1982 ජනවාරි මස 09 දින එංගලන්තයේ බර්ක්ෂයර්හි රාජකීය රෝහලේදී මයිකල් මිඩ්ල්ටන් හා කැරොල් මිඩ්ල්ටන්ගේ වැඩිමහල් දියණිය ලෙසින් ඇය උපත ලබනවා. කේට් කුමරියට පිපා නමින් සහෝදරියක්ද, ජේම්ස් නමින් සහෝදරියක් ද සිටිනවා. කේට් කුමරිය කුඩා කල බර්ක්ෂයර්හි චැපල් රෝ ගම්මානයේ හැදී වැඩුණු අතර ඇය ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් සරසවියේ උපාධිධාරිණියක්ද වේ. දෛවෝපගත ලෙසින් ඇයට විලියම් කුමරුන් මුණ ගැසෙන්නේ ශාන්ත ඇන්ඩෘස් සරසවියේ දීය.
2003 වසරේ දී ආරම්භ වන විලියම්-කේට් පෙම් කතාව නොයෙක් හැලහැප්පීම් මැද 2007 වසරේදී බිදී යයි.නැවතත් නොයෙක් රාජකීය උත්සව අවස්ථා වලදී මුණ ගැසෙන ඔවුන් 2010 වසරේ දී යළි පෙම්වතුන් බවට පත් විය. 2011 වසරේ දී මුළු ලොවම බලාපොරොත්තුවෙන් සිටි පරිදි වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී විලියම්- කේට් යුවළ විවාහ විය.විවාහ ගිවිස ගැනීමට විලියම් කුමරු විසින් කේට් කුමරිය වෙත ලබා දෙන ලද්දේ ඩයනා කුමරිය පැළදි දියමන්ති මුද්දක් වේ. එය දැනුදු කේට් කුමරිය පලදිනු දක්නට ලැබේ.
රාජකීය විවාහය පිළිබඳ බොහෝ දෙනා විවිධ අයුරින් අසුභ අනාවැකි පල කළද විලියම් කේට් යුවළ ඒ සියලු අනාවැකි අසත්‍ය කරමින් ආදරණීය යුවළක් ලෙසින් ජීවත් වේ. එමතුද නොව ඔවුන්ගෙන් පසු කිරීටය වෙනුවෙන් අනාගත උරුමකරුවන් තිදෙනෙක් මෙලොවට බිහි කර තිබේ.
සැබවින්ම ඇය අපූරු ගැහැණියකි. සාමාන්‍ය පවුලක ඉපිද රාජකීය පවුලක කුමරියක් ලෙසින් නව ජීවිතයකට හැඩ ගැසී රාජකීයත්වයේ වගකීම් මනාව ඉටු කරන අතරම නිතර සිනහවකින් මුව සරසා ගෙන සිටියි. ඇයගේ විලාසිතා ඇයටම අනන්‍ය වූ ඒවා වන අතර කේට් කුමරිය විටෙක ඩයනා කුමරිය යත් වඩා සුන්දර දැයි මම සිතමි.
ඉදින් කේම්බ්‍රිජ්හී කැතරින් ආදිපාදවරිය අපගේ දරුවන් තරුණ වියට එළැඹෙන කළ එංගලන්තයේ රැජින ලෙසින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනු ඇත.