Skip to main content

Game of Thrones පැරදවූ Westworld

ලොව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ Game of Thrones කතා මාලාව මේ වන විටත් ක්‍රමයෙන් එහි අවසානයට ළඟා වෙමින් පවතින නිසා මීළඟට HBO නාලිකාව එහි අඩුව පිරවීමට කුමක් කරත්දැයි බොහෝ දෙනෙක් තුළ කුතුහලයක් පැවතුණි. නමුත් මේ වනවිටත් ඒ සඳහා පිළිතුරක් ලැබී අවසන්ය.
බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටි Westworld ටෙලි කතා මාලාව පසුගිය ඔක්තෝබර් 2 වනදා විකාශය ආරම්භ කළේ මිලියන 3.3 කට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කර ගනිමිනි. මෙය HBO නාලිකාවේ මාලා නාටකයක එතෙක් මෙතෙක් වැඩිම පිරිසක් නැරඹු ආරම්භක කොටස බවට පත්වුයේ මීට පෙර True Detective (2.33 million), Vinyl (1.4 million) සහ Game of Thrones (2.2 million) තබා තිබු වාර්තාවන් අබිබවමිනි.
මෙය HBO නාලිකාව ලබාගත් විශාල ජයග්‍රහණයක් වන්නේ ඔවුන් Game of Thrones කතා මාලාවට අනුප්‍රාප්තිකයෙක් සොයමින් සිටි බැවිනි. දිගින් දිගටම ප්‍රමාදවූ නිෂ්පාදන කටයුතු වලින් පසුව ඉතා ඉහළ පිරිවැයක් දරමින් නිර්මාණය කළ මෙම කතා මාලාවේ මුල් කොටස සඳහා පමණක් ඩොලර් මිලියන 25ක් වැයවි ඇත. කොටස් 10ක් අඩංගු සමස්ත පළමු කතා සමය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 100ක් පමණ වැයවී ඇතැයි වාර්තා වේ.
westworld-season-1-hd-wallpaper-widescreen-i2161543
westworld-season-1-wallpaper-gallery-picture-1mrq1sya
1973දී මයිකල් ක්‍රිච්ටන් විසින් තිර රචනා කළ එනමින්ම යුතු චිත්‍රපටයක් ඇසුරෙන් නිමවූ Westworld කතා මාලාව මේ වනවිට IMDb දර්ශකයේ 9.2 ක අගයක් ලබාගැනීමට සමත්වී තිබේ. Drama, Sci-Fi, Western යන කාණ්ඩයන්ට අයත් මෙම කතා මාලාව ගෙතී ඇත්තේ අනාගත විනෝද උද්‍යානයක් වටාය. මෙයට ඇතුළු වන සංචාරකයන්ට ලිංගික ක්‍රියාවන්ගේ සිට මිනීමැරුම් දක්වා ඕනෑම ක්‍රියාවක් සිදුකළ හැක. Yul Brynner, Richard Benjamin, James Brolin ඇතුළු ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවන මෙය Jurassic Park ඇතුළු අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂනය කළ Michael Crichtonගේ ප්‍රථම රූපවාහිනි ආගමනයයි.

rodrigo-santoro-1920x1280-2016-tv-series-westworld-2085

160730-westworld-news
westworld-103-3
source: SIRA

Popular posts from this blog

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

මට කවුරු සමගවත් තරඟයක් නැහැ

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. තවමත් අධ්‍යාපනය හදාරන ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සංජානාට අප ‘සාරවිට’ කතාබහට ඇයව සම්බන්ධ කරගත්තා. ඔබ ගැන හඳුන්වා දුන්නොත්? මගේ නම සංජානා ඔනාලි. මමයි අම්මායි තාත්තයි නංගි තමයි පවුලේ ඉන්නේ. නංගි තවම පාසල් යනවා. මට වයස අවුරුදු 22යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා. ඊට අමතරව මම පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. නිරූපණයට සම්බන්ධ වෙලා කොපමණ කාලයක් වෙනවාද? ගිය අවුරුද්දේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි මොනවද දායක වෙලා තිබෙන නිර්මාණ? බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා. ටී.වී කමර්ෂල් රැසක් කරලා තිබෙනවා. ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. හැබැයි තවමත් විකාශය වෙලා නැහැ. මියුසික් වීඩියෝවලට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. දායක වුණු ටෙලි නාට්‍ය ගැන කිව්වොත්? ටෙලි නාට්‍යයයේ නම ‘අභි’. තවම විකාශය ඇරඹුවේ නැහැ. රූ ගත කිරීම් අවසන් වෙල...

Dinesha Dissanayake Photo Shoot