Skip to main content

අංක එක නිරෝගීකම

2019-02-20-ent-306
සිනමාවත්, රූපවාහිනියත් එක ලෙස ජයගත් ඇයට උපතින් ලැබුණු රූප සම්පත්තියත්, කෙළිලොල් බවත් නිසාම පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලැබුණා. ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ දා සිට අද දක්වාම ප‍්‍රධාන චරිතය රඟදැක්වීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. සුන්දර දඟකාර පෙනුම නිසාම පෙම්වතියගේ චරිතයට අදද වඩාත් ගැළපෙන ඇය සැබෑ ජීවිතයේදී ආදරණීය මවකි.
උදාරි වර්ණකුලසූරිය නම් ඇයව අපි අද ලස්සන රහස් විශේෂාංගයට කැන්දාගෙන ආවෙමු.

එන්න එන්නම තරුණ වෙනවා. මොකක්ද රහස.2019-02-20-ent-305
ලස්සනයි කියන වචනයට ගොඩක් ආස නිසා ලැබුණු ලස්සන ආරක්ෂා කරගන්න මම සෑම මොහොතකම උත්සාහ කරනවා. මම ලස්සන කියා දකින්නේ මුහුණේ ලස්සන විතරක්ම නොවේ. ඒ නිසාම මම අනිවාර්යෙන්ම ව්‍යායාම යෝග සහ භාවනා කිරීමට පුරුදු වී සිටිනවා. සතියකට දින කිහිපයක් මම ව්‍යායාම කරනවා. ඒ ව්‍යායාමය අවසානයේ විනාඩි 20 ක් විතර භාවනා කරනවා. යහපත් ශරීර සෞඛ්‍යයට ව්‍යායාමයෙන් ලැබෙන දේ වගේමයි, භාවනාවෙන් මනසට ලැබෙන සැහැල්ලූව, නිදහස් බව, වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ක‍්‍රමානුකූලව ආශ්වාස ප‍්‍රශ්වාස කිරීමෙන් ආරම්භ කර, මෛත‍්‍රී භාවනාව කරන එක මගේ දින චරියාවේ කොටසක්. මුලින්ම මටත් මා ගොඩක් ආදරය කරන අයටත්, මට ආදරය කරන අයටත්, මෛත‍්‍රී වඩනවා. දැක නොදැකපු සෑම කෙනෙකුටත් මට අකැමැති අයටත් මා අවසානයේ මෛත‍්‍රී වඩනවා. ඇසට පෙනෙන මිනිසුන්ට පමණක් නොවේ ඇසට නොපෙනෙන දෙවිවරු, යක්ෂ පේ‍්‍රත, භූත වාගේ තලවල උපත ලබා සිටින අයටත් නිරතුරුවම මෙත් වඩමින් මෛත‍්‍රිය පතුරුවනවා. මානසික ඒකාග‍්‍රතාවය පිහිටුවාගෙන සිදුකරනා එම භාවනාවෙන් පසුව සිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.

කාන්තාවක් ලස්සනට ඉන්න ඕනේ කියලා ඔබ විශ්වාස කරනවාද?
කාන්තාවක් විතරක් නොවේ. හැමෝම ලස්සනට ඉන්න ඕනේ. මිනිස්සු විතරක් නොවේ. හැමදේම ලස්සනට දකින්න අපි ආසයි නේද. ලස්සන ගඟක්, ලස්සන ගසක්, ලස්සන මලක්, ලස්සනයි කියලා විශේෂණයක් දාන හැම තැනකම සුන්දරත්වයක් ගොඩනැගෙනවා. කාන්තාවත් එහෙමයි. කෙනෙක් අපිව අගය කරන්නත් අපේ ලස්සන හරිම වැදගත් නේද?

ඔබ ලස්සනයි කියා කෙනෙක් අගය කරද්දි මොකක්ද හැෙඟන්නේ.
ම්... හරිම සතුටුයි. ලස්සනට ඉන්න මම ගන්නා උත්සාහයට ප‍්‍රතිඵලයක් ලැබිලා තියෙනවා කියා හැෙඟනවා.

ලස්සන රැුකගන්න උදාරි කරන්නේ මොනවාද?
අපි කැමතියි දැනගන්න.
නිරෝගීකම ආරක්ෂා කරගැනීමයි අංක එක. කටට රසට කන්න කැමතියි. ඒත් සෞඛ්‍යයට හිතකර කෑම බීම තෝරාගන්න උත්සාහ කරනවා. ව්‍යායාම කිරීමත්, ලස්සනට නිරෝගීව ඉන්න කරන දේවල් අතර වෙනවා.
ම්... ඊට අමතරව සතියකට දින 4x5 ක් මම කැරට් ජූස් එකක් උදේම බොන්න පුරුදු වෙලා ඉන්නවා. කැරට් ජූස් ඇඟටත් ගුණයි. හමටත් හොඳයි.
මම මගේ හමේ ආරක්ෂාව ගැනත් ගොඩක් සැලකිලිමත්. එළියට යන හැම වෙලාවකම හිරු ආරක්ෂක ක‍්‍රීම් වර්ගයක් ආලේප කරනවා. හැමදේම තත්්ත්වයෙන් උසස් ඒවා තෝරාගන්න මම උත්සහ කරනවා. මම භාවිතා කරන්නේ පිටරටක නිෂ්පාදිත ආසියානු රටවලට ගැළපෙන ක‍්‍රීම් වර්ග මම ලස්සන වෙන්න කියලා කවදාවත් ෆේෂල් කරලා නැහැ. මට හිතෙනවා ඒවාට යොමු වුණොත් හුරුවෙනවා කියලා. ඉඳහිට ඇඟට බේබි ඔයිල් ආලේප කරනවා. ළදරු හමට වඩාත් ගැළපෙන විදිහට නිෂ්පාදන කරලා තියෙන බේබි ඔයිල් භාවිතා කිරීමෙන් හමේ වේළුණු ස්වභාවය නැතිවී ගොස් තෙතමනය රැුඳෙනවා. ඉරිතලා ගිය සමේ කොටස් යථා තත්ත්වයට පත් කිරීමටත් ඒවා හරිම ප‍්‍රයෝජනවත්ව වැලමිට, බෙල්ල ආදී ප‍්‍රදේශ කළු වී තිබෙන විටත් මෙම ප‍්‍රතිකාරය හරිම ප‍්‍රයෝජනවත්.
ඊට අමතරව දහවල් කාලයේදී මම කාර් එක ඩ‍්‍රයිව් කරද්දී හිරු එළියෙන් ආරක්ෂා වීමට කළු පාට ජැකට් එකක් භාවිතා කරනවා.

