Skip to main content

හිතක් පපුවක් තියෙන උගත් ගණකාධිවරයෙක් ලිස්ට් එකක් හදලා එකම පවුලේ 14ක් මරපු හැටි

පවුලේ සාමාජිකයන් 14 දෙනෙකු ඝාතනය කරලා දිවි හානි කර ගත් පුද්ගලයකු පිළිබඳ ඉන්දියාවේ මුම්බායි නුවරින් වාර්තා වෙනවා.
වෘතියෙන් ගණකාධිකරවරයෙක් වන හස්නින් වරේකර් කියන තිස් පස් හැවිරිදි පුද්ගලයෙක් තමා මේ ඝාතන සියල්ලම කරලා තියෙන්නේ.
ඔහු විසින් මරා දැමුණු පවුලේ සාමාජිකයන් අතර දරුවන් හත් දෙනකු සහ ඔහුගේ දෙමව්පියන් ද සිටිනවා. මාස 3ක් වයසැති දරුවන් දෙදෙනෙකුත් මෙතන ඉඳලා තියෙනවලු.
ඔහු පවුලේ සාමාජිකයන්ගේ ආහාර වලට මත් ඖෂධ එක් කරලා කට්ටියම නින්දට ගියාට පස්සේ නිවසේ දොරගුළු සියල්ල වසා දැමුවට පස්සේ තමා මේ ඝාතන සියල්ල සිද්ධ කරලා තියෙන්නේ..සමහර අයව ගෙල සිරකර මරා දමලා, සමහර අයව පිහියෙන් ඇන කොටා මරා දමලා. අවසානයේදී හස්නින් වරේකර් ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන.
මේ සිද්ධියෙන් දිවි බේරා ගැනීමට සමත් වෙලා තියෙන්නේ පවුලේ එකම සාමාජිකයා වන ඔහුගේ නැගණිය විතරයි. උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග අසල්වැසියන් ඒ පිළිබඳ විමසිලිමත් වෙලා තියෙනවා.
අසල්වාසීන් කියන්නේ හස්නින් මීට කලිනුත් ඔහොම දෙයක් කරන්න උත්සහා කළා කියලයි. ඔහුගේ මානසික තත්ත්වයත් ඒ තරම් හොඳ නැහැ ලු.
මේ ඝාතකයා ලියුමකුත් ලියලා තියෙනවා. එකේ එක තැනක තියෙනවා මෙහෙම දෙයක්. ” මම හැමෝවම ඉවරයක් කරනවා”. කියලා.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot