Skip to main content

ලෝකයේ ධනවත්ම සුනඛයා

බිල් ගේට්ස්, ජෙෆ් බේසොස්, මාක් සකර්බර්ග් වගේ නම් ගැන මතක් වෙද්දිම හිතට එන්නේ සල්ලි. මොකද මේ අය ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ හින්දයි. හැබැයි මේ වෙද්දී එයාලව හරි එයාලගේ ධනය හරි මිනිසුන්ට අලුත් දෙයක් නෙමේ. ඒ හින්දම වෙනස් විදිහේ ධනවතෙක් හඳුන්වලා දෙන්න අපි කල්පනා කළා.
 
මේක බලු කතාවක්. හැබැයි නිකම්ම නිකම් බලු කතාවක් නෙමේ, රජ බලු කතාවක්. අපේ කතානායකයා වන ගන්තර්ගේ වත්පොහොසත්කම් අනුව බැලුවම එයා බල්ලන්ගේ ලෝකේ රජ්ජුරුවෝ කිව්වත් වැරදි නැහැ.

ගන්තර් කියන්නේ ජර්මනියේ ජීවත් වන ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්. මෙයාගේ විශේෂත්වය තමයි ලෝකෙ ඉන්න පොහොසත්ම බල්ලා මෙයා වීම. මෙයාගේ වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 400ක්.
 
මෙයාගේ කෑමවේල ගත්තම මස් හෝ මාළු පෙති ස්ටීක් විදිහට සකස් කරලා මාළු බිත්තරත් එක්ක ආහාරයට ගැනීමට ගන්තර් පුරුදුවෙලා ඉන්නවා. ඒ තමන් වෙනුවෙන්ම වෙන් කරලා ඉන්න කෝකියා අතිනුයි. ඒ වගේම ගිම්හානයේ උණුසුම් දවස්වල තමන් ජීවත්වෙන මන්දිරයේ පිහිනුම් තටාකයට බැහැලා ඉන්නේ හරියට ධන කුවේරයෙක් වගේමයි. ඒ විතරක් නෙමේ, ගන්තර් එහෙ මෙහෙ යන්නේ ලිමොසින් රථයකයි.
 
ගන්තර්ගේ පරිවාර සේවකයෝ දිහාම බැලුවාමත් දකින්න තියෙන්නේ සුපිරි ධනවතෙකුගේ ජීවිතයක්ම තමයි. සුරූපී සේවිකාවන් තිදෙනෙක් සහ තවත් සේවකයන් දෙදෙනෙක් ගන්තර් වෙනුවෙන් සේවය සලසනවා.
 
ගන්තර්ගේ වත්කම් දිහා බැලුවම එයාට බහාමාස් දිවයින්වල, ජර්මනියේ සහ ඉතාලියෙත් විශාල වතුයායවල් තියෙනවා.
 
ඉතින් මේ තරම් ලොකු සල්ලි කන්දරාවක්, දේපළක් ගන්තර්ට හම්බවුණේ කොහොමද කියලා කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. ඇත්තටම ගන්තර්ට මේ දේපළ උරුම වුණේ එයාගේ තාත්තගෙන්. ඒ කියන්නේ තවත් බල්ලෙක්. පුදුමය තවත් වැඩි වෙනවා.
 
ගන්තර්ගේ තාත්තට මේ සා විශාල වත්කමක් හිමිවුණේ තමන්ගේ ස්වාමිදියණිය වන කාලෝටා ලීබෙන්ස්ටයින්ගේ මරණයත් සමඟයි. ඒ 1991 අවුරුද්දෙදී. තමන්ගේ සුරතලාට පණ වගේ ආදරේ කරපු කාලෝටා මරණින් පසු තමන් සතු සියල්ල තම සුරතල් සුනඛයා වෙනුවෙන් නම්කරලා තිබුණා. ඉතින් කාලෝටාගේ සුරතල් සුනඛයාට හිමිවුණු වත්කම්වල මුළු වටිනාකම ඩොලර් මිලියන 100ක්.
 
කොහොම වුණත් ටික කාලෙකින් කාලෝටාගේ සුරතලා මිය යාමෙන් පසු ඒ වත්කම් සියල්ල උරුම වුණේ එයාගේ පුත්‍රයා වෙච්ච ගන්තර්ටයි.
 
ගන්තර්ගේ භාරකාරයෝ මේ වත්කම් ඉතාමත් හොඳින් කළමනාකරණය කරන්න සමත්වෙලා තියෙනවා. ඩොලර් මිලියන 100ක වත්කම් මිලියන 400ක් දක්වා වර්ධනය කරන්න හැකිවෙලා තියෙන්නේ ඒ නිසාමයි. කාලයක් සුපිරි පොප් ගායිකා මැඩෝනා සතුව මයාමිවල තිබුණු සුවිසල් මන්දිරයක් පවා ඩොලර් මිලියන 7.5කට මිලදී ගන්න ගන්තර් සමත් වුණේ මේ මූල්‍ය කළමනාකාරීත්වයේ හොඳකම නිසායි.
 
සටහන: සුරංග (දේශය)




Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot