Skip to main content

Posts

Showing posts from October, 2016

මව සමඟ විවාහ වී දියණියට මංගල මුදුව පැළඳූ සංවේදී සිදුවීම - වීඩියෝ

විවාහයක් සම්බන්ධව අමුතු පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. ඒ  බ්‍රසීලයේ දෙවැනි විවාහයක් කරගත් පුද්ගලයෙකු විසින් ඔහුගේ පළමු විවාහයේ දියණියට මංගල මුදුව පැළඳවීමයි.   ඔහුගේ දෙවන විවාහ උත්සවයට පළමු විවාහයේ දියණිය පැමිණි විට එහිදී තම දියණියගෙන් යමක් විමසා තිබෙනවා. ඒ "තමන්ගේ දියණිය වීමට කැමතිද ?" යනුවෙනි. එම අවස්ථාවේදී දියණිය හඬමින් ඔහුව වැළඳගෙන තිබුණා.   එම වැළඳ ගැනීමෙන් අනතුරුව ඔහු විසින් තම මංගල මුදුව දියණියට පළඳවා තිබෙනවා. එම අවස්ථාව ඉතාම සංවේදී වී තිබූ අතර බොහෝදෙනකුගේ නෙත් කඳුලින් පිරුණු බව සඳහන්. ඔහුගේ දැරියට අවුරුදු 06ක් පමණ වයස බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කාන්තාවක් සමඟ විවාහ වන පුද්ගලයෙක් ඇයගේ පළමු විවාහයේ දියණියට මුදුව පැළඳූ අවස්ථාවක් දැක්වෙන සංවේදී වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එලෙස සියලුදෙනාම සංවේදී කළ වීඩියෝව පහතින්....

මට ලැබුණෙම බටහිර පන්නෙ චරිත

මේ දිනවල පුංචි තිරයේ පේ‍්‍රක්ෂකාගාරයේ උන්මාදනීය හෝරාව ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ‘‘සිඳු’’ ටෙලි වෘතාන්තය ඔස්සේ ඔබ හමුවට එන ආදරණීය චරිතයක් සඳැල්ල අපේ කථාබහට එකතු කරගන්න හිතුවා. කලකට පසුව වෙනස්මවූ චරිතයකින් කරළියට ආ ඇය රොෂානා ඔන්ඩච්චි අපේ කතාබහට එකතුවූයේ මෙලෙසින්. රොෂානා කොහොමද ඉතින්? වෙනදට වඩා ගොඩක් සතුටින් ජීවිතේ ගත වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? මම ජීවිතේ ගොඩක් දුක් විඳපු කෙනෙක්. ගෙවුණු කාලය පුරාවටම මගේ දුවයි මමයි දෙන්නම දුක් වින්ඳා. ඉස්සරට වඩා දැන් මමයි දුවයි ගොඩක් සතුටින් ඉන්නවා කියලා දැනෙනවා. රොෂානා කාලයක්ම බටහිර චරිතවලට කොටුවෙලා ඉඳලා දැන් ඒ චරිත වලින් ඈත් වෙන්න හිතුවෙ ඇයි? ඔව්, මම කාලයක් බටහිර, කොමඩි චරිත වලට කොටුවෙලා හිටියා. මගේ පෙනුම නිසාද මන්දා මට ලැබුණෙම බටහිර චරිත. ඒත් මම ලැබුණ චරිත ගොඩක් ආසාවෙන් කළා. ඇත්තටම මම ආස කරන චරිතයක් ලැබුණේ සිඳු ටෙලිනාට්‍ය හරහා. කොහොමද අලූත් චරිතෙට ලැබෙන ප‍්‍රතිචාර ප‍්‍රතිචාර නම් ගොඩක් හොඳයි. සිඳු කථාව, ඒ චරිතය නිසා ඇත්තටම ජීවිතේ ගොඩක් වෙනස් වුණා. අලූත් චරිතය ගැනත් කථා කරමු සල්ලිකාර පවුලක අහිං

මගේ ආදර අවනඩුව 55න් ඉවරයි

වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක ලේඛකයෙක්.  දැන් ඔහු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසිලා. ඒ  ඔහුම  ලියූ  ‘මගේ ආදර අවනඩුව’ නවකතාව පුංචි තිරයට රුගෙන ඇවිත්. මේ දිනවල  සතියේ දිනවල රාත්‍රී 9.00 ට  ස්වර්ණවාහිනීය ඔස්සේ  ‘මගේ ආදර අවනඩුව’ ප්‍රේක්ෂක ඔබට බලන්න පුළුවන්. මේ සුපුන් ‘මගේ ආදර අවනඩුව’ ගැන හදසර සමඟ කළ කතාව. මගේ ආදර අවනඩුව මොකක්ද මේ? මේ මම ලියපු දෙවන නවකතාව වගේම මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. මොකක්ද මේකේ අන්තර්ගත කතාව? මුලික වෙන්නේ තාරැණ්‍යය. ආදරය තාරැණ්‍යය ජවය එක්‌වුණු කතාවක්. ඇයි ඔබ මේ නවකතාව පුංචි තිරයට ගෙනාෙව්? මෙහෙමයි, මට ඕනවෙලා තිබ්බේ අසීමාන්තික නිදහසකින් මේ කතාව සිනමාවට නගන්න. නමුත් ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් මම හිතුවා මුලින් ටෙලි නාට්‍යයක් කරන්න. ඒ ඔස්සේ තමා මගේ ආදර අවනඩුව පුංචි තිරයට අාෙව. නවකතාවේ වෙනස්කම් සිදු කළාද ටෙලි පිටපත ලියද්දි? ඔව්. ටෙලිනාට්‍යයක් කරද්දී ලංකාවේ තියෙන විවිධ රාමුවලට මටත් කොටුවෙන්න වුණා. ඒ නිසා නවකතාවේ අර්ථයට හානි නොවන්න ටෙලි පිටපතේ පොඩි පොඩි වෙනස්කම් කළා. මෙහි ප්‍ර

සමන්තා හින්දු වෙන්න යනවා

කොලිවුඩ් නිළියක වන සමන්තා හින්දු නළුවෙකු වන නාගා චායිටන්යා සමග විවාහ වීමට තීරණය කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. ඉන්පසු ඇය හින්දු ආගමට යොමුවන බවත් ඇය සඳහන් කර තිබේ.

ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පෙන්නේ කොහොමද ?

ඉර නැතුව අපිට පෘථිවිය මත ජීවය පිලිබදව හිතන්නව බැරිය.ඉතින් මේ කියන සුර්යයාගේ උදාව සිදුවෙනවා දැක නැති කෙනෙක් නැති තරම්.කොච්චර බැලුවත් එපා වෙන්නැති මේ සුර්ය උදාව වෙනත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහවස්තුවකට ගියොත් කොහොම පෙනෙයිද? Ron Miller කියන පුද්ගලයා තමයි මේ කියන නිරුපනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. 1.බුධ බුධ ග්‍රහයා පිහිටලා තියෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 60 ක් පමණ එහායින් වීම නිසා බුධ හිදී ඉර උදාව පෘථිවියට සාපේක්ෂව තුන් ගුණයක් විශාලව හා දීප්තිමත්ව දිස්වෙනවා! 2.සිකුරු සිකුරු ග්‍රහලෝකයේ ඉදල සුර්යයාට ඇති දුර කිලෝමීටර මිලියන 108ක් විතර වෙනවා. ග්‍රහලෝකය වටා තියෙන ඝන වලාකුළු නිසා සුර්යයා මෙහිදී දිස්වෙන්නේ ලා පාට ලපයක් විදිහට. 3.අඟහරු සුර්යයාගේ ඉදල අඟහරුවල කක්ෂයට තියෙන දුර කිලෝමීටර් මිලියන 230 ක් පමණ වෙනවා! දුර වැඩි කියල එක ඉර උදාව දිස්වෙන්න බාධාවක් වෙන්නේ නෑ .හැබැයි වේගවත් සුළං මෙහි පවතින නිසා දුවිලි සහිත වායුගෝලයක් දකින්න පුළුවන්. 4. බ්‍රහස්පති බ්‍රහස්පති වල උපග්‍රහයෙක් වන යුරෝපා(Europa ) වල ඉදන් බලද්දී තමයි ඉර උදාව මේ විදිහට පෙනෙන්නේ.බ්‍රහස්පති ග්‍රහයා සුර්යයාගේ ඉද

හැරී පොටර් සිනමා විශ්වයට අලුතින් සිනමාපට 5ක්

පුංචි කාලේ අපි බොහොම ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක් තමයි හැරි පොටර් කියන්නෙ. ඉතින් මේ කියන්න යන ප්‍රවෘත්තිය හැරී පොටර්ට ආදරය කරන ඔයාලා හැමෝටම බොහොම සතුටුදායක ආරංචියක් වෙන බවනන් නොඅනුමානයි. හැරි පොටර් සිනමා විශ්වයට එක්වන නවතම සිනමා පටය තමයි Fantastic Beasts and Where to Find Them කියන්නෙ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තිබුණු මාධ්‍ය හමුවකදී හැරි පොටර් කතා මාලාවේ නිර්මාතෘ J.K.Rowling කියලා තියෙනවා තවත් චිත්‍රපටි 5ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බව. කෙසේ වෙතත් ආරම්භයේදී, හැරි පොටර් සිනමා විශ්වයට එකතුවන නවතම චිත්‍රපට මාලාව චිත්‍රපට ත්‍රිත්වයක් විදිහට එළිදක්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් මෙම නවතම ආරංචි වලට අනුවනන් පේන්නෙ රෝලින්ග්ගේ මායාකාරී ලෝකයේ සාර්ථකත්වය ගැන චිත්‍රපට මාලාව බෙදාහරින වෝනර් බ්‍රදර්ස් සමාගම තුළ දැඩි විශ්වාසයක් තිබෙන බවයි. ඇය මේ වන විටත් දෙවන චිත්‍රපටයේ කතාව ලියා අවසන් බවත් සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සටහන් කර තිබුණා. අනාගත චිත්‍රපට මාලාව ගැන අදහස් දක්වමින් J.K.Rowling කියා තිබුණේ මෙය ප්‍රධාන වශයෙන්ම ඇල්බස් ඩම්බල්ඩොර් සහ පොත් මාලාව ත

ඇත්තටම අපි හැමදාම කන මාළු මෙච්චරට ගුණදායකද?

මාළු කිව්වම ඉතින් ලොකු කුඩා ඕනෑම කෙනෙක් ආසාවෙන් කන කෑමක්නේ! ඉතින් මේ අපි හැමදාම කන මාළු පෘථිවියේ තියෙන වඩාත් පෝෂ්‍යදයකම ආහාරයක් කිව්වොත් නිවැරදි. මාළුවල ප්‍රෝටීන්, විටමින් D වැනි පෝෂක අන්තර්ගත වෙනවා. ඒ වගේමයි ඔමේගා 3 මේද අම්ලයත් අන්තර්ගත වෙනවා . එය අපගේ කායික වගේම මානසික පැවැත්ම සදහාත් හේතු වෙනවා. ඉතින් දැන් අපි කියන්න යන්නේ පරීක්ෂණ මගින් ඔප්පු කරපු මාළු ආහාරයට ගැනීම නිසා ඇතිවන සෞඛ්‍යමය වාසි 11 ක් ගැන. 1 . ශරීරයට ඉතා වැදගත් නමුත් ශරීරයට අඩුවෙන් ලැබෙන වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් මාළු වල අන්තර්ගත වේ. කෙටියෙන් කිව්වොත් ඕනෑම ජාතියක මාළු ආහාරයට ගැනීම ශරීරයට හිතකර වෙනවා. විටමින්, ඛනිජ ලවණ , අයඩින් ඒවගේමයි වැදගත් ප්‍රෝටීන් වර්ගත් මාළු තුල අන්තර්ගත වෙනවා. විවිධ මාළු වර්ග අතරිනුත් මේදය බහුල මාළු ශරීරයට වඩාත් හිතකර වෙනවා.ඒ මේදය සමග බැදුණු පෝෂ්‍ය පදාර්ථ රාශියක් ඒවගේ අන්තර්ගත වෙන හින්ද. උදාහරනයක් විදිහට කිව්වොත් විටමින් D කියන්නේ මේද ද්‍රාව්‍ය විටමිනයක්.එය අප ශරීරය තුල ස්ටෙරෝයිඩමය හොර්මොනයක් විදිහටත් ක්‍රියා කරනවා. අපි කලින් සදහන් කළා වගේම ඔමේගා 3 මේද අම්ලයත් මාළු වල අන්තර්ගත හින්දා එය අ

Game of Thrones පැරදවූ Westworld

ලොව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ Game of Thrones කතා මාලාව මේ වන විටත් ක්‍රමයෙන් එහි අවසානයට ළඟා වෙමින් පවතින නිසා මීළඟට HBO නාලිකාව එහි අඩුව පිරවීමට කුමක් කරත්දැයි බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් පැවතුණි. නමුත් මේ වනවිටත් ඒ සඳහා පිළිතුරක් ලැබී අවසන්ය. බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටි Westworld ටෙලි කතා මාලාව පසුගිය ඔක්තෝබර් 2 වනදා විකාශය ආරම්භ කළේ මිලියන 3.3 කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කර ගනිමිනි. මෙය HBO නාලිකාවේ මාලා නාටකයක එතෙක් මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු ආරම්භක කොටස බවට පත්වුයේ මීට පෙර True Detective (2.33 million), Vinyl (1.4 million) සහ Game of Thrones (2.2 million) තබා තිබු වාර්තාවන් අබිබවමිනි. මෙය HBO නාලිකාව ලබාගත් විශාල ජයග්‍රහණයක් වන්නේ ඔවුන් Game of Thrones කතා මාලාවට අනුප්‍රාප්තිකයෙක් සොයමින් සිටි බැවිනි. දිගින් දිගටම ප්‍රමාදවූ නිෂ්පාදන කටයුතු වලින් පසුව ඉතා ඉහළ පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙම කතා මාලාවේ මුල් කොටස සඳහා පමණක් ඩොලර් මිලියන 25ක් වැයවි ඇත. කොටස් 10ක් අඩංගු සමස්ත පළමු කතා සමය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 100ක් පමණ වැයවී ඇතැයි වාර්තා වේ. 1

Tharu Bogoda Photo Shoot

Nishi Samaraweera Photo Shoot