Skip to main content

මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව සුළු පියා කියා සිටියා- Ellenගෙන් හෙළිදරව්වක්

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසින් ලොව ප්‍රසිද්ධියක් අත්කරගෙන සිටින Ellen DeGeneres යොවුන් වියේ දී සුළු පියා අතින් අපයෝජනයට ලක්වූ ආකාරය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කර තිබේ.

මෙම සිදුවීම ගැන 2005 දී පළමුවරට ඇය ප්‍රකාශ කළ නමුත් ඒ ගැන දැන් විස්තරාත්මකව පවසා සිටින්නට සිතුවේ “කිසිම පුද්ගලයකුට, කිසිමදාක එවැනි දෙයක් කිරීමට ඉඩ නොදෙන තත්වයට ගැහැණු ළමුන් කටයුතු කරනු දැකීමට වුවමනා නිසා” යැයි David Lettermanගේ මයි නෙක්ස්ට් ගෙස්ට් නීඩ්ස් නෝ ඉන්ට්‍රඩක්ෂන් නම් වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කර ඇත.

මවට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු කාලයේ දී එනම්, Ellenගේ වයස අවුරුදු 15 හෝ 16 දී සුළු පියා විසින් ලිංගික අඩන්තේට්ටම් කළ බව ඇය ප්‍රකාශ කළා ය.   

“ඔහු මට පැවසුවා.... ඇගේ(මවගේ) පියයුරේ ගැටිත්තක් ඇති බව දැනෙන නිසා මගේ පියයුරත් පිරික්සා බැලිය යුතු බව.”

සුළු පියා පළමු වරට තමන්ට අඩන්තේට්ටම් සිදු කළේ මව නගරයෙන් පිටතට ගිය අවස්ථාවක බව Ellen පැහැදිලි කළා ය.

“මගේ පියයුරු පරික්ෂා කරන්න අවශ්‍ය බව කෙසේ හෝ ඒත්තු ගන්වන්න ඔහුට වුවමනා වුණා. සහ ඔහු වෙන වෙලාවක නැවත එය සිදු කිරීමට උත්සහ කළා. තවත් වෙලාවක මගේ කාමරේ දොර කඩන්න ඔහු උත්සහ කළා. ඒ වෙලාවේ මම ජනේලෙන් එළියට පැනගෙන දිව්වා මොකද මම දැනගෙන හිටියා ඊට වැඩි දෙයක් සිදුවෙන්න යන බව.”

“මම” ආරක්ෂා විය යුතුයි.  

සිය මවගේ හිත අවුල් කිරීමට අකමැති වූ නිසා මුලින් එය මවට නොකී බව Ellen පැවසුවා ය.

“මට ඇය ආරක්ෂා නොකර ඉන්න තිබුණේ,” Ellen කීවා ය. “කළ යුතුව තිබුණේ මම ආරක්ෂා වීම. වසර කිහිපයක් යනතෙක් මම මවට මේ ගැන කිව්වේ නැහැ ඊට පස්සේ මම ඇයට මේ ගැන කිව්වා. ඇය මා විශ්වාස කළේ නැහැ. ඊට පස්සේ ඉදිරි වසර 18ක කාලයක් ඇය(මව) සිටියේ ඔහුත් එක්ක.”   

තමන්ගේ කතාව යොවුන් දැරියන්ට යම් ලෙසකින් ප්‍රයෝජනයක් වනු ඇති බවට 61 හැවිරිදි Ellen විශ්වාස කරයි.

“ඒ ගැන කතා කිරීමෙන් ඇති එකම ප්‍රයෝජනය එය පමණයි.”

Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres
Image result for Ellen DeGeneres

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.