Skip to main content

හිරු නොබසින අධිරාජ්‍යයේ අනාගත රැජින කැතරින් කුමරිය

කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය එහෙමත් නැත්නම් ආදරණීය කේට් කුමරිය . මම පුංචි කාලේ ඩයනා ස්පෙන්සර් කුමරියගේ රසිකාවියක්. තවමත් ඩයනා කුමරිය හදවතේ ගැඹුරුම තැනක ඉන්නවා. ඇය මිය ගියා කියලා ඇයගේ ජනප්‍රියත්වය බිදක්වත් අඩු වෙලා නම් නැහැ. ඒ වගේම ඇය තරම්ම ආදරණීය විදියට ඇගේ ආදරණීය ලොකු ලේලි කේට් මිඩ්ල්ටන් කුමරිය අපේ හදවත් වල ඉඩ අරං තියෙනවා.අද හිතුනා ඇය ගැන ලියන්න. වින්ඩ්සර් රජ මාළිගයේ ජීවත් වන ඇය ඇත්තටම මවක්, බිරිඳක් වගේම අපූරු සමාජ සේවිකාවක්. එංගලන්තයේ මධ්‍යම පාන්තික පවුලක ඉපදුනද ඇය රජ පවුලේ වගකීම් ඉටු කරමින් එළිසබෙත් රැජිණ ඇතුළු සමස්ත ලෝක වාසීන්ගේ ගෞරවය ලබමින් ජීවත් වනවා.ඩයනා කුමරිය මෙන් ඇයගේ ජීවිතය දුක්බර එකක් නොවන්නට ප්‍රධානතම හේතුව වන්නේ විලියම් කුමරු ස්වකීය පියා මෙන් තම බිරිඳ තනි නොකිරීමයි. මේ ගෙවී යන්නේ ඔවුන්ගේ විවාහ දිවියේ අටවන අවුරුද්දයි. කේට් කුමරියගේ විලාසිතා ගැන ලොව පුරා මාධ්‍ය ප්‍රවෘත්ති මවන අතර ඇය නිතරම ලගන්නා සිනහවකින් මුව සරසා සිටියි.

1982 ජනවාරි මස 09 දින එංගලන්තයේ බර්ක්ෂයර්හි රාජකීය රෝහලේදී මයිකල් මිඩ්ල්ටන් හා කැරොල් මිඩ්ල්ටන්ගේ වැඩිමහල් දියණිය ලෙසින් ඇය උපත ලබනවා. කේට් කුමරියට පිපා නමින් සහෝදරියක්ද, ජේම්ස් නමින් සහෝදරියක් ද සිටිනවා. කේට් කුමරිය කුඩා කල බර්ක්ෂයර්හි චැපල් රෝ ගම්මානයේ හැදී වැඩුණු අතර ඇය ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෘස් සරසවියේ උපාධිධාරිණියක්ද වේ. දෛවෝපගත ලෙසින් ඇයට විලියම් කුමරුන් මුණ ගැසෙන්නේ ශාන්ත ඇන්ඩෘස් සරසවියේ දීය.

2003 වසරේ දී ආරම්භ වන විලියම්-කේට් පෙම් කතාව නොයෙක් හැලහැප්පීම් මැද 2007 වසරේදී බිදී යයි.නැවතත් නොයෙක් රාජකීය උත්සව අවස්ථා වලදී මුණ ගැසෙන ඔවුන් 2010 වසරේ දී යළි පෙම්වතුන් බවට පත් විය. 2011 වසරේ දී මුළු ලොවම බලාපොරොත්තුවෙන් සිටි පරිදි වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී විලියම්- කේට් යුවළ විවාහ විය.විවාහ ගිවිස ගැනීමට විලියම් කුමරු විසින් කේට් කුමරිය වෙත ලබා දෙන ලද්දේ ඩයනා කුමරිය පැළදි දියමන්ති මුද්දක් වේ. එය දැනුදු කේට් කුමරිය පලදිනු දක්නට ලැබේ.

රාජකීය විවාහය පිළිබඳ බොහෝ දෙනා විවිධ අයුරින් අසුභ අනාවැකි පල කළද විලියම් කේට් යුවළ ඒ සියලු අනාවැකි අසත්‍ය කරමින් ආදරණීය යුවළක් ලෙසින් ජීවත් වේ. එමතුද නොව ඔවුන්ගෙන් පසු කිරීටය වෙනුවෙන් අනාගත උරුමකරුවන් තිදෙනෙක් මෙලොවට බිහි කර තිබේ.

සැබවින්ම ඇය අපූරු ගැහැණියකි. සාමාන්‍ය පවුලක ඉපිද රාජකීය පවුලක කුමරියක් ලෙසින් නව ජීවිතයකට හැඩ ගැසී රාජකීයත්වයේ වගකීම් මනාව ඉටු කරන අතරම නිතර සිනහවකින් මුව සරසා ගෙන සිටියි. ඇයගේ විලාසිතා ඇයටම අනන්‍ය වූ ඒවා වන අතර කේට් කුමරිය විටෙක ඩයනා කුමරිය යත් වඩා සුන්දර දැයි මම සිතමි.

ඉදින් කේම්බ්‍රිජ්හී කැතරින් ආදිපාදවරිය අපගේ දරුවන් තරුණ වියට එළැඹෙන කළ එංගලන්තයේ රැජින ලෙසින් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙනු ඇත.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot