Skip to main content

ෂෝක් වස්ති

2019-04-11-ent-242

ලංකාවේ ජනප්‍රියත්වයෙන් අංකඑකේ Youtube Channelඑක මොකක්ද කියලා ඇහුව්වොත්... තාරුණ්‍යයේ ගොඩාක්දෙනාගේ උත්තරය “වස්ති. ඒ නිසාම අපිට ඔවුන්ව අලුතින් හඳුන්වා දෙන්නනම් ඕනේ නෑ... වස්තිලාගේ Channelඑකේ Subscribeම ලක්ෂ පහකට අධිකයි.
වස්ති අලුත් වීඩියෝ එක ගැන තමා අද Youtube Hitවලින් කතා කරන්නේ.  Arabic vs Sri Lanka “විල්පත්තුව මේ වෙනකොටත් ගොඩාක් දෙනෙක් බලලා ඉවරයි. ගොඩාක් දෙනෙක් කියන්නේ මිලියන එකයි දශම පහක් Views. මේ Videoඑකට like හැටහතර දහසක් විතරත් තියනවා. සාපේක්ෂව ලංකාව වගේ රටක මේක සුපිරි තත්ත්වයක්.
මේ වීඩියෝ ගැන කතා කරනකොට වස්තිලගේ කවදත් තියන ප්‍රහසනය මේකේ අන්තර්ගතයි. ඒවගේ සමාජේ සමහර තැන්වලට පහරක් දෙකක් ගහනවා සැරට. ඒ වගේම ඇඟටපතට නොදැනෙන්න. අරාබි ජතිකයෝ හා ශ්‍රී ලංකිකයෝ අතර සැසඳීමක් මෙහිදී සිද්ධවෙනවා. සිදුවීම් කිහිපයක් හරහාම තමා කතාවක් ගොඩනැගෙන්නේ... ඍජු වගේම වක්‍රව සමාජ ශෝධනයක් මේ හරහා සිදුවෙනවා කිව්වොත්  හරි.වස්ති විඩියෝ Youtube Hit බවට පරිවර්තනය වීම අලුත් දෙය නෙවෙයි. නමුත් පහුගිය කාලේම වෙළඳ දැන්වීම් ස්වරූපයේ වීඩියෝ තමයි වස්තිලා නිර්මාණය කළේ. මේ වීඩියෝ එක කාලෙකින් ආව හොඳ වස්ති Productionඑකක් කියලා අපිට කියන්න පුළුවන්. වෙනදා වගේම පිටපත අධ්‍යක්ෂණය අනුෂ්කගේ. පුරුදු සෙට්එක අතර අලුත් මුහුණුත් තියනවා.
සරල කැමරා කෝණ තමයි භාවිතා කරලා තියෙන්නේ. සංස්කරණ දී එහෙමයි. මේවාට කවදාවත් විශේෂිත සැකිල්ලක් වස්තිලාගේ නෑ. Youtube එකට ගැලපෙන විදිහට සරලව ඒ හැම දෙයක්ම වෙන්නේ. මේ විඩියෝවේ දිග මිනිත්තු 13කට වඩා වැඩියි. ඒකනම් මේ වගේ වීඩියෝ එකකට සාපේක්ෂව වැඩී. නමුත් වස්තිලාගේ ජනප්‍රියත්වය එක්ක, වීඩියෝ ඒකේ නම එක්ක මේක... සම්පුර්ණයෙන් බලන්න ඕනම කෙනෙක් පෙළඹෙනවා. ඒ නිසාම මෙහිදී තියන තාක්ෂණික අඩුපාඩු  ගැන කවුරැත් විශේෂ සැලකිල්ලක්  දක්වන්නේ නෑ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. 
ප්‍රබල සමාජ කාරණා ඉතා සියුම් විදිහට තමන්ගේ පිටපතට ඇතුළත් කිරීමට අනුෂ්ක සමත්වෙලා තියෙනවා. ඒවගේම විල්පත්තු ඈඳාගැනීම මෙහි ඉතා ජනප්‍රියත්වයට දෙගුණ තෙගුණ වෙන්න හේතුවක්. සමාජ ප්‍රශ්න දිහාබලලා ඉතා සියුම්ව තමන්ගේ නිර්මාණයට ඒවා එක්කරගැනීම නිර්මාණකරුවෙක්ගේ දක්ෂතාවක්.  ඒත් Youtube වල මේදේ වෙනවා අඩුයි. Views හොයන්න ඕන දෙයක් කිරීම තමයි තියෙන්නේ. නමුත් වස්ති වෙනස්. ඔවුන්ගේ හැකියාවේ  වර්ධනයක් තියන බව පැහැදිලියි.
අනාගතයේ තවත් විශේෂ නිර්මාණය ඔවුන් ඇසුරේ බිහිවෙන්න ඉඩ තියනවා. 

2019-04-11-ent-2392019-04-11-ent-2402019-04-11-ent-241

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල