Skip to main content

ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා කරන්නද

මට අවශ්‍ය නැහැ ලොකු බලාපොරොත්තු....
 
අපිට සුදු ජාතිකයින්ගෙන් විමසන්න බැහැ ඇයි ඔවුන් සුදු පාට කියලා..
 
මලයාලම් සිනමාපට හරහා ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත "සායි පල්ලවී" කෙටි කාලයකින් ජනප්‍රියත්වයේ ඉහළටම ආපු කෙනෙක්.
 
"කාලි", "ප්‍රේමම්", "ෆීඩා", "මාරි 2" වැනි චිත්‍රපටවලින් දක්ෂතා පෙන්නපු සායි පල්ලවී වෘත්තියෙන් වෛද්‍යවරියක් බව ඔබ නොදන්නවත් ඇති.
 
දමිළ සිනමාවේ සුපිරි තරුවක් විදිහට කවුරුත් දන්න "සූර්යාගේ" නවතම චිත්‍රපටය වන NGK චිත්‍රපටියෙනුත් ඇය නුදුරු දිනයක කලඑළි බහින්න සුදානම්.

ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම හිමිකම් කියන්න සමත් වුණූ ඇය ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා අලුත්ම පුවතක් වාර්තා කර තිබුණා.
 
ඒ ඇය විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකක (ලංකා මුදලින් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක්) රූපලාවන්‍ය සම්බන්ධ වෙළඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කළ පුවතයි.
 
එම දැන්වීම ප්‍රතික්ෂේප කරමින් ඇය කියා තිබුණේ ඇයට එතරම් විශාල මුදලකින් ප්‍රයෝජනයක් නැති බවයි.
 
"ඇඩ් එකකින් මෙච්චර මුදලක් අරන් මම මොනා කරන්නද? මම ගෙදර යනවා. දවසකට චපාති තුනක් හෝ බත් කනවා.... වාහනය අරගෙන රවුමක් යනවා... මට අවශ්‍ය නැහැ ලොකු බලාපොරොත්තු..... මගේ සතුටයි, ජනතාවගේ සතුටයි හොඳ මට්ටමක පවත්වාගෙන යන්න ඕනි... අසාධාරණයක් කරලා දවසක දුක් වෙන්න වෙයි...." ඇය එසේ පවසා තිබුණා.
 

එමෙන්ම ඇය කියා තිබුණේ, "මේ ඉන්දියානු පැහැය... අපිට සුදු ජාතිකයින්ගෙන් විමසන්න බැහැ ඇයි ඔවුන් සුදු පාට කියලා.. ඒක ඒ අයගේ පාට... මේක අපේ පාට... අප්‍රිකානුවන්ට වෙනමම පාටක් තියනවා.. එයාලා ඇත්තටම ලස්සනයි..."



Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

Thilini Amarasooriya B'day Celebration

Share this Story :