Skip to main content

මවගේ ගබ්සාව නතර කළ අපුරු දරුවා

පෙර භවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වු අතිශය පුදුම උපදවන සිදුවීම් රැසක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක් වී මව්වරුන් මුහුණ දුන් සිදුවීම් නිවැරදිව අනාවරණය කළ දරුවෝ සිටිති. මව ගැබිනි අවස්ථාවේ සිටියදී මවට ඇති වන හැඟීම් සහ දැනීම් කුස තුළ සිටින දරුවාට සම්බන්ධව ඇති වන බැව් ඇතැම් සිදුවීම් මගින් හෙළි වේ.   

තම කුස තුළ සිටින දරුවා​ගේ කළලය විනාශ කිරීමට මවක් කර ගත් උත්සාහයක් හෙළි කළ අතිශය පුදුම සිදුවීමක් මීට වසර කිහිපයකට උඩ දී පින්ලන්තයෙන් අනාවරණය විය. එම දරුවාගේ උපත සිදු වුයේ 1976 වසරේදීය. ඒ පිළිබඳව සිදු කළ මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණය මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ චාරිකාවකට ද ඇතුළත් කර තිබේ.   

මව් කුස තුළ දරුවෙකු පිළිසිඳ ගෙන සිටිය දී මවගේ හැසිරීම් රටා සහ ඇගේ සිතුම් පැතුම් එම දරුවා මගින් හෙළි වූ අවස්ථා පිළිබඳව ද පර්​ෙ‌ය්ෂණවල දී අනාවරණය වී ඇත. ඒ සමගම මවට ඇති වන හැඟීම් සහ දැනීම් දරුවාට බලපෑ අවස්ථාවන් යනුවෙන් ද මනෝ විද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණ අතර දක්නට තිබේ. කුස තුළ සිටි දරුවාත් මවත් අතර පවතින මානසික සබඳතාව ප්‍රබල සාක්කි ලෙස හෙළි පුනර්භව සාධක රැසක් ඇත.   

පෙර භවය හෙළි කළ දරුවා මව් කුස තුළ සිටියදී මාපියන් සහ ඇතැම් පුද්ගලයන් අතර ඇති වු අඬ දබර නිවැරදිව හෙළි කළ දරුවෝ ද පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. බුරුමයේ සිදු කළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයක දී ප්‍රබල සාක්කි ලෙස පිළි ගැනීමට සිදු වූයේ දරුවා මව් කුස තුළ සිටිය දී මාපියන් සිදු කළ අඬ දබර වීමක් ඔහු විසින් අනාවරණය කිරීමය. 
ඉඩම් ආරවුලක් පිළිබඳව අසල් වැසියන් සමග මාපියෝ ඇති කර ගත් ආරවුලක් පෙර භවය හෙළි කළ දරුවා විසින් අනාවරණය කරනු ලැබුවේ මාපියන් මවිතයට පත් කරවමිනි. ඒ වන විට කුස තුළ සිටි දරුවාගේ කළලයට මාස හතරක් පමණ වී තිබිණී.   

පින්ලන්තයෙන් හෙළි වූ මව ගබ්සාවක් සිදු කිරීමට උත්සාහ ගත් සිදුවීම හෙළි කළ දරුවා මව් කුස තුළ සිටිය දී මව දුටු සිහිනයක් ප්‍රබල සාක්කි යක් බවට ද පත් විය. එම දරුවා මව් කුස පිළිසිඳ ගැනීම ගැන මව එතරම් කැමැත්තක් නොදැක්වුවාය. මව් කුස කළලයට දෙමසක් ගත වී තිබිණි. ඇගේ දරු කළලය ඉවත් කර වීමේ ගබ්සාවක් සිදු කර ගැනීමට ඇය සිතමින් සිටියාය.   

මනසින් ඒ ඇය ඒ පිළිබඳව නිතර කල්පනා කරමින් සිටියදී දිනක් ඇය නින්දේදී සිහිනයක් දුටුවාය. එම සිහිනය වූයේ මිය ගිය ඇගේ සොහොයුරෙකු පැමිණ ඇය අමතන අයුරුයි. 
‘ඒ දරුවා තියා ගන්න’ යනු එම බැන සිහිනෙන් ඇයට ශ්‍රවණය විය. තමා දුටු සිහිනය කුමක්ද? ඇගේ සිත තුළ .රැව් දෙන්නට විය. දරු කළලය ඉවත් කිරීමේ අදහස ඇය තුළ නැවතත් මතු වී දින කීපයක් ගත විය. නැවතත් සොහොයුරා සිහිනෙන් දර්ශනය වී ඒ දරුවා තියා ගන්න යනුවෙන් ප්‍රකාශ කරනු ඇය සිහිනෙන් දුටුවාය. අවසානයේ ඇය තීරණක් ගත්තාය. තම කුස තුළ සිටින දරුවා බිහි කිරීමටත් ගබ්සාව නතර කිරීමටත් ඇය තිරණය කළාය.   

දරු ගැබට මාස නමයක් සම්පූර්ණ විය. ඇය පිරිමි දරුවෙකු මෙලොවට බිහි කළාය. නිරෝගී දරුවෙකු වු එම දරුවා වසර එක හමාරක් පමණ වන විට ඔහු තුළින් විශේෂත්වයක් දක්නට ලැබිණි. නිවසේ තිබු ඡායාරූප අතරත් එක් ඡායාරූපයක් දෙස දරුවා ඉතා ඕනෑකමින් බලනු මවට දක්නට ලැබිණි. ඡෘයාරූප රැසක් අතර තිබු එම ඡායාරූපය දෙසට නිතර අතර දිගු කරමින් යමක් ප්‍රකාශ කිරීමට ඔහු උත්සාහ ගන්නා බැව් ඔබට දක්නට ලැබිණි.   