වෘත්තියකින් ඉදිරියට යෑමට කෙනෙකුට ලස්සන වැදගත්ද?
මගේ පෞද්ගලික මතය නම් ඕනෑම ක්ෂේත‍්‍රයකින් ඉදිරියට යන්න වැදගත් වෙන්නේ වෘත්තිය දක්ෂතාවය. කැපවීම, පෞර්ෂත්වය, ප‍්‍රියමනාප බව ආදියයි. මේ හැමදේම එක්ක ලස්සනත් තියෙනවා නම්, ඉතිං ලොකු වටිනාකමක් ලැබෙනවා.

බිරිඳක්, මවක්, ලස්සනට සිටිය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්. අපේ ලංකාව ඇතුළු ආසියානු රටවල ජීවත් වන කාන්තාවන් තමයි බැන්දාම, ළමයි ලැබුණාම ලස්සනට ඉන්න ඕනේ නැහැයි කියන හැඟීමෙන් ඉන්නේ. එය වැරදියි. ඇත්තටම අපි ලස්සන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ විවාහයෙන් පස්සේ. ලස්සන බිරිඳකට ස්වාමියා කැමතියි. සුන්දර මවක් මට ඉන්නවා කියලා කියන්න දරුවෝ ආසයි. බටහිර කාන්තාවන් වගේ ලස්සනට ඉන්න උත්සාහ කරන්න ඕනේ නේද.

දිනය සැලසුම් කිරීමට ඔබ පුරුදු වී සිටිනවා නේද?
ඔව්. අද කළ යුතු වැඬේ මම කලින් දවසේ සැලසුම් කරනවා. ඒක මගේ දින චර්යාවේ කොටසක්. එහෙම කරන්න පුරුදු වෙලා ඉන්න එකෙන් අනවශ්‍ය කළබල වීම, මානසික ආතතිය වැනි දේවලට මුහුණ දෙන්න සිදුවෙන්නෑ. එය රූපය ලස්සන කරගන්න වක‍්‍රාකාරව බලපානවා.

විලාසිතා තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත්ද?
ඔව්. දවසින් දවස වෙනස් වෙන ලෝකයේ නිතර යාවත්කාලීන වෙන මෝස්තරය විලාසිතාවන්ට, මම හරිම කැමතියි. මොන විලාසිතාව කළත් පළමුව මම බලන්නේ මට ගැළපෙනවාද යන්න. ඊට අමතරව පවුල් පසුබිම සමාජ මට්ටම, අපේ රටට සංස්කෘතියට ගැළපෙන්නේද යන්නත් සොයා බැලෙනවා.

ශරීරයට වඩාත් ගැළපෙන ඇඳුම මොකක්ද?
ගවුම ගොඩක් මගේ ඇඟට ලස්සනයි.

ගැළපෙන පාට
කහපාට

ජීවිතයේ ලස්සනටම හිටපු දවස
හැමෝම කියනවා වගේ මංගල දවස කියලා නම් මම කියන්නෑ. මම බැන්දේ අවුරුදු 20 න්. දැන් මම මගේ මඟුල් ෆොටෝ එක දකිනකොට මම ඒකේ හරිම චූටියි. ලාබාල පෙනුමක් තියෙන්නේ. මෝස්තර ඔක්කොම පරණයි. මම ඒකට කැමති නැහැ. හැබැයි නිළියක් විදිහට රංගන දායකත්වය ලබාදීමට සැරසෙන සෑම දවසක්ම මම ගොඩක් ලස්සනයි කියලා හැමෝම කියනවා.

බාහිරෙන් ලස්සන වීමද ඔබ ලස්සනයි කියා ඔබ දකින්නේ
නැහැ. මුහුණෙන් කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ. ඇතුළතින් කැතනම් හිත අපිරිසිදු නම් කුහක නම් කරනවා නම් අපි දන්නේම නැතුව අවලස්සන වෙනවා. ප‍්‍රියමනාප බව නැතිවී යනවා.

සුදුවීම ලස්සන වීම කියා ඔබ විශ්වාස කරනවාද?
නැහැ. ලෝකයේ ගොඩක් අය කැමතියි තලෙලූ හමට. ඒත් අපේ රටේ සමහර කාන්තාවන් ලස්සන වෙන්න කියලා හිතලා සුදු වෙන්න උත්සාහ කරනවා. ශරීරයේ මෙලනින් ප‍්‍රමාණය අඩුකර ගැනීමට උත්සාහ ගැනීමෙන් සිදුවන්නේ හේතුවක් නොමැතිව සමේ ආසාදනයක් ඇතිවීම.

අසුන්තා එදිරිසූරිය
ඡායාරූප - සඳුන් ගමගේ

2019-02-20-ent-304 

Popular posts from this blog

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල