Skip to main content

කිම්ගේ බෑග් එක බලන්න ආසයි

ටීනා Phone

(1) මේ වෙන​කොට ගැලරිය ෆොටෝ කීයකින් විතර පිරිලා තියෙනවද?
අම්මෝ ගණන් කරගන්න බැරි තරමට තියෙනවා. මම හිතන්නේ දහදාහක් පන්නලා ඇති.
(2) දවසකට වැඩිපුරම කෝල් කරන්නේ කවුද?
මගේ පෙම්වතා තමයි වැඩිපුරම ගන්නේ.
(3) අන්තිමට කෝල් එක අරන් තියෙන්නේ කවුද?
මගේ අක්කා
(4) වැඩිපුරම Open කරන ටැබ් තුන?
ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම්, වට්ස්ඇප්
(5) Google වල අන්තිමට සර්ච් කළේ මොනවාද?
මොඩ්ලින් ෂූට් එක්ක බැලුවා. ඒක තමයි අන්තිමට සර්ච් කළේ.
(6) ටීනා එලාම් එක පුරුද්දට තියන කෙනෙක්ද?
මම එහෙම එලාම් තියන්නෙ නැහැ.
(7) ​ෆෝන් එකේ තියෙන දේවල්වලින් නැතුවම බැරි දේ මොකක්ද?
කන්ටෑක් ලිස්ට් එක තමයි
(8) ෆෝන් එකෙන් අන්තිමට අහපු සින්දුව මොකක්ද?
මම වැඩිපුරම අහන්නේ හින්දි සින්දු. අලුතෙන් එන ඕනෑම එකක් ඒ වෙලාවට අහනවා.
(9) කැමැතිම ඉමේජ් එක මොකක්ද?
ස්මයිල් එක
(10) අමතක නොවන phone call මතකද?
ළඟදී ගැහැනු ළමයෙක් call කරලා අමුතු විදියට කතා කරලා අයුතු යෝජනාවක් කළා. එයා දිගින් දිගටම. ඒක තමයි අමතක නොවන call එක ළඟදී මට ආපු.

———————————————————————————————-
ටීනා Hand bag
කිමිගේ බෑග් එක බලන්න ආසයි

(1) ටීනා නිතරම හෑන්ඩ් බෑග් පාවිච්චි කරන කෙනෙක්ද?
ඔව් නිතරම වගේ පාවිච්චි කරනවා. හැබැයි මට හෑන්ඩ් බෑග් නැතුවත් ඉන්න පුළුවන්. එහෙම බෑග් නැතුවත් මම පිටතට යනවා.
(2) එහෙම අරගෙන යන බෑග් එකේ ටීනා අනිවාර්යයෙන්ම අරගෙන යන්නේ මොනවාද?
මේකප් බොක්ස් එක අනිවාර්යයෙන් තියෙනවා. ටොෆි, චොකලට් තියෙනවා. මට හදිසියකදී කන්න, ඊට අමතරව සල්ලි තියෙනවා. ලේන්සු, පර්ෆියුම් වර්ග, සමහර වෙලාවට මම සපත්තුත් දාගෙන යනවා. ජේසු පොතක් තියෙනවා. හෑන්ඩ් ෆ්‍රී දෙක අනිවාර්යයෙන් වතුර බෝතලයක් තියෙනවා. ගෙදර යතුර.
(3) මේ අතරින් නැතුව බැරි දෙයක් තියෙනවද?
ගෙදර යතුර තමයි නැතුවම බැරි.
(4) බෑග් එකේ ආගමික දේවල් එහෙම අරගෙන යන්නේ නැද්ද?
අරන් යනවා. අරන් යනවා. ජේසු පොතයි කොන්තෙයි තියෙනවා මගේ බෑග් එකේ.
(5) බෑග් එකේ කවුරුහරි දාගෙන යන්න ලැබුණොත් කවුද දාගෙන යන්නේ?
මගේ පෙම්වතා දාගෙන යනවා.
(6) හෑන්ඩ් බෑග් එක කාත් එක්ක හරි හුවමාරු කර ගන්න ලැබුණොත් කාත් එක්කද මාරු කරගන්නේ?
මගේ අක්ක එක්ක මාරු කරගන්නවා.
(7) ජනප්‍රිය කෙනෙක්ගේ බෑග් එක බලන්න ලැබුණොත් කාගේ එකද බලන්නේ?
කිමිගේ බෑග් එක බලන්න කැමැතියි මම.
(8) ටීනා බෑග් එකක් තෝර ගනිද්දී පාට ගැන සැලකිලිමත් වෙනවද?
ඔව්. තද පාටවල්වලට වඩා නිතරම පාවිච්චි කරන්න පුළුවන් පාටවලින් තමයි මම හෑන්ඩ් බෑග් තෝර ගන්නේ. එතකොට මාරු කරගෙන පාවිච්චි කරන්න ලේසියි.
(9) හෑන්ඩ් බෑග් එකක් මිලදී ගනිද්දී මොනවද සලකා බලන දේවල්.
මම ගොඩක් බ්‍රෑන්ඩඩ් පස්සේ යන කෙනෙක් නම් නෙවෙයි. මම ආස විදියේ බෑග් ඕනෑම තැනකින් ගන්නවා. ටිකක් ලොකු බෑග් තමයි මම තෝරගන්නේ. මොකද ඕනෑම වෙලාවක මට ඕන දෙයක් ඒකට ඔබා ගන්න පුළුවන් වෙන්න ඕන.
(10) හදිසියකදී කාගේ ළඟද බෑග් එක තියලා යන්නේ?
බුදු අම්මෝ කාගෙ ළඟවත් තියලා යන්නේ නැහැ.
  

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල