost in the Wild’නම් චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබේ. සිනමා තරුවක් ලෙස ඇය නැවත 1995 වසරේදී, චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වී ඇත. ඒ ‘Money Train’සහ ‘My Family’නම් චිත්‍රපට දෙකයි. ඉන්පසු ඇය 1996 වසරේදී එක් චිත්‍රපටයක් සඳහාද, 1997 වසරේදී චිත්‍රපට 04ක් සඳහාද රංගනයෙන් දායක විය.
1998 වසරේදී ඇය සිනමා නිර්මාණ දෙකක් සඳහා රංගනයෙන් දායක විය. සිනමා රංගන ශිල්පිනියක් ලෙස ක්‍ෂේත්‍රයට පිවිසි ඇයට ගායන ලෝකය තරුවක් වීමට අවස්ථාව හිමි වන්නේ 1999 වසරේදී ඇයගේ පළමු ගීත ඇල්බමය නිකුත් කිරීමත් සමගිනි. ඒ ‘On the 6’ නම් ගීත ඇල්බමයයි. මෙම ගීත ඇල්බමය සාර්ථක, විශාල ලෙස අලෙවි වූ ඇල්බමයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා විහිදී ගිය මෙම ගීත ඇල්බමය ඕසට්‍රේලියාව, ඇමෙරිකාව, බෙල්ජියම, කැනඩාව ඇතුළු තවත් රටවල් 05ක සාර්ථක අලෙවි වූ බවට සඳහන් වේ. ගායිකාවක ලෙස සාර්ථක වූ ජෙනිෆර් නැවතත් සිනමාවට පිවිසෙනුයේ 2000 වසරේ තිර ගතවූ ‘The Cell’ නම් චිත්‍රපටයෙනි. ගායිකාවක් සහ රංගන ශිල්පිනියක ලෙස සාර්ථක ගමනක් ආරම්භ කළ ඇය සිය දෙවැනි ගීත ඇල්බමය එළිදක්වනු ලබන්නේ 2001 වසරේදීය. ඒ ‘J.Lo’ නමිනි. කැසට් පට සහ සීඩී ලෙසින් එළිදැක්වූ මෙම ගීත ඇල්බමය රටවල් 11ක ඉතාමත් සාර්ථක ලෙස අලෙවි වූ ගීත ඇල්බමයක් විය. 2001 වසර් ඇයට තවත් සුවිශේෂී වසරක් වන්නේ ඇය එම වසර තුළ සිනමා නිර්මාණ දෙකක් සඳහා රංගනයෙන් දායක වීම නිසාවෙනි. 2002 වසරේ ඇයගේ තෙවැනි ගීත ඇල්බමය වන ‘This Is Me... Then’ නම් ගීත ඇල්බමය එළි දැක්වීය.
20181210Jenifer-12002 වසරේ සිට 2010 වසර දක්වා ඇය චිත්‍රපට 12ක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2005 වසරේදී ඇයගේ හතරවැනි ගීත ඇල්බමය වන ‘Rebirth’ ගීත ඇල්බමය එළි දැක්වීය. ඉන්පසු 2007 වසරේදී ‘Como Ama una mujer’ නම් ගීත ඇල්බමය එළිදක් වූ අතර, 2007දී තවත් ගීත ඇල්බමයක් එළි දැක්වීය. ඒ ‘Brave’ නම් ගීත ඇල්බමයයි. 2011 වසරේදී එළි දැක්වූ ඇයගේ ‘Love?’ නම් ගීත ඇල්බමය ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියත්වයට පත්විය. රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමට ඇය නැවත 2010 වසරෙන් පසුව සිනමා නිර්මාණයක් සඳහා දායක වන්නේ 2012 වසරේදීය. ඒ ‘What to Expect When You're Expecting නම් චිත්‍රපටය සඳහාය.
2013 වසරේදී තිරගතවූ ‘Parker’ නම් චිත්‍රපටය සඳහා ජෙනිෆර් රංගනයෙන් දායක විය. 2014 වසරේදී ඇයගේ ගායන දිවිය පිළිබඳව චිත්‍රපටය නිෂ්පාදනය කෙරුණි. ඒ ‘Jennifer Lopez : Dance Again’ නම් චිත්‍රපටයයි. 2014 වසරේදී ඇය විසින් එළිදැක්වූ ගීත ඇල්බමයක් වන ‘A.K.A.’ ගීත ඇල්බමය තරමක් අසාර්ථක ගීත ඇල්බමයක් බවට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්පසුව ඇය 2015දී චිත්‍රපට 04ක් සඳහා ඇය රංගනයෙන් දායක වන අතර, එම වසරෙන් පසුව ඇය රංගන දිවිය සඳහා තාවකාලිකව සමුදුන්නේය.
2015 වසරෙන් පසුව ඇය නැවත රංගනයෙන් දායක වන්නේ මේ වසරේදී එළිදැක්වීමට නියමිතව ඇත ‘Second Act’ චිත්‍රපටය සඳහාය. සිනමාවේ මෙන්ම ටෙලි නිර්මාණ සඳහාද ඇය දායකත්වය ලබාදී තිබේ. 1991 වසරේදී ටෙලි නිර්මාණ සඳහා දායක වූ ඇය 2018 දක්වා රූපවාහිනී කතාමාලාවන් 18ක් සඳහා රංගනයෙන් දායක විය. සිනමා තරුවක් වී, සම්මාන ලාභී නිළියක් වීම තමාගේ ප්‍රධාන සිහිනයක් බව ඇයගේ අදහසයි.
ඩිලාන් ක්‍රිෂාන්ත

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල