Skip to main content

මම මිසුසික් වීඩියෝ නම් කරනවා අඩුයි

2019-05-27-ent-1942
‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. නමින් දුෂේනි සිල්වා වන ඇය පුංචි තිරයේද ජනප්‍රියත්වයට පත්ව තිබේ. සිය කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘සාරවිට’ තරු කතාබහට සම්බන්ධ විය.

මේ දවස් වල වැඩකටයුතු කොහොමද?2019-05-27-ent-1943
පහුගිය කාලේ නම් වැඩ ටිකක් නිසා කාර්යය බහුල වෙලා හිටියා. ඒ හිරු ටීවී නාලිකාවේ විකාශය වුණු සිද්ධාර්ථ ගෞතම් ටෙලි නාට්‍යයයත් එක්ක. ඊට පස්සේ පොඩි විවේකයක් ගත්තා. මොකද මම ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා දායක වෙන්න ඉන්නවා. මොකද ඇඟ පොඩ්ඩක් හැඩ කරගන්න වගේම රංගන පොඩ්ඩක් හදාරන්න සහ නර්තනය ගැන ඉගෙන ගන්නයි. මේ දවස්වල ටෙලි නාට්‍යය බාර ගත්තෙත් නැහැ බාර ගන්නෙත් නැහැ.

දැනට ටෙලි නාට්‍යය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
දැනට 05 කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම මුලින්ම දායක වුණේ සිරස ටීවී එකේ ආදරේ %ආදරේ ගින්දරක්^ ටෙලි නාට්‍යයට. ඊට පස්සේ හිරු ටීවී එකේ %නිසල සඳ ඔබ^, සිරස නාලිකාවෙන්ම කරන ඇප් එකකට කලා %සංචාරකයා^, හිරු ටිවී එකේ "සිද්ධාර්ථ ගෞතම්" සහ ජාතික රූපවාහිනියේ "රැජින" කියන නාට්‍යය කලා.

චිත්‍රපට සඳහා දායක වුණේ නැත්තේ ඇයි?
මට පහුගිය කාලයේ චිත්‍රපට කිහිපයටක ආරාධනා ලැබුණා. හොඳ අධ්‍යක්ෂක වරුන්ගේ යටතේ තියෙන චිත්‍රපට කිහිපයක්. නමුත් ඒ දීපු චරිත වලින් මට මුලින්ම එන්න තරම් කරන්න දෙයක් ඒ චරිත වල තිබුනෙ නැහැ. ඒ චිත්‍රපට වලට සහභාගී නොවී හිටියේ ප්‍රධාන චරිතයකින් දෙයක් කරන්න තියෙන චරිතයකින් චිත්‍රපටය වලට එන්න ඕනේ නිසයි.

අඩු කාලයකින් ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
මම දැන් කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු තුනක් විතර තමයි වෙන්නේ. ඒ කාලේ ඇතුලත මම කරපු වැඩ ගැන සැහීමකට පත්වෙනවා. මම හිතනවා මීට වැඩිය වැඩක් ලංකාවේ කරන්න පුළුවන් කියලා හිතෙනවා. ටෙලි නාට්‍යය කලාවට වැඩිය චිත්‍රපට පැත්තෙන් ගත්තාමයි. මට මං ගැන හැඟෙන දේ අනුව මීට වැඩිය දෙයක් කරන්න තිබුණා කියලා මට හිතෙනවා. මම සමහර තැනවලදී පෞද්ගලික පසු බෑමකට ලක් වුණා. වෙන වෙන දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න ගිහින්. ඉතිං ඉස්සරහට හොඳ දෙයක් වෙයි කියලා හිතනවා.

මියුසික් වීඩියෝවල දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි?
ඇත්තටම මම මිසුසික් වීඩියෝ නම් කරනවා අඩුයි. මම වැඩියෙන්ම කරලා තියෙන්නේ ටෙලි නාට්‍යය. මම ඇත්තටම කාලය ගෙවන්න කැමති චිත්‍රපටයක් එක්ක කියලයි හිතන්නේ.

කලාව තෝරා ගත්ත එක හොඳයි කියලා හිතෙනවාද?
පොඩි කාලේ ඉඳන්ම හිතලා කලාව තෝරා ගෙන ආපු එකක් නෙවෙයි. මට ඇත්තටම ඒක වුණේ අහම්බෙන්. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙලා එකින් එක අවස්ථාවන් ලැබිලා ආව ගමනක් තමයි මේ තියෙන්නේ. මම ගණකාධිවරියක් වෙන්න තමයි හිතන් හිටියේ. ඒ දේවල් ටිකක් නතර වුණා මේ කලාවට ආපු නිසා. මොකද කලාවට ආපුවම හැමෝගේම ආදරය, රසිකයන්ගේ පිළිගැනීම වගේ දේවල් ලැබෙන කොට කලාව හොඳයි කියලා හිතුනා. කලාව තෝර ගත්ත එක දෛවයයෙන් සිද්ධ වුණ දෙයක්. ඉතිං මං ඒකට කැමතියි.

කලා ක්ෂේත්‍රය ගැන මතුපිටින් බලන ඕනෙම කෙනෙක් කරන චෝදනාවක් තමයි "හරි නැහැ" කියන එක?
කලාව හරි නැහැ කියන මං හිතන්නේ හැදිලා තියෙන්නේ ලංකාවේ මිනිස්සු කලාවට ආදරය කරන විදිහ සහ කලාකරුවන්ට ගරු කරන අනුවයි. වෙන රට වල නළු නිළියන්ට, අධ්‍යක්ෂකවරුන්ට මිනිස්සු හරි ආදරෙයි. ඔවුන්ට ගරු කරනවා. නමුත් ලංකාවේ ඒක අඩුයි කියල මට හිතෙනවා. ඒක වෙලා තියෙන්නේ සමහර නළු නිළියන් විසින් ක්ෂේත්‍රය පහලට දමා තිබෙන නිසා. මොකද අපි තත්ත්වයක් හදාගෙන තියෙනවා. ඒක තනි තනියෙන් හැමෝම හදා ගත්තොත් තමයි හැමෝටම එක පාර හැදෙන්නේ. ඒක නිසා ලංකාවේ කලාව හොද නැහැ නෙමෙයි. ලංකාවේ කලාව හොඳයි. ලංකාවේ කලාවේ අනාගතයක් හොඳට හදන්න ඕනේ කියලා මම හිතන්නේ.

වෙන ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව කලාකරුවන්ට ගරු කරන ප්‍රමාණය අඩු වෙන්නේ ඇයි?
අද මේ කලා ක්ෂේත්‍රය තුළ ගැහැණු ළමුන්ට තියෙන අවස්ථාවන් ගොඩක් වැඩියි. ගැහැණු ළමයින්ට එන්න හරි ලේසියි. හැබැයි රැඳෙන්න හරි අමාරුයි. එන්න තියෙන අවස්ථාවන් නිසා වෙන්න ඇති ගරු කිරීම අඩුවෙන්නෙත්. එක මූණක් අපි එකපාරකට වඩා දකින්නෙත් නැහැ. එතකොට ඇයට නිළියක් කියලා ගරු කිරීමක් එන්නේ නැහැ. ඒ කාලේ හිටපු මාලනී ෆොන්සේකා මහත්මියට, නීටා ප්‍රනාන්දු මහත්මියට ඒ ගොල්ලන්ට අදටත් ගරු කරනවා. කලාවේ අතීතයට ගරු කරාට, අනාගතයට ගරු කරන්නේ නැත්තේ ඒකයි. සමාජ මාධ්‍ය වල Models, Actress, Actor කියලා ජාතියක්. හරිම ලේසියි ප්‍රසිද්ධ වෙන්න. ඒ නිසා තමයි මිනිස්සු හරියට ඒ වැඩේ කරන අයටත් ගරු කරන්නේ නැත්තේ. රඟපානවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපි මෙතනට එන්න ගොඩක් දේවල් ලඟා කරගන්න ඕනේ. ඇතැම් අය කරන කියන කාරණා නිසා තමයි මේ ගරු කිරීම නැත්තේ.

පිරිමි අයත් මේ ක්ෂේත්‍රයට එනවා අපි දකිනවා, ඇයි කාන්තාවන්ට එන්න ලේසියි කිව්වේ?
මං දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ටෙලි නාට්‍ය වල සහ චිත්‍රපට වල හැම තිස්සෙම ලබන්නේ ප්‍රසිද්ධියක් තියෙන නළුවෙක් එක්ක අලුත් ගැහැණු ළමයෙක්ව දාන්නයි. මම ඒ දේ ගොඩක් දැකලා තියෙනවා. මම ඒකට හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. අධ්‍යක්ෂකවරයා හෝ නිෂ්පාදකවරයා තමයි දන්නේ. ඒ අය හැම තිස්සෙම බලනවා ගෑණු ළමයව අලුත් කරන්න. ඉන්න නිළියන්ට තැනක් හදා ගන්න අමාරුයි. මොකද හැම නිර්මාණකම අලුත් මූණක් එන නිසා. ඒ නිසා ගැහැණු ළමුන්ට එන්න ලේසියි නමුත් රැඳෙන්න බැහැ. පිරිම ළමයින්ට එන්න එච්චර ලේසි නැහැ. ඒ මං දකින විදිහ. ඒකට හේතුව මොකකද් කියලා මං දන්නේ නැහැ.

මේ කාරණා නිසා දෙමව්පියන් කියන්නේ නැද්ද ඉගෙන ගත්ත දේවල් වලින් දෙයක් කරා නම් හොඳයි කියලා?
ගෙදරින් නම් ඉස්සර මට හරියට බැන්නේ ඉගෙනීමේ කටයුතු හරියට සම්පූර්ණ කලේ නැහැ කියලා. හැබැයි දැන් නම් මගේ වැඩවලට අම්මයි තාත්තයි දෙන්නම සහයෝගය ලබා දෙනවා. අම්මත් එක්ක තමයි මම ශූටින් වුණත් යන්නේ. මම දැන් අවුරුදු තුනක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා මේකට ආවට පස්සේ මට හිතෙනවා මගේ අධ්‍යාපන කටයුතුත් සම්පූර්ණ කර ගත්තා නම් හොඳයි කියලා.

ඉදිරියේදී තියෙන ලොකුම බලාපොරොත්තුව?
මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒක ගැන දැන්මම කියන්න බැහැ. ඉදිරියේදී ඒ ගැන කියන්නම්.

ඩිලාන් ක්‍රිෂාන්ත

2019-05-27-ent-1941 

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot