Skip to main content

මට ඉතා සැහැල්ලූවෙන් ඉන්න ඕනෑ

2019-02-20-ent-307
‘‘බිමල් දැකලා පුරුදු කෙනෙක් එක්ක.’’....
ඕනෑම චරිතයකට ප‍්‍රවේශ වී ඊට වඩාත් අනුගතව රංගනයක යෙදෙන බිමල් ජයකොඩි යනු පසුගිය කාලයේදී ශ්‍රී ලාංකික රංගන ක්ෂේත‍්‍රයට දායාද වූ දක්ෂ චරිතාංග රංග ශිල්පියෙකි. බිමල් විවාහ වී සිටින්නේ ක්ෂේත‍්‍රයේ සිටින තවත් දක්‍ෂ රංගන ශිල්පිනියක වන සුජානි මේනකා සමගයි. මේ විදියට විස්තර කියැවෙන බිමල් මේ දිනවල ‘‘දැකලා පුරුදු කෙනෙක් එක්ක’’ තියෙන්නෙ ලොකු හාදකමක් ලූ? සුජානී ඒ ගැන බිමල්ට කී දේ ගැන වගේම මේ ‘‘දැකලා පුරුදු කෙනෙක් එක්ක’’ තියෙන දැඩි හාදකම ගැන ‘‘බිමල්’’ සඳැල්ලට කීවේ මෙලෙසිනි.

බිමල් කොහොමද මේ දිනවල වැඩ කටයුතු?2019-02-20-ent-310
මේ දිනවල දියතලාවට ඇවිත් ඉන්නෙ. තේජ ඉද්දමල්ගොඩ අධ්‍යක්‍ෂණය කරන ‘‘ආශාවරී චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා මෙහි ඇවිත් ඉන්නෙ. ඊට අමතරව තවත් චිත‍්‍රපට තුනකට රංගනයෙන් දායක වුණා. දැන් ඒවා තිරගත කෙරෙනකල් බලා ඉන්නෙ. අශෝක අතාවුද හෙට්ටිගෙ කන්දක්සේමා, එක් චිත‍්‍රපටයක්. එය සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මියගේ නවකතාවකට අනුව නිර්මාණය වූවක්. ඊට අමතරව සෝමරත්න දිසානායකගේ ‘‘සුනාමි’’ චිත‍්‍රපටයේ රඟපෑවා. ‘‘1970 ලව් ස්ටෝරි’’ චිත‍්‍රපටය කළේ අරුණ ජයවර්ධන.
 
ඒ කියන්නෙ බිමල්ට කාර්ය බහුල සමයක්.?
වෙනදාට වඩා ටිකක් කාර්ය බහුලයි. විශේෂයෙන්ම පුද්ගලික ජීවිතයේ සහ කලාවේ වැඩ නිසයි. කොහොම වුණත් පසුගිය කාලයේ දී මම රංගනයෙහි යෙදුණු චරිත ගැන විමර්ශනය කර බැලූවා. ඒවා ඒකකාරි දෝ කියන සිතිවිල්ල මට ආවා. ඉතින් රංගනය සම්බන්ධයෙන් තව තවත් මහන්සි වෙන්න ඕනෑය කියන අදහස ආවා.

මේ සියල්ල අතරේ ‘‘දැකලා පුරුදු කෙනෙක්’’ එක්ක තියෙන මේ හාදකම ගැන කිව්වොත්?
මලිත් හෑගොඩ තමයි ඊට වගකියන්නට ඕනෑ. මොකද ඒ අපූරු චිත‍්‍රපටය නිර්මාණය කළේ ඔහු. මේ වන විටත් එය ජාත්‍යන්තර සම්මාන උළෙල කීපයකදීම නියෝජනය කරලා සම්මාන යට පාත‍්‍ර වූ චිත‍්‍රපටයක්. එය තිරගත වන්නේ මාර්තු 8 වැනිදා ඉදලයි.

එහි ඔබ රඟපාන්නෙ?
එහි මා රඟපාන්නෙ ‘‘සචිත‍්‍ර’’ නමැති චරිතයයි. ස්වාමියා ලෙස මා රඟපාන අතර එහි භාර්යාව ලෙස රඟපාන්නේ සමාධි ලක්සිරි. මගේ චරිතය ගැන කතා කළොත්, වර්තමාන සමාජයේ දී බෙහෙවින්ම අපට මුණ ගැහෙන චරිතයක්. මධ්‍යම ලාංකික චරිතයක්. අභ්‍යන්තරය සංකීර්ණ ස්වභාවයක් ගන්නවා.

ඒ මොන වගේ හේතු නිසාද?
සචිත‍්‍ර නිතරම හදන්නෙ ඔහුට ආවේනික විදියට ප‍්‍රශ්න විසඳා ගන්නයි. ඔහුගේ කුටුම්භය සහ පවුල් සංස්ථාව ඇතුළේ ඔහුට ආවේනික විදියකට, ක‍්‍රමයකට තමයි ප‍්‍රශ්න විසඳාගන්න හදන්නෙ. ආදරය, ලිංගිකත්වය යන සියලූ කාරනා වලදී ඔහු එහෙමයි.

ඒ ‘‘දැකලා පුරුදු කෙනෙක්’’ නිර්මාණයෙහි සචිත‍්‍රනෙ. එතකොට බිමල් කොහොම චරිතයක් ද?
මම ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. ඉතාම ඉක්මණට කේන්ති යන්න පුළුවන්. ඒත් එය පවතින එකක් නෙවෙයි. ඉක්මණට ගිය කේන්තිය නිසා ඒ වෙලාවට භාවිත වෙන වචන උස්පහත් වූවත්, පුද්ගලික ජිවිතයේ දී මම ප‍්‍රශ්න විසඳා ගන්නෙ දෙයාකාරයෙන් හිතලා. මම මටම ආත්මාර්ථකාමීව සිට නෙවෙයි. නමුත් මේ චිත‍්‍රපටයේ දී ‘‘සචිත‍්‍ර’’ නිර්මාණය කිරීමේ දී ඉතා සියුම් විදියට එය මතු කරන්න අධ්‍යක්‍ෂ මලිත් හෑගොඩ උත්සාහ ගත්තා. සචිත‍්‍ර ඉස්මතු වුණේ ඔහුගේ සූක්‍ෂම අධ්‍යක්‍ෂණයේ භාවිතාවෙන්.

ඒත් මලිත් හෑගොඩ අධ්‍යක්‍ෂණය කරන පළමු නිර්මාණය වන්නෙ මෙයයි. ඔබ ඔහු ගැන ඉතා වර්ණනාවෙන් කතා කරන්නෙ?
පළමු නිර්මාණය වූවත්, ඔහු බොහෝම දක්‍ෂ සිනමා අධ්‍යක්‍ෂවරයකු වග පෙන්නුම් කරලා ඉවරයි. අපේ සීනමාව ජාත්‍යන්තරයට අද දවසේදීම ගෙන ගිය තරුණ අධ්‍යක්‍ෂවරයෙක්.

දැකලා පුරුදු කෙනෙක් ඔබ වින්දනය කළා ද?
සැබැවින්ම ඔව්, එහි සියලූ දෙනා රඟපාන්නෙ ඉතා ශික්‍ෂණයකින්. එවැනි රඟපෑම් දක්නට ලැබෙන්නෙ කලාතුරකින්. එහි එක්තරා අවස්ථාවක කියූ දෙබසක් මට මේ වෙලාවේ මතක් වෙනවා.
සචිත‍්‍ර එයාගෙ බිරිඳට මෙන්න මෙහෙම කියනවා.

‘‘කියන්න, ඔයාට මාව ගෙදර ආවාම කතා කරන්න තියෙන්නෙ ඒ ටික විතරම ද?
කියලා යනවා...
කරන්න තියෙන ඒවා ගොඩක් කරලා ඉවර වුණාට පස්සෙ, ඔයාට මාව මතක් වුණා.’’

බිමල් මේ විදියට චරිතාංග රංගනයෙහි යෙදෙන ඔබ බාහිර ජීවිතයේ දී නළු පෞරුෂය ගැන හිතන්නෙ නැහැ වගෙයි පෙනෙන්නෙ? ඒක එහෙම ද?
එහෙම එකක් නැහැ. මම බොහොම මිත‍්‍රශීලි චරිතයක්. බිරිඳ සමඟ ගෙදර දී නම්‍යශීලි වගේම ආචාරශීලි චරිතයක් රංග ශිල්පියකු ලෙස ක‍්‍රියාකාරී ගැන හිතලා කටයුතු කරන කෙනෙක්. ලැබෙන චරිතය සඳහා රූපය සකසා ගන්න උත්සාහ ගන්න කෙනෙක්. හැබැයි මට ඉතා සැහැල්ලූවෙන් ඉන්න ඕනෑ.

ඔබ සතු තවත් විශේෂ හැකියාවක් තමයි ගායනය, එම අංශයෙනුත් ඉදිරියට ඒම අපේක්‍ෂාව බව ‘‘දැකලා පුරුදු කෙනෙක්’’ චිත‍්‍රපටයෙන් ඔබ පෙන්නුම් කර තිබෙනවා?
එහි පූර්ව ප‍්‍රචාරණය සඳහා වූ ගීතය ගැන වෙන්නැති ඔබ කියන්නෙ. මම එහි තවත් ගායිකාවක සමඟ එම පූර්ව ප‍්‍රචාරණය සඳහා නිර්මාණය වූ ගීතයට දායක වුණා. නදීක ගුරුගේ සංගීතවත් කළ එය මේ දිනවල යූ ටියුබ් ඇතුළු සමාජ ජාලා ඔස්සේ විකාශය වෙනවා. ඉතා හොඳ ප‍්‍රතිචාර ඊට ලැබෙන බව පෙනෙනවා. ඇත්තටම මගේ පරාසයට අනුව ගීත දෙකක්. එළි දැක්වීමට කටයුතු කරමින් සිටින්නේ.

‘‘ජීවිතය’’ ගැන බිමල් කොහොම ද හිතන්නෙ?
මධ්‍යස්ථ දැකීමක් මට තියෙන්නෙ. සුජානි එක්ක, එක වහලක් යටට ආ දින සිට මම මගේ සීමාවන් හඳුනාගෙන ජීවිතය ගෙවන්නෙ. මොනවද හොඳ, මොනවද නරක, කළ යුතු දේ මොකද්ද?, නොකළ යුතු දේ මොකක්ද? යන අවබෝධය ඇතුළෙ ජීවත් වීම මට ජීවිතයට ගෙන දෙන්නෙ පහසුවක්. කාටවත් කරදරයක්xබරක් නොවී ඉදිරියේදීත් මේ විදියට යන්න පුළුවන් වේවි කියලා හිතනවා.

  2019-02-20-ent-3092019-02-20-ent-308

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

Dinesha Dissanayake Photo Shoot

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.