Skip to main content

චේතනා පරිශුද්ධ වේනම් මුහුණ ගත කැත වෙන්නෙ නෑ

2018-12-28-ent-109
‘‘ලස්සන රහස්’’ ගැන කතා කරන්නට අද මා කැන්දාගෙන ආවේ ලස්සනම ලස්සන කාන්තාවක්. රංගන ශිල්පිනියක් සේම නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්‍ෂේත‍්‍රයේ අපට හමුවන ඇය වැඩිපුරම ඇස ගැටෙනුයේ වෙළඳ දැන්වීම් හරහාය. අශිකා මතසිංහ. ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. නමුත් ඇය තවමත් තරුණ යුවතියක් මෙන් රූමත්ය. මම කතාව ආරම්භ කළෙමි.

ආදරණීය බිරිඳක් වගේම අද ඔබ දරුවන් තිදෙනෙකුගේ මවක්. රාජකාරි බහුල අවිවේකී ජීවන රටාවකින් ඔබ ඔය තරම් ලස්සනට ප‍්‍රියමනාපව ජීවත් වෙන්නේ කොහොමද?
මම ලස්සනට ඉන්න ගොඩක් ආස කෙනෙක්. ඇත්තටම මම කෙනෙකුගෙ බියුටි එක කියලා දකින්නේ හමේ පාටවත්, මුහුනේ හැඩයවත් නොවේ. කෙනෙකුගේ ලස්සන මතුවිය යුත්තේ හදවතින්ම. පුංචි කාලයේ ඉඳලම මෛත‍්‍රිය, කරුණාව දයාව වැනි උතුම් ගුණාංග ජීවිතයට ලංකර ගන්න පුළුවන්නම් අපි ඉබේම ලස්සන වෙනවා. ඒ විතරක් නෙවේ නිරෝගිකමත් ආරක්‍ෂා වෙනවා. දෙමාපියෝ ගුරුවරු අපිට කියා දුන්න හොඳ පාරේ අදටත් යන නිසා සිතුවිලි වලින් හැමදාම පාරිශූද්ධව ජීවත් වෙන්න හැකි වීමයි මාගේ ලස්සන වීමේ රහස විදිහට හිතන්නේ.2018-12-28-ent-110

පෙර කුසල් මෙලොවදී ලස්සන වී උපදින්නට හේතු වන බව ඔබ විශ්වාස කරනවාද?
ඔව්. අපි පුංචි කාලයේදී දහම් පාසල් යන්න මල් කඩලා ලොකු මල් වට්ටි හදාගෙන දොහොත් මුදුනේ තබාගෙන ගිහින් පූජා කරනකොට අපේ වැඩිහිටියෝ කිව්වේ තව තවත් ලස්සන වෙන්න මල් ගොඩක් පූජ කරන්න කියලා. ගෑණු ළමයි ලස්සන වෙන්න කොහොමත් කැමති නිසා මම ඉස්සර මල් ගොඩක් පූජා කරනවා. ලස්සන වෙන්න ප‍්‍රාර්ථනා කරලා.

ඒ ප‍්‍රාර්ථනය අද මල්පලගැන්විලා
ඔව්. ඇත්තම කතාව නම් ක‍්‍රීම්වර්ග ගොඩක් දවස තිස්සේම ගාන්න මට දරුවන්ගේ වැඩත් එක්ක වෙලාවක් නැහැ. නමුත් කොහේට හරි යනවා නම් චාම් මේකප් එකක් යොදනවා. දහවල් කාලයේදී මෙන්ම රාත‍්‍රියේදී ඉඳහිට මොයිචර්රයිස් ක‍්‍රීම් වර්ගයක් යොදනවා.
පුංචි කාලයේ ඉඳලාම මම කෑමට ගොඩක් ආස කරන කෙනෙක් නොවේ. කොච්චර කෑම තිබුණත් කන්නේ බඩගින්න නැති වෙන්න විතරයි. ඒ නිසා ඇෙඟ් හැඩය අනවශ්‍ය පරිදි වැඩිවන්නේ නැහැ. ගෙදර වැඩයි දරුවෝ තුන්දෙනාගේ වැඩයි තනියම කරගන්න නිසා ගොඩක් කෑවම ඇඟට දැනෙන අපහසුවට මම කැමති නැහැ. කෑම කාලා වැඩි වුණාම දැනෙන නිදිමත දෛනික කටයුතු පමා වීමට හේතුවක් වන නිසා මම කෑම ගැන ඇත්තටම සැළකිලිමත්. තෙල් කෑම, පිටි කෑම, සීනි අධික කෑමවලට මම කැමති නැහැ. පලතුරු, පළාවර්ග, එළවළු ආදියනම් ගොඩක් කනවා. ළමයින්ට දෙන්න ඕන නිසා ගෙදරට ගොඩක් පලතුරු ගේන නිසාම මම පලතුරු නම් ගොඩක් කනවා. ව්‍යායාම නිරෝගි දිවියකට අතවශ්‍ය කාරණයක්. නමුත් හැමදාම ව්‍යායාම කරන්න යන්න බෑ සුමානයකට දින තුනක් විතර දරුවෝ තුන්දෙනා එක්ක පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා. ඒක හරිම විනෝදජනකයි වගේම ඇඟටත් ගොඩක් හොඳයි. මාව දකින ගොඩක් අය අහනවා ඇඟ ලස්සනට තියාගන්න කරන්නේ මොනවද කියලා. කට මට්ටු කළොත් ඇඟ මට්ටු කරන එක අභියෝගයක් නොවේ.

හම ලස්සනට තියා ගන්න නිවසේදී ගල්වන දේවල් මොනවද?
වේලාවක් තියෙන වෙලාවට යෝගට් එකක් මුළු ඇගේම ගල්වල ටික වෙලාවක් ඉඳලා සෝදලා හරිනවා. ඉදුනු ගස් ලබු මදය මුහුණට පැක් එකක් විදිහට යොදනවා ඉඳහිට. ඊට අමතරව මාසයකට දෙතුන් වතාවක් පිරිසුදුව ලබාගත් කොහොඹ කොළ මිටක් පිරිසිදු මැටි මුට්ටියක දාලා වතුර දාලා රැුයක් තියා උදෑසන එම සිසිල් වතුරෙන් මුහුණ සෝදනවා. එම ඖෂධීය වතුරට විෂබීජ සියල්ල ඉවත් වෙලා මුහුණ හොඳින් පිරිසිදු වෙනවා. කොහොඹ කොළ විෂබීජ නාශක ගුණය ඉහළින්ම ඇති ඖෂධීය පත‍්‍රයක් නිසා එම ස්වභාවික සත්කාරයෙන් ඇත්තටම ප‍්‍රථිපල තිබෙනවා. කුරුලෑ නිතර එන අයටත් එම සත්කාරය ඉතාම ප‍්‍රයෝජනයි.

විලාසිතා තෝරා ගැනීමේදී ඔබ සැළකිලිමත්ද?
ඔව්. අම්මා කියන උතුම් පදවියට අගෞරවයක් නොවෙන්න හැම විටම විලාසිතා තෝරා ගන්න මම සැළකිලිමත්.

ඇඟට ලස්සනම ඇදුම
සාරියට මම හරිම ලස්සනයි කියා හැමෝම කියනවා.
ඇඟට වඩාත් ගැලපෙන ලස්සනම පාට ප‍්‍රියසම්භාෂණ වැනි රාත‍්‍රී සාදවලට මම වඩාත් කැමති රතු පාටින් ඇදුම් තෝරා ගන්න.

