Skip to main content

Posts

Showing posts from July, 2019

ලෝකයේ ධනවත්ම සුනඛයා

බිල් ගේට්ස්, ජෙෆ් බේසොස්, මාක් සකර්බර්ග් වගේ නම් ගැන මතක් වෙද්දිම හිතට එන්නේ සල්ලි. මොකද මේ අය ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ හින්දයි. හැබැයි මේ වෙද්දී එයාලව හරි එයාලගේ ධනය හරි මිනිසුන්ට අලුත් දෙයක් නෙමේ. ඒ හින්දම වෙනස් විදිහේ ධනවතෙක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කළා.   මේක බලු කතාවක්. හැබැයි නිකම්ම නිකම් බලු කතාවක් නෙමේ, රජ බලු කතාවක්. අපේ කතානායකයා වන ගන්තර්ගේ වත්පොහොසත්කම් අනුව බැලුවම එයා බල්ලන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කිව්වත් වැරදි නැහැ. ගන්තර් කියන්නේ ජර්මනියේ ජීවත් වන ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. මෙයාගේ විශේෂත්වය තමයි ලෝකෙ ඉන්න පොහොසත්ම බල්ලා මෙයා වීම. මෙයාගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 400ක්.   මෙයාගේ කෑමවේල ගත්තම මස් හෝ මාළු පෙති ස්ටීක් විදිහට සකස් කරලා මාළු බිත්තරත් එක්ක ආහාරයට ගැනීමට ගන්තර් පුරුදුවෙලා ඉන්නවා. ඒ තමන් වෙනුවෙන්ම වෙන් කරලා ඉන්න කෝකියා අතිනුයි. ඒ වගේම ගිම්හානයේ උණුසුම් දවස්වල තමන් ජීවත්වෙන මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැලා ඉන්නේ හරියට ධන කුවේරයෙක් වගේමයි. ඒ විතරක් නෙමේ, ගන්තර් එහෙ මෙහෙ යන්නේ ලිමොසින් රථයකයි.   ගන්තර්ගේ පරිවාර සේවකයෝ දිහාම බැලුවාමත් දකින්න තියෙන්නේ සුපිරි ධනවතෙකුගේ ජ

විවාහය නිසා වරුන් සිය අලුත්ම චිත්‍රපටය කල් දමයි

දෙසැම්බර් මුල් සතියේදී තිරගත වීමට නියමිතව තිබු රේමෝ ඩී සූසාගේ ‘ස්ට්‍රේට් ඩාන්සර්’ චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 24 වැනිදින ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. මෙසේ මෙම චිත්‍රපටය තිරගත වීමට කල්ගතව ඇත්තේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන වරූන් ධාවන්ගේ හා නටාෂා දලාල් දෙදෙනාගේ විවාහය දෙසැම්බර් මාසයට යෙදී තිබීමය. මේ වනවිට සිය විවාහය නිසා කාර්යබහුලව සිටින වරූන් සිය විවාහය ප්‍රියංකා චොප්රා හා නික් ජෝන් විවාහ වූ ජෝදාපූර් රජ මාලිගාවේ පැවැත්වීමට සුදානම් කර තිබෙන බව සඳහන් වේ. මේ දිනවල වරූන් පවුලේ සාමාජිකයන් වරූන්ගේ විවාහය වෙනුවෙන් සුදානම් වන බවටද තොරතුරු වාර්තා වේ.

මම මිසුසික් වීඩියෝ නම් කරනවා අඩුයි

‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. නමින් දුෂේනි සිල්වා වන ඇය පුංචි තිරයේද ජනප්‍රියත්වයට පත්ව තිබේ. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘සාරවිට’ තරු කතාබහට සම්බන්ධ විය. මේ දවස් වල වැඩකටයුතු කොහොමද? පහුගිය කාලේ නම් වැඩ ටිකක් නිසා කාර්යය බහුල වෙලා හිටියා. ඒ හිරු ටීවී නාලිකාවේ විකාශය වුණු සිද්ධාර්ථ ගෞතම් ටෙලි නාට්‍යයයත් එක්ක. ඊට පස්සේ පොඩි විවේකයක් ගත්තා. මොකද මම ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා දායක වෙන්න ඉන්නවා. මොකද ඇඟ පොඩ්ඩක් හැඩ කරගන්න වගේම රංගන පොඩ්ඩක් හදාරන්න සහ නර්තනය ගැන ඉගෙන ගන්නයි. මේ දවස්වල ටෙලි නාට්‍යය බාර ගත්තෙත් නැහැ බාර ගන්නෙත් නැහැ. දැනට ටෙලි නාට්‍යය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද? දැනට 05 කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම මුලින්ම දායක වුණේ සිරස ටීවී එකේ ආදරේ %ආදරේ ගින්දරක්^ ටෙලි නාට්‍යයට. ඊට පස්සේ හිරු ටීවී එකේ %නිසල සඳ ඔබ^, සිරස නාලිකාවෙන්ම කරන ඇප් එකකට කලා %සංචාරකයා^, හිරු ටිවී එකේ "සිද්ධාර්ථ ගෞතම්" සහ ජාතික රූපවාහිනියේ "රැජින" කියන නාට්‍යය කලා. චිත්‍රපට සඳහා

නිරූපණ ශිල්පිනි ඕෂධී මව් පදවිය ලබන්න සුදානමින්

වස්සානේ සඳ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඕෂධී හිමාෂා මෑත කාලයේ කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියක ලෙසින් හඳුන්වන්න පුළුවන්. මෙම වසර මුලදී යුග දිවියට පිවිසි ඕෂධීගේ ජිවිතයේ අලුත් වෙනසක් සිදුවෙන්න යන බවට ආරංචි වෙනවා. ඇය මව් පදවිය ලබන්නට සුදානමින් පසුවන බවයි ඒ අනුව වාර්තා වෙන්නේ. මේ බව සඳහන් කරමින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබන්නට ඇය අමතක කර තිබුණේ නැහැ.

නීතිඥ...? ඒකට මම ආසයි

ප‍්‍රවීණ රංග ශිල්පී රන්ජන් රාමනායක යනු කලින් කලට බොහෝ පෙරළිකාර වැඩකරන චරිතයකි. ජනතාවගේ රංග ශිල්පියා මෙන්ම ජනප‍්‍රියම රංග ශිල්පියා ලෙස නිරන්තරයෙන් සම්මානයට පාත‍්‍ර වූ රන්ජන් දේශපාලන කරළියේ ද පෙරළිකාර චරිතයක් බව සැබෑය. එසේ වුව ද මේ කතා කරන්නට සූදානම් වන්නේ ඔහුගේ ඒ පෙරළිකාර දේශපාලන රටාව ගැන නෙවෙයි. කලින් කලට විවිධ අභියෝග බාර ගන්නා රන්ජන් ගැන බොහෝ දෙනා මේ දිනවල කතා කරන්නේ එයා උසස් පෙළට ලියන්නට සූදානම් වන නිසයි. අවුරුදු පනහ ඉක්ම වූ රන්ජන්ට ඒ ලෙවල් ලියන්නට  ඕනෑ වුණේ ඇයි? කොහොමද මේ දිනවල වැඩ කටයුතු? මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වැඩට මූලිකත්වය දෙමින් කලාවේ වැඩවලටත් දායක වෙමින් සුපුරුදු ජීවන රටාවේ යෙදෙනවා. කලාවේ වැඩ ගැන කිව්වොත්? දැන් තිරගත වන ගෝරි චිත‍්‍රපටයේ උප ප‍්‍රධාන චරිතයක් ලැබුණත් මට ඊට දායක වෙන්න බැරි වුණා. ඊට අමතරව තවත් චිත‍්‍රපට කීපයක චරිත ලැබුණත් ඒවා බාර ගන්න බැරි වුණේ කාර්ය බහුල වූ නිසයි. ඒත් ඒ අතරේ ඒ ලෙවල් කරන්න හදන්නෙ? අපේ අමාත්‍ය අජිත් පී. පෙරේරාට නීතිය උගන්වන ආයතනයක් තියෙනවා. ඉතින් මට  ඕනෑ වුණේ ඒකට ගිහින් නීතිය ඉගෙන ගෙන ලන්ඩන් එල්එල්බී එකට ලියන්නයි.

රංගන ශිල්පිණි උපේක්ෂා ස්වර්ණමාලි උපන්දිනය සැමරූ හැටි

උපේක්ෂා ස්වර්ණමාලී කියන්නේ ටෙලි නිළියක් විදිහට රසික හදවත් දිනාගත්තු කෙනෙක්.   මේ දිනවල හිරු ටී.වී තුළින් විකාශනය වන අහස් මාළිගා ටෙලි නාට්‍ය තුළින්ද ඇය දැකගන්නට පුළුවන්.   ඉතින් ඇය පසුගිය දවසක ඇගේ 35 වැනි උපන්දිනය සමරලා තිබුණා. පවුලේ සාමාජිකයින් එක්ක ගත්ත පුංචි උපන්දින සාදයකින් පස්සෙ 'අහස් මාළිඟා' ටෙලිනාට්‍ය කණ්ඩායමේ පිරිසත් ඇයව පුදුමයට පත් කරලා තිබුණා.   ඉතින් ඇය ඒ ගැන කියමින්, මුහුණු පොතට ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා.

තෙල්, සීනි, පිටි කන්නෙම නෑ

ඇගේ හඬ නෙලූ අධිකාරි මෙන්ම රුව ද ඔබේ මතකයේ රැුඳී ඇති බව නොරහසකි. දක්‍ෂතාවෙන් පරිපූර්ණ ප‍්‍රවීන ගායන ශිල්පිනියක ලෙසින් නෙලූ ගැන කතා කිරීමට බොහෝ දේ ඇතත් මා අද ඇය මුණගැසුනේ දින දින තරුණ වෙන්න මොනවාද කරන්නේ කියා දැන ගැනීමටය. ‘‘මම ඔය කියන තරම් ලස්සනද?’’ කට පුරවාගත් සිනහවෙන් ඇය කතාවට මුල පිරුවේ එලෙසය. ලස්සන වෙන්න කියලා නම් ලොකු ලොකු දේවල් කරන් නෑ. නමුත් මා කාන්තාවක් ලෙසට පිරිසිදුව, ප‍්‍රියමනාපව, පිළිවෙළට සිටීමට නම් නිරතුරුවම උත්සහ කරනවා. කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවා ද? ඔව්. ලස්සන වෙන්න  ඕන කෙනෙකුට පුළුවන්. නමුත් කාන්තාවකගේ තිබිය යුත්තේ සුන්දරත්වය. කාන්තාව කියන කෙනා වර්ණනා කිරීමේ දී ඒ වචනය තුළ සුන්දර බව, ප‍්‍රියමනාප බව, පිරිසිදුකම, හැදියාව, චාම් බව මේ හැම දේම ගැබ්වෙලා තියෙනවා. ඒ හැමදේම ආරක්‍ෂා කරගන්නවා කියන්නේ අපි ඉබේම ප‍්‍රියමනාප කෙනෙක් වෙන එක. ම්... තව දෙයක් තමයි ආසියානු රටවල ජීවත් වන අපි බොහෝ විට හිතනවා විවාහය, දරුවන් ලැබීම, වයසට යාම කියන කරුණු එක්ක කාන්තාවට වටිනාකමක් නැහැ කියා. නමුත් අපි ජීවිතයේ විවිධ සන්ධිස්ථානවලදී මනසින්, සිතුවිලිවලින් අපි අපිටම වටිනාකමක් දෙන්

සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාම් අන්තවාදීන් මුස්ලිම් කාන්තාවක ඇඳුම් ඉරා බණ්ඩාරගම මහපාරේ ඇදගෙන ගිහින්

සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට අමානුෂික ලෙස පහරදී පසුව ඇඳ සිටි ඇඳුම්ද ඉරා දමා දස වධ දෙමින් මහ මඟ දිගේ ඇදගෙන ගොස් තිබේ. සෙනඟ දෙනෝදාහක් බලා සිටියදී කළ මෙම තිරිසන් ක්‍රියාව වීඩියෝ පටිගතකර ඇති අතර තමන්ට නීතියේ සාධාරණය ඉටු කර දෙන මෙන් හිංසනයට පත්වූ අබ්දුල් හසන් ෆාතිමා ෆයිසර් (38) මහත්මිය කිරුළපන පිහිටි බොදු බල සේනා කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී හඬා වැළපෙමින් ආයාචනාවක් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවැසුවාය. “මගේ ගම පානදුරේ, බණ්ඩාරගම, අටළුගම. තාත්තා මිය ගිහින්. අම්මයි මායි තනිවම ජීවත් වුණේ. අපේ ගම මුස්ලිම් ගමක්. සියයට අනූවක්ම ඉන්නේ 5 ශේ‍ර්ණියෙන් ඉහළට ඉගෙන ගත් අය නොවේ. නමුත් අම්මා මට හොඳට ඉගැන්නුවා. මම රැකියාව කරද්දී දැන හඳුනාගත් සිංහල තරුණයෙක් සමඟ විවාහ වුණා. සැමියාගේ ගම කුරුණෑගල. අපේ විවාහයට ගෙවල්වලින් බාධාවක් තිබුණේ නැහැ. මහත්තයා මට හරිම ආදරෙයි.  මගේ අම්මා ගෙදර තනියම නිසා කසාද බැන්දට පස්සේ මහත්තයත් අපේ ගෙදරම නැවතිලා රැකියාවට ගියා. මෑතක ඉඳලා අපේ ගම වන අටළුගම ඉස්ලාමීය

හිරු නොබසින අධිරාජ්‍යයේ අනාගත රැජින කැතරින් කුමරිය

කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය එහෙමත් නැත්නම් ආදරණීය කේට් කුමරිය . මම පුංචි කාලේ ඩයනා ස්පෙන්සර් කුමරියගේ රසිකාවියක්. තවමත් ඩයනා කුමරිය හදවතේ ගැඹුරුම තැනක ඉන්නවා. ඇය මිය ගියා කියලා ඇයගේ ජනප්‍රියත්වය බිදක්වත් අඩු වෙලා නම් නැහැ. ඒ වගේම ඇය තරම්ම ආදරණීය විදියට ඇගේ ආදරණීය ලොකු ලේලි කේට් මිඩ්ල්ටන් කුමරිය අපේ හදවත් වල ඉඩ අරං තියෙනවා.අද හිතුනා ඇය ගැන ලියන්න. වින්ඩ්සර් රජ මාළිගයේ ජීවත් වන ඇය ඇත්තටම මවක්, බිරිඳක් වගේම අපූරු සමාජ සේවිකාවක්. එංගලන්තයේ මධ්‍යම පාන්තික පවුලක ඉපදුනද ඇය රජ පවුලේ වගකීම් ඉටු කරමින් එළිසබෙත් රැජිණ ඇතුළු සමස්ත ලෝක වාසීන්ගේ ගෞරවය ලබමින් ජීවත් වනවා.ඩයනා කුමරිය මෙන් ඇයගේ ජීවිතය දුක්බර එකක් නොවන්නට ප්‍රධානතම හේතුව වන්නේ විලියම් කුමරු ස්වකීය පියා මෙන් තම බිරිඳ තනි නොකිරීමයි. මේ ගෙවී යන්නේ ඔවුන්ගේ විවාහ දිවියේ අටවන අවුරුද්දයි. කේට් කුමරියගේ විලාසිතා ගැන ලොව පුරා මාධ්‍ය ප්‍රවෘත්ති මවන අතර ඇය නිතරම ලගන්නා සිනහවකින් මුව සරසා සිටියි. 1982 ජනවාරි මස 09 දින එංගලන්තයේ බර්ක්ෂයර්හි රාජකීය රෝහලේදී මයිකල් මිඩ්ල්ටන් හා කැරොල් මිඩ්ල්ටන්ගේ වැඩිමහල් දියණිය ලෙසින් ඇය උපත ලබනවා. කේට් කුමරියට පිපා නමින්

අපි දෙන්නම L Board හින්දා වැඩේ ටිකක් අමාරුයි

නිරෝෂා.. අලුත් අම්මටයි ,  අලුත් තාත්තටයි ,  අලුත් චූටි පැටියටයි හදසර අපේ සුබපැතුම්... අනේ.. බොහොම ස්තූතියි. අලුත් ජීවිතේ කොහොමද ? ජීවිතේ කියාගන්න බැරි සතුටකින් තමයි අද මගේ ජීවිතේ ගෙවෙන්නේ. අම්මා කෙනෙක් වීම ඇත්තටම ඕනෑම ගැහැනු ළමයෙක්ගේ හීනයක්. ඉතින් ඒ හීනය හැබෑ වීම ඇත්තටම මගේ ජීවිතේ ලොකු සතුටක්. මට ඉපදුනේ දුවෙක්. ඉතින් ඒ පුංචි සුරංගනාවියට මම හරි ආදරෙයි. දුප ඉපදුනේ කවදද ? චූටි දුව ඉපදුනේ ජූනි මාසේ විසි තුන්වැනිදා. පෞද්ගලික රෝහලක මගේ හිතේ තිබුණ දෙයක් තමයි කවදහරි මම අම්මා කෙනෙක් වෙනවනම්, දරුවෙක් හදනවනම් ඒ දරුවව සාමාන්‍ය දරු උපතක් විදිහට මේ ලෝකයට බිහිකරනවා කියන එක. සීසර් කරලා දරුවව බිහි කරන්න මම එච්චර කැමති වුණේ නැහැ. ඇත්තටම අම්මා කෙනෙක් විඳින දුක විඳින්න මට ඕන වුණා. ඒ වේදනාවත් එක්ක දරුවව බිහිවීමත් සමඟ හිතට දැනෙන සතුට වෙනමම අත්දැකීමක්. ඒ වෙලාවේ දැනෙන හැම අපහසුතාවයක්ම විඳගෙන පුංචි පැටියව අතට දුන්නට පස්සේ ඒ කිසි වේදනාවක් මතකයේ නැහැ. මාස නවයක් තියාගෙන හිටපු, දඟලපු, මට රිද්දපු ඒ පුංචි පැටියගේ මුහුණ දකිද්දි ඒක වෙනමම අත්දැකීමක්. අනේ ජීවිතේ ලබපු ඒ අපූරු අත්දැකීම මට මගේ පුංචි පැටියා ගෙනත්

දුක් සිංදු අහන්න ගියාම දුක ඩබල් වෙනවා

”සේපාලි කියන්නෙ පුංචි දරුවකුගේ අම්මා කෙනෙක්. මගෙ අම්මා, තාත්තා නැති නිසා මල්ලි ඉන්නෙත් මා එක්කයි. දුප්පත් පවුලක කෙනෙක් නිසා සැමියාගෙන් නිතර ඇනුම්පද අහන්නත් වෙනවා. සේපාලිගෙ මල්ලි ගෙදර නතර වෙලා ඉන්නවට සැමියා කැමති නැහැ. ඒ නිසා එයා මල්ලිට නොයෙක් ඇනුම්පද කියනවා. සහෝදර පේ‍්‍රමය නිසා සේපාලි ඒ සියල්ල දරාගෙන ඉන්නවා. සේපාලිගෙ සැමියා සේපාලි වගේ නොවෙයි, ඒ චරිත දෙක සසදද්දී ඒක හරියට අහසට පොළව වගෙයි. සේපාලිගෙ සැමියා ලෙස රඟපාන්නෙ ගිරිරාජ් කෞෂල්‍ය. එයා හරිම දක්‍ෂ රංගන ශිල්පියෙක්. රූගත කරද්දී පවා හරිම විනෝදජනකයි.” මේ විදියට කියන මේ සේපාලි අපට හමුවන්නෙ මේ දිනවල විකාශය කෙරෙන ශාන්ත සොයිසාගෙ ‘ජීවිතය ඇති තුරා’ නාට්‍ය මාලාව සමගයි. සේපාලි විදියට රඟපාන්නෙ, ශාලිකා අරුන්දතී එදිරිසිංහයි. කාලයකට පසුව මේ කතාබහ ‘ශාලූ’ එක්කයි. කොහොමද ජීවිතේ? හොඳයි. සාමාන්‍ය විදියට ෂූටිං කරගෙන හොඳින් ජීවත් වෙනවා. ශාලිකා කියන්නද? ශාලූ කියන්නද? මගේ යාළුවෝ සහ වැඩි දෙනෙක් කියන්නෙ ශාලූ කියලයි. ගෙදර අය කොහොමද කතා කරන්නෙ? අයියලා තුන්දෙනයි, අම්මයි, තාත්තයි කියන්නෙ සුදු මැණිකෙ කියලයි. එතකොට මහත්තයා කොහොමද කතා කරන්නෙ?