Skip to main content

හැරී පොටර් සිනමා විශ්වයට අලුතින් සිනමාපට 5ක්

පුංචි කාලේ අපි බොහොම ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක් තමයි හැරි පොටර් කියන්නෙ. ඉතින් මේ කියන්න යන ප්‍රවෘත්තිය හැරී පොටර්ට ආදරය කරන ඔයාලා හැමෝටම බොහොම සතුටුදායක ආරංචියක් වෙන බවනන් නොඅනුමානයි. හැරි පොටර් සිනමා විශ්වයට එක්වන නවතම සිනමා පටය තමයි Fantastic Beasts and Where to Find Them කියන්නෙ.
ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තිබුණු මාධ්‍ය හමුවකදී හැරි පොටර් කතා මාලාවේ නිර්මාතෘ J.K.Rowling කියලා තියෙනවා තවත් චිත්‍රපටි 5ක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන බව.
imax-fantastic-beasts-and-where-to-find-them-ad
eddie-redmayne-in-fantastic-beasts-2016-lu
කෙසේ වෙතත් ආරම්භයේදී, හැරි පොටර් සිනමා විශ්වයට එකතුවන නවතම චිත්‍රපට මාලාව චිත්‍රපට ත්‍රිත්වයක් විදිහට එළිදක්වන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් මෙම නවතම ආරංචි වලට අනුවනන් පේන්නෙ රෝලින්ග්ගේ මායාකාරී ලෝකයේ සාර්ථකත්වය ගැන චිත්‍රපට මාලාව බෙදාහරින වෝනර් බ්‍රදර්ස් සමාගම තුළ දැඩි විශ්වාසයක් තිබෙන බවයි. ඇය මේ වන විටත් දෙවන චිත්‍රපටයේ කතාව ලියා අවසන් බවත් සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සටහන් කර තිබුණා.
fantastic-beasts-and-where-to-find-them-poster-1
අනාගත චිත්‍රපට මාලාව ගැන අදහස් දක්වමින් J.K.Rowling කියා තිබුණේ මෙය ප්‍රධාන වශයෙන්ම ඇල්බස් ඩම්බල්ඩොර් සහ පොත් මාලාව තුළදී වැඩි යමක් සඳහන් නොවුණු ග්රින්ඩ්ල්වොර්ල්ඩ් වටා ගෙතී ඇති බවයි. මොවුන් දෙදෙනා අතර 1945දී ඇතිවූ මහා සටන පිළිබඳව හැරි පොටර් පොත් පෙළෙහි සඳහන් වුණා ඔයාලට මතක ඇති. හැබැයි චිත්‍රපටි මාලාවේ මේ ගැන වැඩි දෙයක් දකින්න ලැබුනේ නෑ. ඉතින් මේ ඉතිහාසගත කතාව වඩා සවිස්තරව දැක බලා ගන්න හැරි පොටර් රසික ඔබ සැමට මේ අළුත් චිත්‍රපට 5ත් සමගින් අවස්ථාව උදාවෙනවා.
fantastic-beasts-and-where-to-find-them-movie-4k
demiguise-fantastic-beasts-and-where-to-bind-them-image
mv5bmjmxotm1oti4mv5bml5banbnxkftztgwode5otyxmdi-_v1_uy1200_cr9006301200_al_
Harry Potter and the Cursed Child යනුවෙන් පසුගිය ජුලි 31වනදා වේදිකා ගත කළ නාට්‍යයේ සහ ඊට පසු දින ප්‍රකාශයට පත් කළ තිර නාටකයේ අසීමිත ජනප්‍රියත්වය මගින් සනාත වූයේ 1997දී මුල් වරට සම්ප්‍රාප්ත වූ මේ තරුණ කොලුගැටයා සහ ඔහු ගණුදෙනු කළ මායාකාරී ලෝකයේ ජනප්‍රියත්වය තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇතිවූ බවයි. Fantastic Beasts and Where to Find Them චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 18 වැනිදා සිට ලොව පුරා සිනමාගමනය අරඹන අතර මුල් චිත්‍රපට මාලාවටද දායකත්වය සැපයූ David Yates මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරයි. The Theory of Everything තුළින් සම්මානනීය වූ Eddie Redmayne මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. එසේනම් යළිත් වරක් මායාකාරී විශ්වයේ සැරිසරන්නට සැරසෙන්න.
curesd-child

source: SIRA

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot