Skip to main content

බිලියන 149 ක සුපිරි විවාහ උත්සවය

අද කාලෙ වෙඩින් එකක් ගන්නවා කියන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙයිනෙ. ලක්ෂ ගාණක් වියදම් වෙන වැඩක්. ලක්ෂ කීයක් වියදම් වුනත් කෝටි ගානක් වියදම් වෙන්නෙ නම් නැහැනෙ ඉතිං. හැබැයි මේ කියන්න යන වෙඩින් එකට නම් කෝටි ගණන් නෙවෙයි බිලියන ගානක් වියදම් වෙලා. හරියටම කියනවා නම් රුපියල් බිලියන 149 ක්. ඇස් උඩ ගියාද?
රුසියාවේ මොස්කව් නුවර පැවති මෙම විවාහ උත්සවය එරට බිලියනපතියෙකුගේ පුතෙක්ගේ විවාහ උත්සවයක්. 28 හැවිරිදි Gutseriev මෙසේ විවාහ වූයේ 20 හැවිරිදි Khadija Uzhakhovs සමගිනුයි. මේ විවාහයට මේ තරම් මුදලක් වියදම් වුනේ ඇයි කියලා හිතනවා නම් ඒකට හේතු රැුසක්ම තියෙනවා. විවාහ උත්සවය රසවත් කරන්න ආපු ගායකයෝ අපි මෙහේ ටිකට් ගහලා මාස ගානක් ටීවී ඇඩ් දාලා අමාරුවෙන්වත් ගෙන්න ගන්න බැරි ගායක ගායිකාවන් තමයි මේ විවාහයට ඇවිත් හිටියේ. ඒ තමයි සුපිරි ගායක යුවලක් වන Jennifer Lopez හා Enrique Iglesias.
බොර තෙල් ව්‍යාපාරිකයෙකු වන මෙම තරුණයාගේ පියා සතුව ඇති ධනස්කන්ධය ඔබට හිතාගන්නත් අමාරු ඇති නේද. විවාහය පැවැත්වුන උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම හැඩගැන්වා තිබුනේ ස්වාභාවික මල් වලින්. ඒ වගේම තමයි ඉතා සියුම් අලංකාර විදුලි බුබුළු ලක්ෂ ගණනාවක් මේ විවාහ උත්සවය වෙනුවෙන් දැල්වුනා.
මනාලියගේ ඇදුමට පමණක් රුපියල් කෝටි 3 ක වියදමක් දරා ඇති මෙම විවාහ උත්සවයේ මනමාලියට එහා මෙහා යාමට කිහිප දෙනෙකුගේම උදව් උපකාර ගැනීමට සිදුවුනේ එම මංගල ඇදුම වැඩි බරකින් යුක්ත වීම නිසයි.






Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot