Skip to main content

නීතිඥ...? ඒකට මම ආසයි

20190705Ranjan-1ප‍්‍රවීණ රංග ශිල්පී රන්ජන් රාමනායක යනු කලින් කලට බොහෝ පෙරළිකාර වැඩකරන චරිතයකි. ජනතාවගේ රංග ශිල්පියා මෙන්ම ජනප‍්‍රියම රංග ශිල්පියා ලෙස නිරන්තරයෙන් සම්මානයට පාත‍්‍ර වූ රන්ජන් දේශපාලන කරළියේ ද පෙරළිකාර චරිතයක් බව සැබෑය. එසේ වුව ද මේ කතා කරන්නට සූදානම් වන්නේ ඔහුගේ ඒ පෙරළිකාර දේශපාලන රටාව ගැන නෙවෙයි. කලින් කලට විවිධ අභියෝග බාර ගන්නා රන්ජන් ගැන බොහෝ දෙනා මේ දිනවල කතා කරන්නේ එයා උසස් පෙළට ලියන්නට සූදානම් වන නිසයි. අවුරුදු පනහ ඉක්ම වූ රන්ජන්ට ඒ ලෙවල් ලියන්නට  ඕනෑ වුණේ ඇයි?

කොහොමද මේ දිනවල වැඩ කටයුතු?
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ වැඩට මූලිකත්වය දෙමින් කලාවේ වැඩවලටත් දායක වෙමින් සුපුරුදු ජීවන රටාවේ යෙදෙනවා.

කලාවේ වැඩ ගැන කිව්වොත්?
දැන් තිරගත වන ගෝරි චිත‍්‍රපටයේ උප ප‍්‍රධාන චරිතයක් ලැබුණත් මට ඊට දායක වෙන්න බැරි වුණා. ඊට අමතරව තවත් චිත‍්‍රපට කීපයක චරිත ලැබුණත් ඒවා බාර ගන්න බැරි වුණේ කාර්ය බහුල වූ නිසයි.

ඒත් ඒ අතරේ ඒ ලෙවල් කරන්න හදන්නෙ?
අපේ අමාත්‍ය අජිත් පී. පෙරේරාට නීතිය උගන්වන ආයතනයක් තියෙනවා. ඉතින් මට  ඕනෑ වුණේ ඒකට ගිහින් නීතිය ඉගෙන ගෙන ලන්ඩන් එල්එල්බී එකට ලියන්නයි. ඒ වෙනුවෙන් ඒ ලෙවල් විෂයයන් තුනක් සමත් වෙන්න  ඕනෑ. ඒත් මම පාස් එක විෂයක් විතරයි. මේ නිසා පසුව විවෘත විශ්වවිද්‍යාලයට ගිහින් නීතිය හැදෑරීම සඳහා වූ පුහුණු පාඨමාලාව කළා. එහිදී ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සමත්. ජනමාධ්‍ය හා සමාජ විද්‍යාව සමත් වෙන්න තියෙනවා.

ඒ ලෙවල්වලට කොහොමද මුහුණ දෙන්න හදන්නේ?
දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය හා ක‍්‍රිස්තු ධර්මය විෂයයන්ගෙන් මුහුණ දෙන්නෙ. ක‍්‍රිස්තු ධර්මය තෝරා ගත්තෙ සාමාන්‍ය පෙළට ”ඞී” සමාර්ථයක් තිබුණු නිසයි.

විවෘත විශ්වවිද්‍යාලයට ගිහින් විභාග ලියද්දි සරසවියෙ අනෙක් ළමයින් බැලූවෙ නැද්ද ඔබ දිහා?
අනේ ළමයි ඉතින් මාව වටකරගෙන කතා කළා. සෙල්ෆි ඡායාරූප එහෙමත් ගත්තා. සමහර අය මට අතපසු වෙච්ච සටහන් පවා ලියලා දුන්නා. ඒ විදියට එයාලා උදව් කළා.

විශේෂයෙන්ම ගැහැනු ළමුන්ගෙන් බේරෙන්න බැරිවෙන්න ඇති?
ඔක්කෝමලා වගේ උදව් කළා. සමහරු මගේ ටෙලිෆෝන් නම්බර් එකත් ඉල්ලා ගත්තා. රන්ජන් අයියා සටහන් ටික එවන්නම්, හැබැයි අපේ පාර කැඩිලා හදලා දෙන්න පුළුවන් ද කියලත් සමහර අය විහිළුවට ඇහුවා. මේ සටහන් අතරෙයි පාර කැඩිච්ච එකෙයි සම්බන්ධය මොකක්ද කියලා ඒ පාර මම විහිළුකළා. ඒක ඉතින් එයාලා නිකමට වගේ අහපු දෙයක්. කොහොම වුණත් විවෘත විශ්වවිද්‍යාලයේ ඔක්කෝමලා වගේ මට ලොකු ධෛර්යයක් දුන්නෙ.

ඔබ මේ වයසේදී ඒ ලෙවල් ලියන්නට හදන එක ගැන දැන් හැමෝම කතා වෙනවා.
මම දකින විදියට ඒක ඇත්තටම ඉතින් හොඳ දෙයක්. මං වගේ කෙනෙක් ඒ විදියට ධෛර්යවන්තව මුහුණ දීම ගැන දරු පරපුරට ආදර්ශවත් දෙයක් කියලයි මට හිතෙන්නේ. බීබීසී එකේ සංදේශය මේ ගැන විශේෂ වැඩ සටහනක් මා එක්ක කළා. එයින් පසුව බොහෝ දෙනා මට කතා කළා. ගුරුවරු කවුරුවත් මගෙන් සල්ලි නොගෙන වුවමනාවෙන්ම උගන්වන්න එනවා. මම බලෙන් සල්ලි දෙන්න හැදුවත් එයාලා ගත්තේ නැහැ.

විභාගයකට ලියන්න තරම් මනස හදාගන්නෙ කොහොමද?
ප‍්‍රධානව කිව්වොත් මම තනි පුද්ගලයෙක්නෙ. මට බිරින්දෑවරු නැහැ. විවාහ වෙලා නැහැ. ළමයි නැහැ. අම්මා - තාත්තා නැහැ. ඒ නිසා ප‍්‍රශ්න නැහැ. අමාත්‍යාංශයේ වැඩ ටික උදේම කරලා ගෙදර එනවා. ගෙදර ඇවිත් ගුරු දෙගුරු සමිතිවලට යන්න නැහැ. සුපර්මාකට් යන්න නැහැ. ඒ නිසා සියයට අනූවක්ම විභාග වෙනුවෙන් ලැහැස්ති වෙන්න කාලය සහ මනස හදාගන්න මට පුළුවනි.

ඒ ලෙවල් කරලා?
ඊට පස්සේ ලෝ කොලේජ් යන්නයි කල්පනාව. එහෙම වුණාම මගේ නඩුවලටත් මට එය පහසුවක් වෙනවා.

ඒ කියන්නේ නීතිඥ රංජන් රාමනායක කියලා කියනවාට ආසයි?
අනේ ඔව්. ඒක සිහිනයක්. නීතියට මම ආසයි. ඒ ආසාව නිසා මට ඒක ඉගෙන ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. පාර්ලිමේන්තුවේ සිටින නීතිඥ තනතුරු දරන දේශපාලනඥයින් බොහෝ දෙනා පවා මාව උනන්දු කරවනවා. ඉස්සර මැතිනියගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වීම පමණක් නීති ප‍්‍රවේශයට සුදුසුකම් ලැබුවා. ඒත් දැන් ඒ නීතිය ඉවත් කරලා. තියෙන තරගකාරිත්වය නිසා.

ඉගෙන ගන්න මේ විෂයයන් ගෙන් වැඩියෙන් අමාරු වුණේ?
ඉකෝන් (ආර්ථික විද්‍යාව) මට ටිකක් දිරවා ගන්න බැහැ. අනෙක් විෂයයන්ගෙන් දේශපාලන විද්‍යාව අපි නියැලෙන නිසා ආසයි. ජනමාධ්‍ය විෂයටත් හරි උනන්දුයි.

මේ විදියට ජීවිතය ගෙවන රන්ජන්ට අද ජීවිතය දැනෙන්නේ කොහොමද?
මම උපන්නේ 1963 මාර්තු 11 වැනිදා උදේ 6 ට මීගමුවේදී. කලාවට ආව මට දෙවියන්වහන්සේගේ ස්වභාවධර්මයේ පිහිට වගේම ධෛර්ය ලැබී තිබෙනවා. ජනතාවගේ නළුවා වී ජනප‍්‍රියම නළුවා ලෙස නිරන්තරයෙන් සිටීම එක අතකට පිනක්. ඒ විදියට ජනතාවගෙන් ලැබෙන ආදරය එක්ක මට දුක් වෙන්න දෙයක් නැහැ. මම ඒ ජනතාවට ණයයි. මාව මේ තැනට ඔසවා තැබූ චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ, කලා ක්ෂේත‍්‍රයේ, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සහ විවිධ අංශවලට අයත් සෑම සියලූ දෙනාටම මම බොහෝම ස්තූතියි කියලා කියන්න කැමැතියි. ඒ මිනිසුන් වෙනුවෙන් මම සමාජයට යමක් කළ යුතුයි. නීතිඥවරයකු වෙලා අඹ ගෙඩියක් කඩලා, ඇප ගන්න බැරුව සිටින අහිංසක අම්මලා, ඒ වගේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඇත්නම් ඒක මගේ හීනයක්.

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ
20190705Ranjan-220190705Ranjan-320190705Ranjan-4

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot