Skip to main content

මම ජීවිතේ ජය අරගෙන ඉවරයි

2019-05-27-ent-1235
අයෝමි මේ දවස්වල මොකද කරන්නේ..?
මේ දවස්වල මම සුපුරුදු පරිදි මගේ වෘත්තියේ නියැලිලා ඉන්නවා. මම සේවය කරන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායෙයි. ඉතින් ඒ රාජකාරි කටයුතුවල නියැලිලා ඉන්නවා. රූපවාහිනී සේවයෙත් 2012 වසරේ පැවැත් වූ රණවිරු රියල් ස්ටාර් තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ යුද හමුදා සංගීත ප්‍රසංගවලට මම සහභාගී වෙනවා. රණවිරු සංගීත වැඩසටහන්වලට සහභාගී වෙනවා. එසේම අවසරය ලත් පරිදි එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා. හැබැයි ඒ හැම අවස්ථාවකදීම මම සහභාගී වෙන්නේ මගේ රාජකාරියට බාධාවක් නොවන පරිද්දෙනුයි.

අයෝමි කියන්නේ යුද හමුදා නිලධාරිනියක් වගේම ගායිකාවක්.. පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්න ද...?2019-05-27-ent-1234
පුංචි කාලේ යුද හමුදාවට බැදෙන්නවත්, ගායිකාවක් වෙන්නත් එහෙම ලොකු හීනයක් තිබුණේ නැහැ. හැබැයි කවදාහරි සමාජයට, රටට, බරක් නැති කෙනෙක් වෙන්න ඕනේ කියලා නම් තේරෙන වයසේ ඉඳලම මගේ හිතේ තිබුණා.

අයෝමිගේ පවුලේ විස්තර ටිකකුත් කියමුද..?
මලේ පවුලේ අම්මා, තාත්තා, අක්කලා දෙන්නයි, නංගියි, මමයි තමයි හිටියේ. මගේ තාත්තා මීට වසර හතරකට කලින් මිය ගියා. අපේ පවුලේ ගෑනු ළමයින්ම හතර දෙනෙක්. 

අක්කලා දෙන්නයි, නංගියි එක්ක ගත කරපු ඒ ළමා කාලයේ මතකය අවදි කළොත්?
කෙල්ලෝ හතරක් ගෙදරක ඉන්නවා කියන්නේ හරි අපූරුයිනේ.. එකට සෙල්ලම් කළා.. රණ්ඩු කළා.. පොඩි පොඩි දඟ වැඩත් කළා.. හැබැයි පුංචි කාලේ කොච්චර අපි හතරදෙනා රණ්ඩු කළත් විනාඩි ගාණකින් ආයෙත් යාළු වෙනවා. ඇත්තටම ඒ ළමා කාලය හරිම සුන්දරයි.

පුංචි කාලේදීත් අයෝමි සින්දු කියන්න ඇති?
ඔව්.. පුංචි කාලේදීත් මට හොඳට සින්දු කියන්න පුළුවන්.. මගේ අම්මාට, ආච්චිට, මාමාලටත් සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒ අයගේ ඒ හැකියාව මටත් ටිකක් උරුම වෙන්න ඇති. පුංචි කාලේ මම සින්දු කිව්වා.. මට වගේම මගේ අක්කලාටයි, නංගිටයි සින්දු කියන්න පුළුවන්. හැබැයි ලොකු වෙද්දී ඒ හැකියාව මම තව තවත් වැඩි දියුණු කරගත්තා.

අයෝමි ඉගෙන ගත්තේ මොන පාසලේද?
මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබු‍වේ පානදුර මෙතෝදිස්ත විද්‍යාලයේයි. ඉන්පසුව පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. පාසලේදී සංගීතය පැත්තෙන් ලොකු දක්ෂතාවයක් පෙන්නලා නැහැ. නමුත් සංගීත වැඩසටහන්වලට, කලා කටයුතුවලට, ක්‍රීඩාවලට හැමදේටම මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒවායින් ජයග්‍රහණය ලබාගෙනත් තියනවා.

යුද හමුදා සේවයට යන්නටත් ප්‍රථම අයෝමි රියැලටි වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණු තරගකාරියක්. මේ තරගවලට ඉල්ලුම්පත්‍ර යොමු කළේ කවුද?
මගේ අක්කලා තමයි.. ඒ හැමටම ඉල්ලුම් පත්‍ර දැම්මේ.. ඒ වගේම මගේ අම්මාත් ඒවාට හරියට උදව් කළා.. ලංකාවේ තිබුණු ප්‍රසිද්ධ රියැලටි ගායනා තරග කිහිපයකටම අයඳුම් පත්‍ර යොමුකරලා ඉදිරිපත් වුණා. ඒවාවලින් අතරමඟදී මට ඉවත් වෙන්න සිද්ධ වුණා. නමුත් මම ඒ තරගවලට සහභාගීවෙන එක අතහැරියේ නැහැ. මම ඒ අභියෝග හැම දෙයක්ම බාරගත්තා. ඒ වෙනකොට මගේ හිතේ හීනයක් තිබුණා. ඒ නිසා කවදා හරි මම ඒ හීනය සැබෑ කරගන්න මහන්සි ගත්තා. රණවිරු රියල් ස්ටාර් තරගාවලියට පෙර මම රටේ තිබුණු ප්‍රසිද්ධ රියැලටි තරගවලට සහභාගි වුණා. මම හොඳටම ගායනා කළා කියලා හිතාගෙන හිටපුම මොහොතක මාව ඉවත් වුණ අවස්ථා මගේ ජීවිතේ තිබුණා. සමහර අය දෙයක් අහිමි වෙද්දී ඒ අහිමි වුණ දේ වෙනුවෙන් හඬා වැටෙනවනේ.. නමුත් මම එහෙම වැටුණේ නැහැ. ඒ හැම දේකින්ම මම අභියෝගයක් ජීවිතයට එකතු කරගත්තා. අත්දැකීම් ලැබුවා. පිරිස හඳුනාගත්තා. මම ඒ කිසිම දේකින් කඩා වැටුණේ නැහැ. මම තිබුණු හැම රියැලටි තරගයකටම සහභාගී වුණු කෙනෙක්..

අද වෙනකොට අයෝමි යුද හමුදාවට සේවය කරන කාන්තාවක්.. සේවයේ යෙදී සිටින නිසා සංගීත කටයුතුවලට යොමුවෙන්න සීමා පැනවෙනවා නේද..?
ඔව්.. එහෙම සීමාවල් තියෙනවා තමයි.. හැබැයි මම නියෝජනය කරන්නේ මේ රටේ යුද හමුදාවයි. යුද හමුදාවේ සේවය කරන කෙනෙක් විදිහට මම මේ රුකියාවට හරි ආදරෙයි. මේ රැකියාව නිසා අපිට විනය හුරැවුණා. මම නියෝජනය කරන්නේ මේ යුද හමුදාවේ ගෞරවයයි. ඒ නිසා මම කොහේ හරි සංගීත ප්‍රසංගකට හෝ වැඩසටහනකට සහභාගී වෙනවා නම් යුද හමුදාවේ නාමය එතැන නියෝජනය කරන්නේ. අපිට විශාල ගෞරවයක්, සැලකිල්ලක් ලැබෙනවා. ඒ හැමදේම මට ලැබුණේ යුද හමුදාවේ ගෞරවය නිසාමයි.

අයෝමිගේම ගීත කිහිපයක් නිර්මාණය වෙලා තියෙනවා නේද?
ඔව්.. මම ගීත නිර්මාණ දහයක් විතර කරලා තියෙනවා. සමහර ගීත ප්‍රචාරය වෙනවා. රාජකාරි පසුබිමක් එක්ක සංගීතයට බරවෙන්න අමාරුයි. යුද හමුදා සේවයේ සිටින කාලේදීම මම ගුවන් විදුලියේ “ඒ ශ්‍රේණියේ ගායිකාවක් වුණා. ඇත්තටම ඒ ගැනත් මට සතුටුයි. මම වේගෙන් යන ගමනකට වඩා හෙමින් යන ගමනකට කැමතියි. මම මගේ යුද හමුදාවේ ගෞරවයත් එක්ක යුද හමුදාවේ සහයෝගයත් එක්ක මගේ සංගීත ගමන හෙමීට කරගෙන යනවා.

අයෝමිගේ ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ.. ඇත්තටම දැන් මගේ ජීවිතේ ජය අරගෙන ඉවරයි. මට තිබෙන ලොකුම දේ මගේ රැකියාව හොඳින් කිරීම තමයි. යුද හමුදාපති ලුතිතන් ජ‍ෙනරාල් මහේෂ් සේනානායක, විධායක ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, ජනමාධ්‍ය අධ්‍යක්ෂකතුමා, ස්වෙච්ඡා බල සේනාධිපතිතුමා, . මගේ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපතිතුමා ඇතුළු හැමෝගෙන්ම ලොකු සහයෝගයක් මට ලැබෙනවා. මගේ ලොකුම අරමුණ වෙන්නේ මේ යුද හමුදාවේ ගෞරවය රැකගෙන මගේ සංගීත ගමන යන්නයි.     

  ► Text - Dishani  /  Pic -  Sumudu 

2019-05-27-ent-12322019-05-27-ent-1233 

Popular posts from this blog

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං

Thilini Amarasooriya B'day Celebration

Share this Story :

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල