වස්සානේ සඳ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඕෂධී හිමාෂා මෑත කාලයේ කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියක ලෙසින් හඳුන්වන්න පුළුවන්.
මෙම වසර මුලදී යුග දිවියට පිවිසි ඕෂධීගේ ජිවිතයේ අලුත් වෙනසක් සිදුවෙන්න යන බවට ආරංචි වෙනවා.
ඇය මව් පදවිය ලබන්නට සුදානමින් පසුවන බවයි ඒ අනුව වාර්තා වෙන්නේ.
මේ බව සඳහන් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබන්නට ඇය අමතක කර තිබුණේ නැහැ.