එම ඡායාරූපය කෙරෙහි අවධානය යොමු කළ බවට දක්නට ලැබුණි. එය තම මිය ගිය සොහොයුරාගේ ඡායාරූපය බැව්ය. තවත් මාස කීපයක් ගත විය. දරුවාට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි.   

දිනක් තම දරුවාට ඔබ ඔහුගේ නම කියා ඇමතුවාය. එයට ඔහුගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබිණි. තවත් සති කීපයක් ගත විය. සොහොයුරාගේ ඡායාරූපය දෙස බැලූ දරුවා මිය ගිය එම සොහයුරාගේ නම පැවසීය. දරුවාගේ මෙම ප්‍රකාශය ඇදහිය නොහැකි විය.   

මිය ගිය සොහොයුරාගේ නම ඔහුට ශ්‍රවණය වීමක් කිසි විටෙකත් ඒ වන විට සිදු වී නොතිබිණී. මිය ගිය සොහොයුරාගේ නම ඔහු දැන ගත්තේ කෙසේද මවට බලවත් ප්‍රශ්නයක් විය.   

තවත් දින කීපයක් ගත විය. එම ඡායාරූපය වෙත හිස දරුවා එදෙස ටික වේලාවක් බලා සිටිනු මව දුටුවාය. මව ඒ අසලට ගිය විට දී ඔහු මව ඇමතුවේය. ඔහුගේ කකුල සුනඛයෙකු සපා කෑ බැව් දරුවා ප්‍රකාශ කළේය. තම පුත්‍රයාගේ එම ප්‍රකාශය සොහොයුරා නැවත ඉපදීමක් සිදු වී ඇති බැව් බවට අවබෝධ විය.   

මිය ගිය සොහොයුරාගේ කකුල වරක් සුනඛයෙකු සපා කෑ බැව් ඇයට සිහිපත් වූවාය. මේ අයුරින් තම සොහොයුරාගේ ජීවිත තොරතුරු දරුවා විසින් අනාවරණය කරන බැව් මවට පැහැදිලි විය. ඒ වන විට එම සිදුවීම ඇගේ මතකයෙන් ද ඉවත් ව තිබු අතර පුත්‍රයා එය හෙළි කරන්නේ කෙසේද යන්න විමසීමට ද මම උන්නදු වූවාය. සුනඛයා සපා කෑ ස්ථානය පිළිබඳව ද මව ඇගෙන් විමසීමක් කළාය. එම පාදය ද ඔහු විසින් නිවැරදිව පෙන්වා දුන්නේය.   

තම දරුවා හෙළි කරන තොරතුරු තවදුරටත් නිරීක්ෂණය කිරීමට මවට අවශ්‍ය වීය. නිවසේ තිබු ඡායාරූප අැල්බමයක් මව විසින් පුත්‍රයාට ඉදිරි පත් කළේය. එය ඉතා උන්නදුවෙන් පරීක්ෂා කළ දරුවා එහි තිබු තවත් ඡායාරූප ඉතා නිවැරදි පෙන්වා දුන්නේය.   

ඔහු සංගීත භාණ්ඩ කීපයක නම් ප්‍රකාශ කරමින් එම භාණ්ඩ වාදනය කිරීමට හැකි බැව් ද පැවසුවේය. එතැන් සිට තම දරුවා පිළබඳව දැඩි අවධානයක් යොමු කළ මව ඔහුගේ ප්‍රකාශ සහ හඳුනා ගැනීම් නිරීක්ෂණයට ලක් කළාය. ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණයන් පැවැත්වීමට මනෝ විද්‍යාඥයන්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව මහාචාර්ය ස්ටීවන්සන් විසින් එම දරුවා පිළිබඳව සියුම් පර්​ෙ‌ය්ෂණයක් සිදු කළේය.   

​ෙමම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කි බවට පත් වූයේ එම දරුවා විසින් පෙර භවයේ භාවිත කළ භාණ්ඩ කීපයක්ම නිවැරදිව හඳුනා ගැනීමටත් මිය ගිය පුද්ගලයාගේ නම හෙළි කිරීම සහ හැසිරීම රටා ඔහු තුළත් දක්නට ලැබීමය.   

එම දරුවා හෙළි කළ පෙර භවයේ මවගේ සො​හොයුරා මරණයට පත් වූයේ වයස අවුරුදු 18 ක තරුණ වියේ සිටියදීය. දියවැඩියා රෝගියෙකු වු ඔහු අධික ලෙස ජලය පානය කිරීමෙන් ෂැරඩි රෝගී තත්ත්වයෙන් ඉතා ඉක්මනින් අසාධ්‍ය තත්ත්වය ට පත් විය. ඉතා සුළු කාලයක් තුළ ඔහුගේ මරණය සිදු විය.   

මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී මහාචාර්ය ස්ටීවන්සන් දැඩි අවධානයක් යොමු කළ ප්‍රධානතම කරුණ වූයේ ගබ්සාව පිළිබඳව අනාවරණය වීම පිළිබඳවය. ඇය දුටු සිහිනය පිළිබඳ පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ද ඇතුළත් කර ඇත.   

මව විසින් ගබ්සාව සිදු කිරීමට අවධානයට යොමු කර සිටිය දී දුටු සිහිනය එහි සඳහන් කර ඇත්තේ මෙසේය.   

AT the Time She Had Been Considering Having An Abortion but in the Dream She Heard. Keep That Child. යනුවෙනි. පෙර භවයේ පුද්ගලයාගේ නම එම දරුවා විසින් හෙළි කරනු ලැබුවේ ඉතා අඩු වයසේ සිටිය දී වීම ද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් බවට පත් විය.   


තිස්ස ජයවර්ධන

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල