Skip to main content

ඉර උදාව අනෙකුත් ග්‍රහලෝක වල ඉද්දි පෙන්නේ කොහොමද ?

ඉර නැතුව අපිට පෘථිවිය මත ජීවය පිලිබදව හිතන්නව බැරිය.ඉතින් මේ කියන සුර්යයාගේ උදාව සිදුවෙනවා දැක නැති කෙනෙක් නැති තරම්.කොච්චර බැලුවත් එපා වෙන්නැති මේ සුර්ය උදාව වෙනත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහවස්තුවකට ගියොත් කොහොම පෙනෙයිද? Ron Miller කියන පුද්ගලයා තමයි මේ කියන නිරුපනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ.

1.බුධ

mercury
බුධ ග්‍රහයා පිහිටලා තියෙන්නේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 60 ක් පමණ එහායින් වීම නිසා බුධ හිදී ඉර උදාව පෘථිවියට සාපේක්ෂව තුන් ගුණයක් විශාලව හා දීප්තිමත්ව දිස්වෙනවා!

2.සිකුරු

venus
සිකුරු ග්‍රහලෝකයේ ඉදල සුර්යයාට ඇති දුර කිලෝමීටර මිලියන 108ක් විතර වෙනවා. ග්‍රහලෝකය වටා තියෙන ඝන වලාකුළු නිසා සුර්යයා මෙහිදී දිස්වෙන්නේ ලා පාට ලපයක් විදිහට.

3.අඟහරු

mars
සුර්යයාගේ ඉදල අඟහරුවල කක්ෂයට තියෙන දුර කිලෝමීටර් මිලියන 230 ක් පමණ වෙනවා! දුර වැඩි කියල එක ඉර උදාව දිස්වෙන්න බාධාවක් වෙන්නේ නෑ .හැබැයි වේගවත් සුළං මෙහි පවතින නිසා දුවිලි සහිත වායුගෝලයක් දකින්න පුළුවන්.

4. බ්‍රහස්පති

jupiter
බ්‍රහස්පති වල උපග්‍රහයෙක් වන යුරෝපා(Europa ) වල ඉදන් බලද්දී තමයි ඉර උදාව මේ විදිහට පෙනෙන්නේ.බ්‍රහස්පති ග්‍රහයා සුර්යයාගේ ඉදල ඉතා විශාල දුරකින් තමා පවතින්නේ. හරියටම කිව්වොත් කිලෝමීටර මිලියන 779ක් පමණ ඈතින්.සුර්යාලෝකය බ්‍රහස්පතිගේ වායුගෝලයේ වායු ස්ථර හරහා ගමන් කරන විට, බ්‍රහස්පති ග්‍රහය වටා තියෙන රතු පාට වළල්ලක් තිබෙන ආකාරයට තමා දිස්වන්නේ.

5.සෙනසුරු

saturn
සෙනසුරුගේ කක්ෂයට සූර්යයාගේ ඉදන් තියෙන දුර කිලෝමීටර බිලියන 1.5ක් විතර වෙනවා. අයිස් ස්ඵටික හා වායුන්ගේ බහුලතාවය නිසා සුර්යාලෝකය මෙහිදී පරාවර්තනයට ලක්වෙනවා. False Sun වගේ ඡයාවන් එනිසා මෙහිදී දැක හැකියාවක් තියෙනවා.

6. යුරේනස්

uranus
යුරේනස්වල උපග්‍රහයෙක්වන ඒරියල්(Ariel ) වල මතුපිටට ඉරු උදාව පෙනෙන විදිහ තමයි ඔය තියෙන්නේ. යුරේනස් ග්‍රහයා සුර්යයාගේ සිට කිලෝමීටර බිලියන 2.8 ක් ඈතින් පිහිටන නිසා සුර්යාගේ උණුසුම දැනෙන්නේ නැති තරම්ය.

7.නෙප්චූන්

neptune
නේප්චුන සතු විශාලතම උපග්‍රහයා වන ට්‍රයිටන්(Triton ) වලට ඉර උදාව පෙනෙන්නේ ඔන්න ඔය විදිහට.සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 4.5ක් පමණ දුරකින් තමයි මේ ග්‍රහලෝකය පිහිටල තියෙන්නේ.

8.ප්ලූටෝ

pluto
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සුර්යයාට ඈතින්ම තියෙන ග්‍රහලෝකය වෙන්නේ ප්ලුටෝ. හරියටම කිව්වොත් සුර්යයාගේ ඉදල කිලෝමීටර බිලියන 6ක් පමණ තමා ප්ලුටෝ තියෙන්නේ. ඒ හින්ද ඉර මෙහිදී පෙන්නේ දීප්තිමත් කුඩා ලක්ෂයක් විදිහට. සුර්යයාගේ ඉදන් තියෙන දුර වැඩි හින්දා ආලෝකයේ දීප්තිය පෘථිවිය මතදී ආලෝකයේ දීප්තියට සාපේක්ෂව 1600 ගුණයකින් පමණ අඩු වෙලා තියෙනවා.

source: Sira

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot