Skip to main content

ලෝකයේ ධනවත්ම සුනඛයා

බිල් ගේට්ස්, ජෙෆ් බේසොස්, මාක් සකර්බර්ග් වගේ නම් ගැන මතක් වෙද්දිම හිතට එන්නේ සල්ලි. මොකද මේ අය ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ හින්දයි. හැබැයි මේ වෙද්දී එයාලව හරි එයාලගේ ධනය හරි මිනිසුන්ට අලුත් දෙයක් නෙමේ. ඒ හින්දම වෙනස් විදිහේ ධනවතෙක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කළා.
 
මේක බලු කතාවක්. හැබැයි නිකම්ම නිකම් බලු කතාවක් නෙමේ, රජ බලු කතාවක්. අපේ කතානායකයා වන ගන්තර්ගේ වත්පොහොසත්කම් අනුව බැලුවම එයා බල්ලන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කිව්වත් වැරදි නැහැ.

ගන්තර් කියන්නේ ජර්මනියේ ජීවත් වන ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. මෙයාගේ විශේෂත්වය තමයි ලෝකෙ ඉන්න පොහොසත්ම බල්ලා මෙයා වීම. මෙයාගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 400ක්.
 
මෙයාගේ කෑමවේල ගත්තම මස් හෝ මාළු පෙති ස්ටීක් විදිහට සකස් කරලා මාළු බිත්තරත් එක්ක ආහාරයට ගැනීමට ගන්තර් පුරුදුවෙලා ඉන්නවා. ඒ තමන් වෙනුවෙන්ම වෙන් කරලා ඉන්න කෝකියා අතිනුයි. ඒ වගේම ගිම්හානයේ උණුසුම් දවස්වල තමන් ජීවත්වෙන මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැලා ඉන්නේ හරියට ධන කුවේරයෙක් වගේමයි. ඒ විතරක් නෙමේ, ගන්තර් එහෙ මෙහෙ යන්නේ ලිමොසින් රථයකයි.
 
ගන්තර්ගේ පරිවාර සේවකයෝ දිහාම බැලුවාමත් දකින්න තියෙන්නේ සුපිරි ධනවතෙකුගේ ජීවිතයක්ම තමයි. සුරූපී සේවිකාවන් තිදෙනෙක් සහ තවත් සේවකයන් දෙදෙනෙක් ගන්තර් වෙනුවෙන් සේවය සලසනවා.
 
ගන්තර්ගේ වත්කම් දිහා බැලුවම එයාට බහාමාස් දිවයින්වල, ජර්මනියේ සහ ඉතාලියෙත් විශාල වතුයායවල් තියෙනවා.
 
ඉතින් මේ තරම් ලොකු සල්ලි කන්දරාවක්, දේපළක් ගන්තර්ට හම්බවුණේ කොහොමද කියලා කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. ඇත්තටම ගන්තර්ට මේ දේපළ උරුම වුණේ එයාගේ තාත්තගෙන්. ඒ කියන්නේ තවත් බල්ලෙක්. පුදුමය තවත් වැඩි වෙනවා.
 
ගන්තර්ගේ තාත්තට මේ සා විශාල වත්කමක් හිමිවුණේ තමන්ගේ ස්වාමිදියණිය වන කාලෝටා ලීබෙන්ස්ටයින්ගේ මරණයත් සමඟයි. ඒ 1991 අවුරුද්දෙදී. තමන්ගේ සුරතලාට පණ වගේ ආදරේ කරපු කාලෝටා මරණින් පසු තමන් සතු සියල්ල තම සුරතල් සුනඛයා වෙනුවෙන් නම්කරලා තිබුණා. ඉතින් කාලෝටාගේ සුරතල් සුනඛයාට හිමිවුණු වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 100ක්.
 
කොහොම වුණත් ටික කාලෙකින් කාලෝටාගේ සුරතලා මිය යාමෙන් පසු ඒ වත්කම් සියල්ල උරුම වුණේ එයාගේ පුත්‍රයා වෙච්ච ගන්තර්ටයි.
 
ගන්තර්ගේ භාරකාරයෝ මේ වත්කම් ඉතාමත් හොඳින් කළමනාකරණය කරන්න සමත්වෙලා තියෙනවා. ඩොලර් මිලියන 100ක වත්කම් මිලියන 400ක් දක්වා වර්ධනය කරන්න හැකිවෙලා තියෙන්නේ ඒ නිසාමයි. කාලයක් සුපිරි පොප් ගායිකා මැඩෝනා සතුව මයාමිවල තිබුණු සුවිසල් මන්දිරයක් පවා ඩොලර් මිලියන 7.5කට මිලදී ගන්න ගන්තර් සමත් වුණේ මේ මූල්‍ය කළමනාකාරීත්වයේ හොඳකම නිසායි.
 
සටහන: සුරංග (දේශය)




Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

කවුරුත් දන්නා, පානදුරේ නංගිගේ, ඔබ නොදත් සත්‍ය කතාව. අවසානයේ ඇය මංගල ගමන ගියාය.

(මෙම ලිපිය උපුටා ගන්නා ලද්දකි. ලේඛකයාගේ සමහර වචන සංස්කරණය නොකර දැමු බව කරුණාවෙන් සලකන්න ) නිරුවත මතම හැමිණෙන්නට මාන බලන පරයන්.... පිරිමින් යනු කවුදැයි හඳුනගන්.... අම්මෙක් සහෝදරියක් ගැන හෝ හැගීමක් නැති පරයන්..., ගෞරවය යනු කුමක්දැයි පහදන්.. ඇය සැවොම අතරේ ප්‍රසිද්ධ පානදුර නංගී ලෙසය.. ඇය සැබවින්ම ලස්සනය.. දගකාරය.. අනුරාගීය.. ඇය භද්‍ර යෞවන වියේදි තම පතිවත තමන් ආදරය කරපු පිරිමියාට පුද කරන්නේ දුරදිග නොබලාය… ඉන් නොනැවතෙන ඇය තම නිරුවත් ඡායාරූප සහ වීඩීයෝපට පෙම්වතාට යවන්නෙ ඔහු කෙරේ ඇති විශ්වාසය නිසාය. මොවුන්ගේ පෙම් සුව විදීමේ අනුරාගී අවස්ථා පෙම්වතා විසින් ඇයගේ කැමැත්තෙන් වීඩීයෝ කරන්නෙ ඔවුන් විඳපු සතුට මතක සටහන් ලෙස තබා ගැනීමට විය යුතුය.. සිදුවන්නේ නොසිතපු දෙයකි.. පෙම්වතාගෙ ජංගම දුරකතනයෙන් තම පෙම්වතියගෙ සහ ඔහුගෙ නිරුවත් දර්ශන ඇතුළත් චිපය අතුරුදහන් වන්නේ ප්‍රශ්න වැළකට ආරම්භයක් ගෙන දෙමිනි.. ඇය සිය පෙම්වතා ඉදිරියේ දැමූ ආලවට්ටම් සමඟින් නිල් චිත්‍රපටවල අඩංගු සියලුම ආකාරයේ ජවනිකා සමඟින් එම වීඩීයෝ පට අන්තර්ජාලයට එකතු වන්නේ ඇයව සමාජය තුළ බඩුවක් කරමිනි.. වීඩීයෝ පට නිකුත් වූ පසු කවර කතාද? ලං...

ටීනා ශනෙල් ගේ අපූරූ ඡායාරූප එකතුව

නිරූපණ ශිල්පී ටීනා ශනෙල් ගේ ඡායාරූප එකතුවක් සමාජජාලා මාධ්‍යවල කතාබහට ලක් වෙමින් තිබෙනවා. එම ඡා‍යාරූප එකතුව පහතින්.