Skip to main content

අපි දෙන්නම L Board හින්දා වැඩේ ටිකක් අමාරුයි

20190702Nirosha-2නිරෝෂා.. අලුත් අම්මටයිඅලුත් තාත්තටයිඅලුත් චූටි පැටියටයි හදසර අපේ සුබපැතුම්...
අනේ.. බොහොම ස්තූතියි.
අලුත් ජීවිතේ කොහොමද?
ජීවිතේ කියාගන්න බැරි සතුටකින් තමයි අද මගේ ජීවිතේ ගෙවෙන්නේ. අම්මා කෙනෙක් වීම ඇත්තටම ඕනෑම ගැහැනු ළමයෙක්ගේ හීනයක්. ඉතින් ඒ හීනය හැබෑ වීම ඇත්තටම මගේ ජීවිතේ ලොකු සතුටක්. මට ඉපදුනේ දුවෙක්. ඉතින් ඒ පුංචි සුරංගනාවියට මම හරි ආදරෙයි.
දුප ඉපදුනේ කවදද?
චූටි දුව ඉපදුනේ ජූනි මාසේ විසි තුන්වැනිදා. පෞද්ගලික රෝහලක මගේ හිතේ තිබුණ දෙයක් තමයි කවදහරි මම අම්මා කෙනෙක් වෙනවනම්, දරුවෙක් හදනවනම් ඒ දරුවව සාමාන්‍ය දරු උපතක් විදිහට මේ ලෝකයට බිහිකරනවා කියන එක. සීසර් කරලා දරුවව බිහි කරන්න මම එච්චර කැමති වුණේ නැහැ. ඇත්තටම අම්මා කෙනෙක් විඳින දුක විඳින්න මට ඕන වුණා. ඒ වේදනාවත් එක්ක දරුවව බිහිවීමත් සමඟ හිතට දැනෙන සතුට වෙනමම අත්දැකීමක්. ඒ වෙලාවේ දැනෙන හැම අපහසුතාවයක්ම විඳගෙන පුංචි පැටියව අතට දුන්නට පස්සේ ඒ කිසි වේදනාවක් මතකයේ නැහැ. මාස නවයක් තියාගෙන හිටපු, දඟලපු, මට රිද්දපු ඒ පුංචි පැටියගේ මුහුණ දකිද්දි ඒක වෙනමම අත්දැකීමක්. අනේ ජීවිතේ ලබපු ඒ අපූරු අත්දැකීම මට මගේ පුංචි පැටියා ගෙනත් දුන්නා. ඉතින් ඒ මූණ දකිද්දි දැනුණු වේදනාව කිසිම දෙයක් මට මතක නෑ.
දරුවා ඉපදෙන මොහොතේදී ඔබේ සැමියත් ළඟින්ම හිටියද?
ඔව්... කොහොමටත් එයා මුල ඉඳලම කියපු දෙයක් තමයි දරුවා ලැබෙද්දි මම ළඟින්ම ඉන්නවා කියලා. ඒක මටත් ඕන වුණා. ඉතින් ඒ ශක්තිය මට ඕන නිසා චූටි දූ ඉපදෙද්දී එයා මගේ ළඟින්ම හිටියා. දුවව ගෙදර ගෙනාවේ ජූනි මාසේ විසිපස්වැනිදා. මේ දවස් ටිකේම මායි අසේලයි එයාට බයෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට ඕන ඕන විදිහට හයියෙන් කතා කරන්නත් බෑ. අපේ හැසිරීමයි, බඩුමුට්ටු තියෙන විදිහයි හැමදේම දැන් වෙනස් වෙලා. ඇත්තටම දැන් මගෙයි අසේලගෙයි ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
ඇත්ත කියන්න. නිරෝෂා ආසාවෙන් හිටියේ දුවෙක්ටදපුතෙක්ටද?
ඇත්තටම කිව්වොත් මම ආසාවෙන් හිටියේ දුවෙක්ටයි. හැබැයි අපි ස්කෑන් කරලා බැලුවේ නැහැ. අපිට ඕන වුණේ ඒ දේ පැටියා ඉපදුනාට පස්සේ දැනගන්නයි. ඉතින් දුව ඉපදුනාට පස්සේ ඩොක්ටර් මට දුවව පෙන්නුවා. ඊටපස්සේ ඩොක්ටර් මගෙන් හරිද කියලා ඇහුවා. මාත් හරි ඩොක්ටර් කියලා කිව්වා. ඒ වෙලාවේ ඩොක්ටර් දුවෙක්ද පුතෙක්ද කියලා ඇහුවම තමයි මට ඒක මතක් වුණේ. ඊටපස්සේ ඩොක්ටර් ආ..... එහෙනම් මෙයාව මාරු කරලා වෙන බබෙක් දෙන්න කියලා විහිළු කරලා දුවව හෝදලා ආයෙ මගේ අතට දුන්නා. අනේ ඒ වෙලාවේ මට හරි සතුටුයි. හරියට මලක් වගේ මගේ අතේ තුරුළු වුණා.
20190702Nirosha-4
මේ දවස්වල චූටි දුවගේ වැඩ කරන්නේ කවුද?
මගේ අක්කයි, නංගියි තමයි අපි දෙන්නට උදව් කරන්නේ. මායි අසේලයි දෙන්නම L board නිසා අපිට තාම චූටි දුවගේ දේවල් නුහුරුයි. ඉතින් පැය දෙකින් දෙකට කිරි දෙන එක, රූ තිස්සේ ඇහැරිලා ඉන්න ක තවම අපිට නුහුරුයි. තාම හරියට වඩාගන්නවත් අපිට තේරෙන්නෙ නෑ. තාම එයා චූටියිනේ. ඉතින් මගේ නංගියි, අක්කයි උදව් කරනවා. ඒ හැමෝගෙම උදව්වෙන් අපේ චූටි දූ අපේ ලෝකය පිරෙව්වා. අක්කටයි, නංගිටයි එයාලගේ බබාලා ඉන්නවනේ. ඉතින් ඒ අයටත් මේ අලුත් අමුත්තිය හරිම සතුටක් ගෙනාවා. එයාලත් සැරෙන් සැරේට චූටි දුවව බලලා යනවා. ඒ ඔක්කොම පුතාලා. මගේ පවුලේ පළවෙනි දුව තමයි මේ. ඉතින් ඒකත් අපූරුයි. ඇත්තටම මගෙයි, අසේලගෙයි ජීවිතේ දැන් සතුටින් පිරිලා.
ඔන්න ඔහොම තමයි නිරෝෂා චූටි කෙලි පැටියා ගැන හදසරට කිව්වේ. චූටි පැටියා නින්දෙන් ඇහැරුණ නිසා නිරෝෂට පොඩ්ඩක් දූ ළඟට යන්න ඕන වුණා. තාම ගෙදරට ඇවිත් දවස් කීපයයි. ඒ නිසාම අපි අලුත් තාත්තා එක්කත් පොඩ්ඩක් කතා කළා.
අසේල තාත්තා කෙනෙක් වුණා. අපූරු අත්දැකීමක්. මොකද හිතෙන්නේ?
ඒකනම් වචනවලට කියන්න තේරෙන්නෙ නැහැ. මම තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත මොහොතේ දැණුන සතුටටත් වඩා නිරෝෂට දරුවා ලැබෙද්දි ඇති වුණ සතුට ගොඩක් වැඩියි. ඒ වෙලාවෙදි මට බොහෝ දේවල් මතක් වුණා. මගේ අම්මා, තාත්තා, මෙයාගේ අම්මා, තාත්තා මේ විදිහටම ඉන්න ඇති නේද කියලා හැඟීම මට දැනුණා. ඒ ගැන හිතද්දිත් අදටත් මගේ ඇස්වලට කඳුළු එනවා. ඇත්තටම ඒක වචනවලින් කියන්න මට තේරෙන්නෙ නැහැ.
20190702Nirosha-5
අසේල ආසාවෙන් හිටියේ දුවෙක්ටදපුතෙක්ටද?
මගේ ආසාව වෙලා තිබුණේ මුලින්ම පුතෙක්ටයි. හැබැයි නිරෝෂා ආසාවෙන් හිටියේ දුවෙක්ටයි. එයා හැමවෙලාවෙම කිව්වේ දුවෙක් ඉපදුනාම මට ඕන විදිහට මම ලස්සනට අන්දවනවා. මම වගේ මෙයාව හදනවා. මෙයාව නටවනවා කියලයි. ඉතින් ඒ අසාවට, බලාපොරොත්තුවට පුතෙක්ව ගේන්න මට හිතුණේ නැහැ. ඉතින් නිරෝෂගේ ආසාවම මමත් මගේ ආසාව කරගත්තා. නිරෝෂාට බබා ලැබෙන්න ඉන්න කාලෙදිත් මම පුළුවන් වෙලාවට මගේ යාළුවෝ හම්බවුණා. හැබැයි මෙයා හොස්පිට්ල් එකේ ඉද්දි අඩුමතරමේ මට යාළුවෙක්ට කතා කරන්නවත් හිතුණේ නැහැ. මම හැමවෙලේම උත්සාහ කළේ මෙයා ළඟ ඉන්නයි. මට ලොකු වගකීමක් එකතු වුණා. ඇත්තටම මම ඒ වගකීම හොඳට දරනවා. ඒක මම කරන්නේ හරිම ආසාවෙන්. චූටි දුවව මුලින්ම අතට දෙද්දි මට හිතාගන්නවත් බැරි වුණා. මම ඒ දවස්වල නිරෝෂාට කිව්වේ සුරංගනාවි කියලයි. ඉතින් ඒ සුරංගනාවි මට චූටි සුරංගනාවියක් තෑගි කළා.

► Text - Dishani  
20190702Nirosha-120190702Nirosha-3


Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot