Skip to main content

සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාම් අන්තවාදීන් මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ ඇදගෙන ගිහින්

සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට අමානුෂික ලෙස පහරදී පසුව ඇඳ සිටි ඇඳුම්ද ඉරා දමා දස වධ දෙමින් මහ මඟ දිගේ ඇදගෙන ගොස් තිබේ.
සෙනඟ දෙනෝදාහක් බලා සිටියදී කළ මෙම තිරිසන් ක්‍රියාව වීඩියෝ පටිගතකර ඇති අතර තමන්ට නීතියේ සාධාරණය ඉටු කර දෙන මෙන් හිංසනයට පත්වූ අබ්දුල් හසන් ෆාතිමා ෆයිසර් (38) මහත්මිය කිරුළපන පිහිටි බොදු බල සේනා කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී හඬා වැළපෙමින් ආයාචනාවක් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවැසුවාය.
“මගේ ගම පානදුරේ, බණ්ඩාරගම, අටළුගම. තාත්තා මිය ගිහින්. අම්මයි මායි තනිවම ජීවත් වුණේ. අපේ ගම මුස්ලිම් ගමක්. සියයට අනූවක්ම ඉන්නේ 5 ශේ‍ර්ණියෙන් ඉහළට ඉගෙන ගත් අය නොවේ. නමුත් අම්මා මට හොඳට ඉගැන්නුවා. මම රැකියාව කරද්දී දැන හඳුනාගත් සිංහල තරුණයෙක් සමඟ විවාහ වුණා. සැමියාගේ ගම කුරුණෑගල. අපේ විවාහයට ගෙවල්වලින් බාධාවක් තිබුණේ නැහැ. මහත්තයා මට හරිම ආදරෙයි. 
මගේ අම්මා ගෙදර තනියම නිසා කසාද බැන්දට පස්සේ මහත්තයත් අපේ ගෙදරම නැවතිලා රැකියාවට ගියා. මෑතක ඉඳලා අපේ ගම වන අටළුගම ඉස්ලාමීය අන්තවාදීන්ගේ යටතට අරගෙනයි තිබෙන්නේ. ගමේ රජ කරන්නේ ඔවුන්ගේ පාලනය. ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ නීතිය. මේ අන්තවාදී කණ්ඩායම් ඇවිත් මට බල කළා සිංහල මිනිහව අයින් කරපන් කියලා. උඹ බඳින්න ඕනා ගමේ මුස්ලිම් මිනිහෙක් කියලා. මට මගේ මහත්තයව අයින් කරන්න බැහැ. මම එයාට හරිම ආදරෙයි.
ඊට පස්සේ ඒ අය මහත්තයට ගහලා මරන්න හැදුවා. අපි දෙන්නා මාලබේ ප්‍රදේශයේ ගෙයක් කුලියට අරගෙන ජීවත් වුණා. පස්සෙ බබා හම්බ වෙන්න කිට්ටු වුණාම ආයෙත් මම අම්මා ළඟට ආවා. බබා හම්බ වුණාට මහත්තයට දරුවගෙ මූණ බලන්න ඒ අය එන්න දුන්නේ නැහැ. දරුවත් එක්ක අම්මා ළඟ ඉන්න කොට ගමේ පිරිමි ගේ වටේ කැරකෙනවා මට කරදර කරන්න.
මගේ මහත්තයා හරිම හොඳයි. අහිංසකයි. අපි කතා වෙලා හිටියේ පිට පළාතක පදිංචියට යන්න. හැබැයි එතකොට අම්මා තනියම.
මෙහෙම ඉන්න කොට පසුගිය මාර්තු මාසේ 24 වැනිදා රෑ 8.00ට විතර දෙසීයක විතර ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ගේ වටකළා. වරෙන් පල්ලියට යන්න දඬුවම් කරන්න කියලා කිව්වා. මම ‍ෙදාර ඇරියේ නැහැ. බණ්ඩාරගම පොලිසියට කතා කළා. 119ට කෝල් කරලත් කිව්වා.
මිනිස්සු ‍ෙදාරවල් කඩාගෙන ගේ ඇතුළට ආවා. මට හොඳටම ගැහුවා. පස්සේ ඇඳුම් ඉරලා දැම්මා. තව විවිධ කරදර කළා. මම අඬලා අත්දෙක උස්සල වඳිද්දී මාව එළියට ඇදල ගත්තේ පොලිසියත් බලාගෙන ඉද්දිමයි. දෙසීයකට වැඩි පිරිමි කට්ටියක් හිටියා. මාව පාරදිගේ ඇදගෙන ගියේ ගල් ගහ ගහ. මුළු ගමම පාර දෙපැත්තට වෙලා බලාගෙන හිටියා. මම කෑගහල කිව්වා මට මෙහෙම වධ දෙන්නේ නැතිව මරලා දාන්න කියලා. ගෙදර අයගේ කැමැත්තෙන් මම ආදරය කරපු සිංහල තරුණයා කසාද බැන්දට මට ලැබුණේ ගල් යුගයේවත් දීලා නැති දඬුවම්. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පොලිසිය කිව්වේ ජීවත් වෙන්න පුළුවන් පැත්තකට ගිහින් ජීවත් වෙන්න කියලයි. අද මම අසරණයි.
මෙම අවස්ථාවට ඇගේ සැමියා වූ සම්පත් ගුණතිලක මහතාද පැමිණ සිටියේය.
සපුමල් ජයසේන

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.