Skip to main content

අම්මාගෙ කෑම මතක් වුණාම කඳුළු එනවා

2019-03-26-ent-38
ක්‍රිෂාදි.. අපිට ඔයා ගැන ටිකක් විස්තර කළොත්...?
මගේ නම ක්‍රිෂාදි දිනෙල්කා රණතුංග. මම පදිංචිවෙලා ඉන්නෙ මාතර හක්මන පාරෙයි. ටවුම් එකට ළඟයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි මමයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා මාතර මහ රෝහලේ හෙද නිලධාරිනියක් විදිහට සේවය කරනවා. මගේ අක්කා ඔස්ට්‍රේලියාවේ ඉන්නෙ. මල්ලි වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.2019-03-26-ent-40

ඔබ පුංචි කාලෙ මොනවගේ චරිතයක්ද..?
පුංචි කාලෙ මම හරිම අහිංසක කෙනෙක් කියලා තමයි අම්මා මට කියන්නෙ. කාත් එක්කවත් රණ්ඩුවට යන්නෙ නැතිව මගේ පාඩුවේ මම පැත්තකට වෙලා ඉන්නවලු. පුංචිම කාලෙ මම හරිම ආසාවෙන් හිටියෙ වෛද්‍යවරියක් වෙන්න. හැබැයි ඒ කාලෙ ඉඳන් මම සින්දු කියන්න හරි ආසයි. ඒ කාලෙ මම ටී.වී. එකේ රේඩියෝ එකේ සින්දුවක් යද්දී ඒක ඔහේ ඇහෙන විදිහට කියනවලු. ඒ වගේම මම සංගීත භාණ්ඩ වාදනය කරන්නත් හරි ආසයි. මම තුන වසරේ ඉන්නකොට මට පොඩි කීබෝඩ් එකක් ලැබුණා. ඉතින්.. ඒ කීබෝඩ් එක වාදනය කරන්න මම හරි ආසයි. පොඩි කාලේ මම සින්දු කියන්නත් හරිම ආසයි.

ක්‍රිෂාදි කොළඹ විශාකා විද්‍යාලයෙන් ඉගෙන ගන්න කලින් අධ්‍යාපනය ලැබුවේ ගමේ පාසලෙන්...?
ඔව්.. මම මුලින්ම ගියේ මොරවක කනිෂ්ඨ විද්‍යාලයට. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් වුණා. පුංචි කාලේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ කොළඹ විශාකා විද්‍යාලයට එන්න. ඇත්තටම ඒක මගේ හීනයක් වෙලයි තිබු‍ණෙ. අවසානයේදී මම කොහොමහරි ඒ හීනය සැබෑ කරගත්තා. මොරවක කනිෂ්ඨයේ ඉඳිද්දී මම වැඩිපුරම අධ්‍යාපනයට තමයි නැඹුරුවෙලා හිටියෙ. හැබැයි ඒ පාසලේ ඉඳිද්දීත් සින්දු කියන්න වගේම කවි කියන්නත් මම ඉදිරිපත් වුණා. ඒ ඉස්කෝලෙදීත් මට යාළුවෝ ගොඩක් හිටියා. ඒ කාලය හරිම ෂෝක්.

කොළඹ විශාකා විදුහල ඔබට මොනවගේ තැනක්ද..?
මම ඉගෙන ගත්ත නිසා තමයි හැමදෙයක්ම වෙනස් වුණේ. නැත්නම් මම තවමත් ගමේනෙ. දෙක වසරේ ඉඳන් තිබුණු හීනය මම කොහොමහරි සැබෑ කරගත්තා. මට මියැසි විශාකා ප්‍රසංගයට සින්දු කියන්නත් අවස්ථාව ලැබුණා. ඉස්කෝලෙදී මම බටනලා වාදනය කළා. සංගීත කණ්ඩායමේ හිටියා. ඒ නිසා කොළඹ විශාකාව මගේ ජීවිතය වෙනස් තලයකට අරගෙන ගියා කියලයි අද මට හිතෙන්නෙ.

ගමේ ඉඳන් කොළඹට ඇවිත් ඒ නුහුරු පරිසරයට හැඩගැහෙන්න ටික කාලයක් යන්න ඇති..?
අම්මෝ ඔව්. මම ඉස්කෝලෙ හොස්ටල් එකේ නැවතිලා තමයි ඉගෙන ගත්තෙ. පහ වසර ඉඳන් එකොළහ වසර වෙනකම්ම මම ඒකෙ තමයි හිටියෙ. මම හිතන්නෙ මගේ ජීවිතේ මම ආසම කරන කාලයක් තමයි ඒ හොස්ටල් එකේ ගතකරපු කාලය. ගෙදර අය නැති පාළුවට මම දවස් ගාණක් හොස්ටල් එකේදී ඇඬුවා. මම විතරක් නෙමේ, හොස්ටල් එකේ අනිත් හැමෝමත් අඬනවා. කෑම කද්දී අම්මගේ කෑම එකේ රහ මතක්වෙලා ඇස්වලට කඳුළු ගලාගෙන එනවා. හැබැයි ඉතින් ඒ කෑමත් රසයි. හැබැයි අම්මගේ කෑම තරම් රස නැහැ. අදටත් කොළඹ මොන කෑම කෑවත් මට මගේ අම්මගේ කෑම හරි රසයි. ටික කාලයක් යද්දී හොස්ටල් එකට අපි හොඳට හුරු වුණා. ඊටපස්සෙ ඉතින් සුන්දරම කාලයක් තමයි ගෙවුණෙ. දැනුත් අම්මා ඉන්නෙ මාතර. ඉගෙනීමේ කටයුතු නිසා මායි මල්ලියි කොළඹ ඉන්නවා. අපේ තනියට දැන් අපේ තාත්තත් කොළඹ ඇවිත් ඉන්නෙ.

ක්‍රිෂාදිව බොහෝ දෙනා හඳුනාගත්තෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහානෙ. ඒ තරගයට අයදුම්පත දැම්මෙ කවුද..?
තරගයට අයදුම්පත දැම්මෙනම් මමයි. මම දාන්නත් කලින් මගේ අම්මා වගේම යාළුවොත් මේකට යන්න කියලා කිව්වා. මීට කලින් මම හත වසරේ ඉඳිද්දී එක්තරා රියැලිටි වැඩසටහනකට ඇප්ලිකේෂන් එකක් දැම්මා. හැබැයි ඒකට මම සහභාගි වුණේ නැහැ. මේක තමයි මගේ මුල්ම රියැලිටි වැඩසටහන.

ඔබ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් තුත්වැනි ස්ථානය හිමිකර ගත්තනෙ. අද වෙනකොට මොකද හිතෙන්නෙ..?
ඇත්තටම මම ඒ තරගයට ඉදිරිපත් වීම ගැන ගොඩක් සතුටු වෙනවා. තරගයේ ලබපු ස්ථානයටත් වඩා ඒ ලබපු අත්දැකීම් හරිම වටිනවා. අපිට වැඩමුළු පැවැත්වුවා. හොඳ විනිශ්චය මණ්ඩලයක් අපිට ලැබුණා. හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුණා. ඒ හැම දෙයක් ගැනම හිතේ තියෙන්නෙ ලොකු සතුටක්.

ඒ වගේම විශ්වවිද්‍යාලයෙදීත් ක්‍රිෂාදිට හරි අපූරු යාළුවන් පිරිසක් මුණගැහුණා නේද..?
අම්මෝ.. ඔව්. ඒ ගැන කියන්නම ඕනෙ. මට යාළුවෝ කට්ටියක්ම හිටියා. ඒ අය තරගයට මට ගොඩක් උදව් කළා. තවමත් මගේ ළඟින්ම ඉන්නවා. දැන් මම කැම්පස් ගිහින් ඉවරයි. මම ගියේ කොළඹ විශ්වවිද්‍යාලයට. මොරවක විද්‍යාලයෙන්, විශාකා විද්‍යාලයෙන් වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි මගේ හොඳම යාළුවෝ මට මුණගැහුණේ. ආයේ ඒ අය වගේ හොඳ කට්ටියක් මට මුණගැහෙන එකක් නැහැ.

ඔබ ගායනා කරපු ගීත අතරින් ඔබ ආසම, හිතට දැනෙන්න ගයපු, ආයෙත් ගායනා කරන්න හිතෙන ගීතය මොකක්ද..?
ගායනා කරපු හැම ගීතයකටම ආසයි. ඒ අතරින් මොරිස් විජේසිංහ මහතා ගායනා කරන ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න කියන ගීතයට මම හරි ආසයි. ඒ වගේම මම ගයපු hallelujah ගීතයටත් බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. මුලදී ඒ බටහිර ගීතයට ගොඩක් අයගේ කැමැත්තක් නැතිවෙයි කියලයි මම හිතුවෙ. තරුණ අය ආසා වුණාට හැමෝම කැමති වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි අද වෙද්දී ඒකට හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා.

ඇත්ත කියන්න.. අද වෙනකොට ක්‍රිෂාදි පෙම්වතියක් නේද..?
ඔව්.. ඇත්ත. මම පෙම්වතියක්. එයාව මට මුණගැහුණේ විශ්වවිද්‍යාලයෙදීයි.

ඔබගේ ඊළඟ ඉලක්කය මොකක්ද..?
මට අද මේ ජයග්‍රහණය ලබන්න මගේ පවුලේ අය, නෑදෑයෝ, මගේ පාසල් දෙක, ගමේ අය වගේම මගේ යාළුවෝ ගොඩක් උදව් කළා. ඒ හැමෝම මතක් කරන්නම ඕනෙ. ඒ වගේම දෙරණ ආයතනයත්, විනිශ්චය මණ්ඩලයත් මම ආදරයෙන් මතක් කරනවා. ඊළඟට මම මගේම ගීතයක් එළිදක්වන්න ඉන්නෙ. හැබැයි ඒක ඉතා ළඟදීම කියලානම් කියන්න බැහැ. මට ඕන ගුණාත්මක ගීතයක් එළිදක්වන්නයි. මම ඉගෙන ගත්තෙ කළමනාකරණය. ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් තමයි මම කළේ. ඉස්කෝලෙ යන කාලෙදීත් මියුසික් විතරක් කරන කෙනෙක් වෙන්න මම ආසා වුණේ නැහැ. ඒ නිසා රැකියාවක් කරන ගමන් සංගීතය කරන්න මම බලාපොරොත්තු වෙනවා.

  ► Text - Dishani   /   Pic – Internet

 2019-03-26-ent-39

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :