Skip to main content

‘කුරුලු’ චරිතය මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂයයි


20181230Tansha-3
‘සිරස’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන සඳුන් රාජකරුණාගේ ‘නීල පබළු’ ටෙලි නාට්‍යය තුළින් දකින ටනාෂා සතරසිංහ සමග මෙවර ‘තරුණයා’ තරු කතාබහ අපි ඇරඹුවෙමු. වෘත්තියෙන් නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය, මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ටෙලි හා සිනමා රංගන ශිල්පිනියක ලෙසය. ‘නීල පබළු’ ටෙලි නාට්‍යයට අමතරව ඉදිරියේ දී සිනමා රැසකින් ඇය ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානමින් සිටින්නීය.
නැවතත් ඔබව අපි ටෙලි නිර්මාණයක මේ දිනවල දකිනවා?
ඔව්, ‘සිරස’ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ. එහි මම ‘කුරුලු’ කියන චරිතය නිරූපණය කරනවා. මේක මගේ දෙවැනි ටෙලි නාට්‍යය රංගනය. දෙරණ නාළිකාවේ විකාශය වූ ‘තිමිරගෙය’ මගේ මුල්ම ටෙලි නාට්‍යය.
ඔබ සිනමාවට පමණක් දායක වෙන බව කාලයකට කලින් කිව්වා?
ඔව්, නමුත් චිත්‍රපට කිහිපයක් මගේ එන්න තියෙන නිසා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න හිතුවා. ඒ නිසා තමයි ‘නීල පබළු’ ටෙලි නාට්‍යය භාර ගත්තේ. අනික ‘නීල පබළු’ කියන්නෙත් වෙනස්ම කතාවක්. ‘කුරුලු’ කියන චරිතයට ගොඩක්ම හිතගිය නිසා තමයි මම ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න හිතුවේ.
20181230Tansha-2‘මෙගා’ ටෙලි නාට්‍යයක රඟපාන එක ගැටලුවක් නැද්ද?
මෑත කාලයේ නිර්මාණය වුණ ‘මෙගා’ ටෙලි නාට්‍යය ගත්තොත් බොහෝ වෙලාවට ඒකාකාරි බවක් තියෙනවා. නමුත්, ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ එහෙම ඒකාකාරි බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අධ්‍යක්ෂවරයා හා තිර රචකයා දෙන්නා එකතු වෙලා මේ ටෙලි නාට්‍යයේ කොටස් 50න් 50ට කතාව වෙනස් කිරීම. මගේ චරිතයත් එහෙම වෙනවා. මමත් කැමති නැහැ නිතර එකම විදිහට මාව ප්‍රේක්ෂකයන් දකිනවට.  
‘කුරුලු’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?
‘කුරුලු’ චරිතයට ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මේ නාට්‍යයට දායක වෙන්න ලැබුණ එකත් මම හිතන්නේ එක්තරා වාසනාවක් කියලා. කොටින්ම කිව්වොත් ‘නීල පබළු’ ටෙලි නාට්‍යය තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. මොකද, මම දැනට ටෙලි හා සිනමා රැසකට දායක වෙලා තියෙනවා. නමුත්, ඒ හැම නිර්මාණයකට වඩා මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේ ‘නිල පබළු’ ටෙලි නාට්‍යයේ ‘කුරුලු’ චරිතය. මේ අවස්ථාව මට ලබාදුන්න සඳුන් රාජකරුණා අයියට වගේම, ලලිත් වසන්න අයියාට ස්තුති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
චරිතය පුරාවට අපි ඔබව දකින්නේ සාරි විලාසිතාවලින්?
‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ බොහෝ දර්ශනවල මම ඉන්නේ සාරිවලින් හැඩවෙලා. මුල් කාලේ රූපගත කිරීම් කරන කොට නම් සාරි ඇඳගෙන රඟපාන එක තරමක් නුහුරු බවක් මට තිබුණා. මොකද, මීට කලින් මම සාරි ඇඳගෙන නැති නිසා. ඒත්, දැන් නම් විනාඩි පහක් ඇතුළත මට සාරි ඇඳගන්න පුළුවන්.
‘නීල පබළු’ එක්ක විතරද මේ දිනවල ඔබ කාර්ය බහුල?
නැහැ. නිරූපණ කටයුතුවලටත් වෙනදා වගේම මම දායක වෙනවා. කලා නිර්මාණයකට කියලා කරන්නේ ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ වැඩ විතරයි. සමහර අවස්ථාවලදී ‘නීල පබව’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් නිසා නිරූපණ කටයුතු මඟ ඇරෙන අවස්ථාවලුත් තියෙනවා. පසුගිය කාලේ චිත්‍රපට තුනකට මම දායක වුණා. ඒ නිර්මාණ එළැඹෙන 2019 වසරේ දී නිකුත් වෙයි කියලා හිතනවා.
ප්‍රදර්ශනය වීමට නියමිත ඔබගේ චිත්‍රපට මොනවද?
වාසිත සමරනායකගේ ‘රජදහනක්’ චිත්‍රපටයට. මේක මගේ සිවුවැනි චිත්‍රපටය. ඉදිරියට චන්න පෙරේරාගේ ‘එකයි, දෙකයි, තුනයි’ හා මොහොන් නියාස්ගේ ‘බඹර වසන්තේ’ චිත්‍රපට ප්‍රදර්ශනය වීමට නියමිතයි.
රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවුණ වසර ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු වෙනවා. නිමාව දකින මේ වසරේ දී රංගන ශිල්පිනියක් විදිහට ගොඩක් වැඩ කළා. ඒවායේ ප්‍රතිඵල ලබන වසරේ දී සිනමා නිර්මාණ ලෙස දැකගන්න පුළුවන් වේවි. ඊට අමතරව නිවේදිකාවක්, නිරූපිකාවක්, රූපරාජිනියක් විදිහටත් වැඩ කළා. ගොඩක් සතුටු වෙනවා මේ ගෙවුණු වසර කලාවටම කැප වෙන්න ලැබුණ එක ගැන.
බුද්ධික සේනාධීර / ඡායාරූප - කවීත් මිලින්ද
20181230Tansha-120181230Tansha-420181230Tansha-5

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :