Skip to main content

ඇඹිලිපිටිය පොලිසිය වගේ මහවිලච්චිය පොලිසියත් නිවෙසකට පැන යකා නටලා


තන්තිරිමලය පොලිස් බල ප්‍රදේශයේ ඇති වන්නිහැලඹවැව, ‘වැල්මල්ගම’ ගම්මානයේ නිවෙසකට කඩාවැදුණු මහවිලච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇතුළු පිරිසක් නිවැසියන්ට පහරදී දේපළ හානි කළ බවට වැල්මල්ගම ගම්වාසීහු චෝදනා නඟති.
ඉකුත් 25 වැනිදා බ්‍රහස්පතින්දා රාත්‍රි 8.30ට පමණ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස තම පියාගේ සිල්ලර වෙළෙඳසලට හානිකොට ගිනි තබා, වයස අවුරුදු 65ක් වන පියාට, සුජීව මධුසංඛ යන තම සහෝදරයාට සහ තමන්ට බිම දමා පහරදී තුවාල සිදුකළ බව වැල්මල්ගම පී.බී. රුවන් චාමර බණ්ඩාර පැවැසීය.
පහරදීම හේතුවෙන් පී.බී. පුංචි බණ්ඩා යන අය රෝහල් ගතකොට ඇති බවත් වෙළෙඳසලට සහ යතුරුපැදියට ගිනි තැබීම මඟින් සිදු වූ හානිය රුපියල් ලක්ෂ තුනක් පමණ වන බවත් ‘වැල්මල්ගම’ ගම්වාසීහු පවසති. මහවිලච්චිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් කිහිපදෙනකු සහ මහවිලච්චිය පොලිස් බල ප්‍රදේශයේ බණ්ඩාරගම ගම්වාසීන් පිරිසක් මේ පහරදීම සඳහා පැමිණි බව ගම්වාසීහු පවසති. මෙසේ පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු නිල ඇඳුමින් පැමිණ ඇති බවත් ගිනි තැබීම සඳහා භාවිත කළ පෙට්රල් පොලිස් කැබ් රියෙන් ගෙන ආ බවටත් ගම්වාසීහු චෝදනා කරති. අදාළ සිදුවීම පිළිබඳ පැමිණිල්ල භාරගැනීම තන්තිරිමලය පොලිස් ස්ථානය ප්‍රතික්ෂේප කළ බවද ඔවුහු කියති.
මේ සිදුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා දුරකතන අංක 0252223322 මඟින් මහවිලච්චිය පොලිස් ස්ථානය අමතා අදාළ අවශ්‍යතාව දැන්වූ විට මොහොතක් රැඳී සිටින ලෙස දන්වා දුරකතනය විසන්ධි කරන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවැසුවේ සිදුවීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් තම කාර්යාලය වෙත මෙතෙක් ලැබී නොමැති බවය.

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot