Skip to main content

චතු පබාට ටෙලි නාට්‍යට ගොඩක්

මේ දිනවල විකාශය වන සඳුන් රාජකරුණාගේ 'උතුම් පැතුම්' ටෙලි නාට්යුයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර, ජනප්රිලයව සිටින චතුපබා දිල්හාර නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියක බවට පත්ව සිටියි. මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්ර්යට අවතීර්ණ වූ චතූපබා දැනට ටෙලි නාට්යක, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා රැසකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින ඇය සමග මෙවර 'සාරවිට' අපි කතාබහ කළේමු.
"මේ දිනවල ටෙලි නාට්යම කිහිපයකම රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා.ඒ අතර තවමත් විකාශය වන සිරස නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්යායේ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'අංකල් සෑම්' ටෙලි නාට්යීවල මම රඟපානවා. මේ ටෙලි නිර්මාණවලට අමතරව මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්යෙ කිහිපයක්ම ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට සමන් කුමාරගේ 'එරන් ලන්දු' හා අනුර ධනන්ජිත්ගේ 'දහස් පෙති' කියන ටෙලි නාට්යද ඉතා ඉක්මනින් විකාශය වෙන්න පුළුවන්. ඒ අතර මම සුමුදු වෙල්ලාලගේ තවත් ටෙලි නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඉදිරියේදී නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන චිත්රයපට කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් යන නිසා දැන්ම ඒ ගැන සඳහනක් කරන්න බැහැ." 
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්ර හය - චතුගේ ෆේස්බුක් පිටුවෙන්

Popular posts from this blog

ගායන ශිල්පිණි ටීෂා ඇමරිකාවේදී රිය අනතුරක

ටීෂා කියන්නෙ අපේ රටේ කාලයක් ජනප්‍රිය ගායිකාවක් වෙලා හිටියා. එත් පස්සෙ ටීෂා ලංකාව අතහැර විදේශ ගතවුණා.  පසුගියදා ඇමරිකාවේ Hagerstown නගරයේදී ටීෂා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් ඇයට ලොකු හානියක් සිදුවී නැති බවත් ඇය රෝහල්ගත කළ මොහොතේ උදව් කළ අය ගැනත් ටීෂා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.  ඇය ගමන් ගත් මෝටර් රථය පහතින්..

මල්වර දියණිය වෙනුවෙන් කල යුතු නිවැරදි චාරිත‍්‍ර මෙන්න - මිත්‍යාවට එහා ගිය දෙයක් ද?

එදා අපේ සමාජයේ දැරියක් වැඩිවියට පත්වීම සැලකුවේ මංගල්‍යයක් ලෙසයි. එදින රතිඤ්ඤා හඩ, රබන් හඩ නොඅඩුව ඇසුණා. පවුලේ සාමාජිකයන් නෑදෑ හිතවතුන් එක්රොක් වූයේ අලූත් ජීවිතයක් ඇරඹූ තරුණ දියණියගේ මුහුණ බලාගැනීමට. ඒ විතරක් නෙවෙයි හැමෝම ඇයට මුදලින් වගේම විවිධ භාණ්ඩවලින් තෑගි පිරිනැමුණා. මේ තරුණ දියණියත් අමුත්තන් සමග එකතු වුණේ ආඩම්බරය සහිත අසීමිත සතුටකින්. අද සමාජයේ ග‍්‍රාමීයව පමණක් නොව නාගරිකවද මෙවැනි මල්වර මංගල්‍ය උත්සව ජයටම පවත්වන අවස්ථා නැත්තේම නැහැ. එහෙත් එදා සමාජය වගේ නෙවෙයි බොහෝ සිරිත් විරිත් අද ගිලිහී ගිහින්. මල්වර වූ දැරියක් කිසිදු විශේෂත්වයකින් තොරව ස්නානය කොට සාමාන්‍ය පරිදි පාසල් යැවීමට හෝ එදිනෙදා කටයුතුවලට නිරත වීමට ඉඩකඩ සලසාදෙන අවස්ථාවන් ද මේ අතර වනවා. එමෙන්ම සමාජයේ සමහර පිරිස් මල්වර චාරිත‍්‍ර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වා එය සාදයක් ලෙස පමණක් උද්දීපනය කිරීමට උත්සාහ කරනවා. ඇත්තටම මල්වර චාරිත‍්‍ර කියලා කියන්නේ මොනවාද? මල්වර චාරිත‍්‍ර කඩවීමෙන් මල්වර වූ දැරියගේ ජීවිතයට බලපෑමක් එල්ල කරන්නේද? යනාදී ගැටලූ කිහිපයක් මෙහිදී පැන නගිනවා. මල්වර චාරිත‍්‍ර නියමාකාරයෙන් ඉටුනොවීමෙන් ඇයට ඇතිවිය හ...

Dinesha Dissanayake Photo Shoot