බිරිඳක් විදිහට ඔබ ලස්සනට ඉන්නවාට සැමියාගෙන් දරුවන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාරය කොහොමද?
අම්මෝ හරිම ඉහළයි.
කොහේ හරි උත්සවයකට යනවා නම් සැමියා හරිම කැමතියි මාව ඉස්තරම් විදිහට අරගෙන යන්න. ඒ යන තැනදී එයාගේ හිතමිතුරන් ඥාතීන් මගේ ලස්සන වර්ණනා කරන එකට එයා හරිම ආසයි. වැඩිමල් දුවයි පුතයි ලස්සනට අඳින හැම වෙලාවකට ඒක අගය කරනවා. ඒත් චූටි පුතා (අවුරුදු තුනහමාරයි) මාව බදාගෙන මගෙ අම්මා අද ගොඩක් ලස්සනයි කියලා මූණ ඉඹගෙන ඉන්නකොට මට හිතට දැනෙන සතුට මුළු ලෝකයේම අය මාව අගය කරනවාට වඩා වටිනවා. ඒක හරිම ආදරණීය හැඟීමක්.

කාන්තාවකට ලස්සන ඇත්තටම වැදගත් කියා ඔබ හිතනවාද?
ඔව්. ඇත්තටම කාන්තාවකට ලස්සන මැරෙනකම්ම තිබිය යුතුයි. මම ලස්සන වෙනවා කියලා අපි එකිනෙකා හිතුවොත් මුළු පවුලක්, සමාජයත්, සමස්ත රටත් ලස්සන කර ගන්නවා කියන එක අභියෝගයක් වෙන්නෑ. අම්මා කෙනෙක් විදිහට මම හැමදාම මගේ දරුවන්ට කියා දෙන්නේ ලස්සනට, පිළිවෙළට පිරිසිදුව ඉන්න කියන එක. ලස්සන කියන්නෙ හමේ පාට නොවේ. සුදු හමක් ඇති හැමෝම ලස්සන නෑ. සුදු කළු කියන්නේ පාට සංකලනයක් විතරයි. කළු හම තියෙන ලස්සන අය අපේ රටේ වගේම ලෝකයේ හැමතැනමත් ඉන්නවා.

ලස්සනට වටිනාකමක් ගොඩනගා ගත හැකිද?
ම්..... ඔව්. රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් ලෙසින් මා අද ක්‍ෂේත‍්‍රයේ රැුඳී සිටින්නේ මට තියෙන ලස්සන නිසා.
අදටත් මම විලාසිතා ප‍්‍රදර්ශනවලට මනාලියක් ලෙසින් හැඩගැන්වෙනවා. රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආරාධනයෙන්. දරුවෝ තුන්දෙනෙක් හිටියත් එසේ නිරූපනය සඳහා හැඩවෙන මම මගේ දිහා බලලා සතුටු වෙනවා. මම ගොඩක් සල්ලි තිියෙන කෙනෙක් නොවේ. නමුත් රූපලාවන්‍ය පාඨමාලාවක අවසාන නිරූපනයක් සඳහා මනාලියක් ලෙසට හැඩවෙන්න ආර්ථික අපහසුතාවලින් ඉන්න කෙනෙක් කතා කළොත් මම යනවා. ඒ වෙලාවේදී මම මුදලක් අපේක්ෂා කරන්නෑ. ක්‍ෂේත‍්‍රයෙන් ඉදිරියට එන්න දියුණු වෙන්න හදන කෙනෙකුට මගේ ලස්සනින් උදව්වක් කළා කියන සතුටයි මට එහිදී තියෙන්නේ. ඒ නිසා ලැබුණු රූපය රැුක ගන්න වගේම කාන්තාවක් විදිහට හොඳ පෞරෂයකින් තැනට ගැලපෙන විදිහට හැසිරීම, ආදර්ශය, තමාට පැවරෙන කාර්යය නියමාකාරයෙන් කිරීම ආදී පුංචි පුංචි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙනුත් අපි නොදැනුවත්වම වටිනාකමක් එනවා.

අසුන්තා එදිරිසූරිය

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල