Skip to main content

කයිලී ජෙනර්ගේ වත ගොත

   ඇමෙරිකානු ජාතික 21 හැවිරිදි රංගන ශිල්පිනී කයිලී ජෙනර්, ස්වෝත්සාහයෙන් නැගී සිටි ලොව ළාබාලතම කෝටිපතිනිය බව ෆෝබ්ස් සඟරාව විසින් පසුගිය දා නම් කර තිබුණා. ඇමෙරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන කිම් කාඩේෂියන්ගේ ළාබාල නැගණිය වන කයිලී ජෙනර් තමන්ගේම රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයකින් මෙලෙස කටිපතිනියක් බවට පත් වී තිබෙනවා.
මේ අනුව 23 වන වියේ දී කෝටිපතියෙකු බවට පත් වූ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් පසුකර යාමට මෙම තරුණියට හැකියාව ලැබී තිබෙනවා. මේ වන විට “කයිලී කොස්මැටික් ” (Kylie Cosmetics) වෙළඳ නාමය යටතේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන ඇය සමාජ මාධ්‍ය ජාලා හරහා ඉතාමත් ම ප්‍රසිද්ධියට පත් වී සිටින සමාජ ජාලා තරුවක් ලෙස ද නම් කළ හකි යි.

ප්‍රසිද්ධ පරපුරකට හිමිකම් කියන- කයිලී ජෙනර්

කයිලී ජෙනර් (CNBC.com)
බෲස් ජෙනර් (Bruce Jenner)ට හා ක්‍රිස් ජෙනර් (Kris Jenner)ට දාව 1997 වසරේ අගෝස්තු මාසයේ දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි කයිලී ජෙනර් උපත ලබනවා.  ඇයගේ පියා වන බෲස් ජෙනර් 1976 වසරේ ඔලිම්පික් හි තුන් ප්‍රයාම තරගයෙන් රන් පදක්කම දිනූ ක්‍රීඩකයෙක්. වර්තමානය වන විට ඔහු ලිංගික විපර්යාසයක් හේතුවෙන් කාන්තාවක් බවට පත් වී ඇති අතර, ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධ රෑපවාහිනී චරිතයක්, ව්‍යාපාරික කාන්තාවක, හා සමාජ සේවිකාවක ලෙස ජනප්‍රියත්වයක් ලබාගනිමින් කටයුතු කරනවා.
ඇයගේ මව වන ක්‍රිස් ජෙනර් ද ඇමෙරිකානු ටෙලිවිෂනය හරහා ජනප්‍රිය වූ කාන්තාවක වන අතර, ලේඛිකාවක, ව්‍යාපාරික කාන්තාවක හා රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරියක ලෙසත් කටයුතු කරනවා.
ඇයගේ මවුපියන් දෙදෙනා විවාහ කිහිපයක් කරගෙන තිබූ නිසා මේ වන විට ඇයට සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් සිටිනවා. කෙන්ඩොල් ජෙනර් (Kendall Jenner) නම් ඇයගේ සහෝදරිය ද ඇමෙරිකානු ටෙලිවිශනයේ ජනප්‍රිය චරිතයක් වන අතර, නිරූපණ ශිල්පිනියක් ලෙස ද ඇය කටයුතු කරනවා.
තම සහෝදරිය සමග (Celebrity Insider)
ඇයගේ මවගේ පෙර විවාහයේ දරුවන් වන ඇමෙරිකාවේ ප්‍රසිද්ධ නිරූපිකාවක් වන කිම් කාඩේෂියන් ඇතුළු කාඩේෂියන් පවුලේ සහෝදරියන් තිදෙනා ඇයට අර්ධ සහෝදරියන් වෙනවා. ඇමෙරිකානු ටෙලි නාට්‍ය නළුවෙකු, නිරූපණ ශිල්පියෙකු හා ව්‍යාපාරිකයෙකු ලෙස ජනප්‍රිය රොබ් කර්ඩේෂියන් (Rob Kardashian) ඇයට ඥාතීත්වයෙන් අර්ධ සහෝදරයෙකු වෙනවා.
ඇයගේ පියාගේ පෙර විවාහයේ දරුවන් වන ඇමෙරිකානු ජාතික නිරූපණ ශිල්පීන් වන බ්‍රැන්ඩන් ජෙනර් (Brandon Jenner) හා බ්‍රෝඩි ජෙනර් (Brody Jenner) ද ඇයගේ අර්ධ සහෝදරයන් වෙනවා. කයිලීගේ සැමියා රැප් ගායක ට්‍රැවිස් ස්කොට් (Travis Scott ) වන අතර, මේ වන විට ඇය එක් දරු මවක් ද වෙනවා.

“කයිලී කොස්මැටික්” හරහා ව්‍යාපාර ලෝකයට

“කයිලී කොස්මැටික්” (Kylie Cosmetics)
කුඩා කාලයේ සිට සිය සහෝදරිය සමග එකතුව විවිධ රූපවාහිනී වැඩසටහන්වලට සහභාගී වෙන කයිලී වයස අවුරුදු 14 දී PacSun නම් ඇපරල් ආයතනයක් සමග එකතුව කටයුතු කරනවා. 2014 හා 2015 වසරවල දී ලෝකයට බලපෑමක් කළ හැකි ගැටවර/ ගැටවරියන්ගේ ලැයිස්තුවට ඔවුන් දෙදෙනාව නම් කිරීමට ෆෝබ්ස් සඟරාව කටයුතු කරනවා.
කයිලී ජෙනර් විලාසිතා නිරූපණ ශිල්පිනියක හා රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන අතර, පසුව විලාසිතා සම්බන්ධව උපදෙස් ලබා දෙන්නියක ලෙස කටයුතු කරනවා. ඇයගේ එක් අර්ධ සොයුරියක වන කිම් කාඩේෂියන් සැත්කමක් මඟින් උකුල් ප්‍රදේශය විශාල කර ගන්නා අතර, කයිලී ද 2015 වසරේ දී සිය දෙතොල් ශල්‍යකර්මයක් මඟින් ස්භාවික ප්‍රමාණයට වඩා විශාල කර ගන්නවා.
සහකරු සමග (Radar Online)
2017 වසරේ ලෝකයේ ජනප්‍රියම පුද්ගලයන් 100 දෙනා පිළිබඳව ෆෝබ්ස් සඟරාව සඳහන් කරන අතර, ඒ පිරිස අතරට කයිලී ජෙනර්ගේ නම ද ඇතුළත් වෙනවා. එම ලැයිස්තුවේ සිටින වඩාත් ම ළාබාලත ම තැනැත්තිය වන්නේ ඇය යි.
2018 වසර වන විට සාමාජ මාධ්‍ය ජාලා හරහා ඇමෙරිකාව හා ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙන කයිලී ජෙනර්ගේ ඉන්ස්ටග්‍රෑම් ෆ්ලොර්ස්ලා ප්‍රමාණය මිලියන 122 ඉක්මවා යනවා. ඉන්ස්ටග්‍රෑම් ෆ්ලොර්ස්ලා සමාජ මාධ්‍ය ජාලයේ ඉහළම ප්‍රමාණයක් සිටින 10 දෙනා අතරට ඇය එකතු වී තිබෙනවා.
“කයිලී කොස්මැටික්” නමින් රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කිරීමේ ආයතනය මීට වසර තුනකට ඉහත දී පමණ ඇය විසින් ආරම්භ කරනවා. තවමත් වසර 21 සම්පූර්ණ වී නොමැති කයිලී ජෙනර්ගේ එම ව්‍යාපාරික ආයතනය පසුගිය වසරේ දී පමණක් ලැබූ අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක් ලෙස සඳහන් වෙනවා. මේ වන විට ඇය සතු සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යනවා.
ඇයගේ නිෂ්පාදනවලට අන්තර්ජාලය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති අතර, විකිණීම සඳහා අන්තර්ජාලයේ ඒවා පළවීම සමගම ක්ෂණිකව විකිණී අවසන් වීම ද දකින්න පුළුවන්.

මාර්ක් සකර්බර්ග් ඉක්මවා යාම

ෆෝබ්ස් සඟරා කවරය (Forbes)
මීට පෙර ලොව ළාබාලතම කෝටිපති ලෙස ෆෝබ්ස් සඟරාව විසින් න ම්කර තිබුණේ ෆේස්බුක් සමාජ ජාල නිර්මාතෘ මාර්ක් සකර්බර්ව යි. ඔහු ලොව ළාබාලතම කෝටිපති බවට පත්වන්නේ වයස අවුරුදු 23 දී යි. කයිලී එම තත්ත්වයට පත් වූයේ 21 වන වියේ දී යි.
ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ තවදුරටත් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස පෙරමුණේ පසු වන්නේ ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් ය. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 131ක්. දෙවන තැන ලබාගෙන සිටින බිල් ගේට්ස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 96.5ක් ලෙස සඳහන් වෙනවා. ලොව ධනවතුන් අතර 8 වන ස්ථානයේ රැදී සිටින්නේ මාර්ක් සකර්බර්ග්. මාර්ක් සකර්බර්ගේ සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 62.3ක් වන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව බිලියන 8.7ක පහළ යාමක් ලෙස ෆෝබ්ස් සඟරාව විසින් දක්වා තිබෙනවා.
තම මව පියා හා සහෝදර සහෝදරියන්ගේ ජනප්‍රියත්වයෙන් මේ ආකාරයේ ව්‍යාපාරික බලවතියක බවට පත් වීමට ඇයට ලැබුණු බවත්, ඒ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය කෝටිපතිනියක වූ බවත්, එය අසාධාරණ බවත් ඇතැමුන්ගේ මතය යි.

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල